නිවටයෙක් ....වෙලා, පොල්ලයෙක් ......ති වුනාම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමඟ මත්පැන් හල් විවෘත කිරීමට කිසිදු තීරණයක් කොරෝනා මර්ධනය සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

    එවන් තත්වයකදී සුරාසැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තම සංගමයට ද විශාල ගැටළුවක් එයිද සංගමයේ මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවසීය.

    මේ අතර මෙම කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අනෙකුත් වෙලද සැල් වසා තිබියදී මත්පැන් හල් පමණක් විවෘත කිරීමේ කිසිදු පදනමක් නැති බවයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට මත්පැන් හල් විවෘත කිරීමේ හෝ වැසීමේ හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    ජනතා ඒකරාශී වීමට ඉඩදීම මගින් කොරෝනා පාලනය සඳහා අප යන්නට සැරසෙන්නේ කොයිබටද?

    අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.

    මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.

    කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක්‍ රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

    මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.

    අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

    අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
    ------ Post added on Sep 19, 2021 at 1:09 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    241207606_877864519514261_3372444918067351186_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට නෝමල් කරන්ඩ ඕන තමයි , හැමදාම හැම එකම වහන් ඉන්ඩ ඕන නැ..කලකන්නි ගුපියො සදාකල් වහන් ඉදල රටට කෙලින්ඩ බලන් ඉන්නව කියන එක කවුරුත් දන්නව..
     
    • Dislike
    Reactions: yapa100

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    රට නෝමල් කරන්ඩ ඕන තමයි , හැමදාම හැම එකම වහන් ඉන්ඩ ඕන නැ..කලකන්නි ගුපියො සදාකල් වහන් ඉදල රටට කෙලින්ඩ බලන් ඉන්නව කියන එක කවුරුත් දන්නව..
    🤭 🤭


    ------ Post added on Sep 19, 2021 at 9:05 PM