ඔන්ලයින් හොටෙල් බුක් කිරීමේ බද්ද 20.5% දක්වා ඉහලට❤️

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    හැකර්ට ගෙවපුවා හොයාගන්නත් එපැයි...

    002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි.

    ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

    එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතයි.

    මෙය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය මේ වසර දක්වා කල්දැමුණා.

    සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙම වැට් අය කිරීමට යටත් වනවා.

     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,835
    10,986
    113
    35
    Spain
    මාරි මෝල් තීන්දුවක්. ටුවරිසම් වැටිලා තියෙද්දී බදු ගහනවා. මෝඩ හැත්තක් නේ. ඩුබායි දැන් උන්ගේ රෙස්ට්‍රික්ෂන් අඩු කරගෙන යනවා. එකට මෙහෙ මොල්ලු.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,527
    1
    3,552
    113
    Earth
    1. රජ්යය ආදායම් වැඩි කිරීම ✅
    2. දූශනය / නාස්තිය අවම කිරීම ❌


    2 ගැන තා ටිකක් හිතලා අවම කරානම්, සමහර බදු අඩු කරගන්න පිලුවන් කියලා මීට අවුරුදු ගානකට කලින් විපක්ශේ හිටපු සෙට් එකක් කෑ ගගහා කිව්වා මතකයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    Good Job. 🙏🏼

    ආර්ථික දියුණුවට බදු ක්‍රමය සරල වෙන එක හොඳ වැඩක්. VAT වැඩි වෙලත් සම්පූර්ණ බද්ද වැඩි වෙන්නෙ නෑ කියන එක තැරි මෝඩ බයියන්ට තේරුම් කරන එක රට දියුණු කරනවට වඩා අමාරුයි. 😂




    ආ තව පොනිලුත් මේක කරන්න හිටියෙ. කටින් 😹