රටවල් හතළිහකට ලංකා වීසා නොමිලේ

6h057

Well-known member
  • Nov 19, 2024
    2,280
    2,186
    113
    Tokyo, Japan
    රටවල් හතළිහක් සඳහ වසරක කාලයකට නිදහස් ගමන් බලපත්‍ර ලබා දෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්.ඒ අනුව ආගාමික විගාමික පනත සංශෝධනය කර රටවල් 40 කට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත්තා.

    මේ ක්‍රමය මාස හයකින් පසු සමාලෝචනය කර තවදුරටත් පවත්වාගෙන යනවාදැයි තීරණය කරන බව අමාත්‍යවරයා කීය.

    ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, බහරේන්,බෙලරූස්,බෙල්ජියම, කැනඩාව,චීනය,චෙක් ජනරජය, පින්ලන්තය, ප්‍රංශය,ඉන්දියාව ඉංජිනීසියාව, ප්‍රංශය,ජර්මනිය ,ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, කසකස්ථානය, කුවේට්, මැලේසියා, නේපාලය, නෙදර්ලන්තය,නවසීලන්තය,ස්වීඩනය, පකිස්ථානය, නෙදර්ලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව,ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් හතළිහක් සඳහා දින තිහක සංචාරක වීසා නොමිලේ ලබාදීම මෙමගින් සිදුවෙන බව අමාත්‍යවරයා කීය.

    "මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරන්නේ නැහැ.ඒ නිසා අප ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත් අනිවාර්ය කර තිබෙනවා.ඒ හරහා වීසා ලබා ගැනීමක් සිදු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Source