මාසික වැටුප රුපියල් ලක්ෂයක් ගෙවා, ගෙවත්ත රැක බලාගැනීම සඳහා යොදවා තිබූ විසිඅට හැවිරිදි මුරකරු, වෛද්‍යවරයාගේ නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් ඉදිකිරීම් උපකරණ, ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විදේශගතව සිටින වෛද්‍යවරයෙකුට අයත් ගුරුදෙණිය මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසේ ගෙවත්තේ මුරකරු වන මෙම සැකකරු වසරක පමණ කාලයක් තිස්සේ අවස්ථා ගණනාවකදී මෙම භාණ්ඩ සොරාගෙන ඒවා ගොඩනැඟිලි ඉදිකිරීම් ආයතනයකට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අනතුරුව ඒවායින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇත.
වෛද්‍යවරයාගේ විශ්වාසය දිනා ගනිමින් කාලයක් තිස්සේ ගෙවත්ත රැකබලා ගත් 28 හැවිරිදි සැකකරු මාස කිහිපකට පෙර හදවත් සැත්කමකට භාජනය වී තිබෙන අතර පෞද්ගලික රෝහලකදී එම සැත්කම සිදු කිරීම සඳහා අදාළ වෛද්‍යවරයා විසින් රුපියල් ලක්ෂ 46ක මුදලක් වැයකර තිබේ.
විවාහ වී වසර ගණනාවක් ගතව යන තෙක්ම දරුවන් නොමැති වීම නිසා නළ දරු උපතක් සිදුකර ගැනීම සඳහා සැකකරුගේ බිරිඳට වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 40ක මුදලක්ද ලබා දී ඇත.
ගෙවත්ත රැක බලාගැනීම වෙනුවෙන් මාසිකව ඔහුට රුපියල් ලක්ෂයක් මුදලක් වෛද්‍යවරයා ගෙවා තිබෙන අතර හදවත් සැත්කමින් පසු මාළිගාතැන්නේම පිහිටි ඔහුගේ නිවසේ සිට වෛද්‍යවරයාගේ නිවසට පැමිණීම සඳහා ඔහුට ත්‍රිරෝද රථයක් මිලට ගෙන දී තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
වෛද්‍යවරයාගේ හිතවතියක වන නුගේගොඩ පදිංචි 66 හැවිරිදි කාන්තාවකට තෙමහල් නිවස හා අක්කර 20ක් පමණ වන වත්ත පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍යවරයා දැනුම් දී තිබී ඇත.
ඒ අනුව මාසයකට වරක් නිවසට පැමිණ එක් දිනක් එහි ගත කරන ඇය පසුගිය දිනක පැමිණි අවස්ථාවේ නාන කාමරයේ උපකරණ කිහිපයක් නොමැති බව දැක ඇත.
ඉන්පසුව කළ සෝදිසි කිරීමේදී අනෙක් කාමරවලද භාණ්ඩ ගණනාවක් අස්ථාන ගතව තිබෙන බව දැකීමෙන් ඇය ඒ පිළිබඳව මුරකරුගෙන් විමසා තිබේ.
කවුරුන් හෝ ඒවා සොරාගෙන ඇති බව කියමින් මුරකරු තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. අදාළ කාන්තාව වෛද්‍යවරයාට වට්ස්ඇප් මගින් ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දී තිබේ. පස් කපන යන්ත්‍ර, පස් තලන යන්ත්‍ර, ජෙනරේටර්, වායු සමීකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක් ගබඩාකර තිබෙන කාමරය බිඳ එහි තිබූ රුපියල් කෝටි ගණනක භාණ්ඩ සොරාගෙන තිබෙන බව පසුව හෙළිවී ඇත.
වෛද්‍යවරයාගේ උපදෙස් මත කාන්තාවද තළාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ අනුව කළ විමර්ශන මගින් මුරකරු මෙම සොරකමට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.
ඔහුගේ ජංගම දුරකතනය හා නිවසේ සී.සී.ටී.වී පරීක්ෂා කිරීමෙන් පසු සියලු තොරතුරු අනාවරණය කරගත් පොලිසිය අදාළ භාණ්ඩවලින් කොටසක් සොයාගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජානකී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති පො.ප. නීතිඥ හේමාල් ලියනගේ මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. වතුලියද්ද, පො.සැ. වරුන් වන (47224) රණසිංහ, (8964) උපුල් යන නිලධාරීන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.