මූ බලපන්කො

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    මේක සිද්ධ වෙන්නෙ මුම්බායි වල, නම්බර එකේ දාමරිකයොන්ගෙ අගනුවර, එහෙ ඉන්නෙම ඉතිං හොස්ස ලඟින් මැස්සා යන්න බැරි මන්න පිහි උස්සගත්ත අයනෙ, ඉතිං මේ පොරත් එහෙමම ගටක් තියෙන එකෙක් තමා. පසුගිය මැයි 2දා, අවුරුදු 27 වුන මේ තරුණයා මුම්බායි හි රෝහලකට ඇවිත් තියෙන්නෙ නිකම් opd එකෙන් බෙහෙත් ගන්න වගෙවෙනසකට තියෙන්නෙ ඇඳගෙන හිටිය ඇඳුම් වැරහැලි වෙන්න ඉරිලා, දාර මන්න පිහියක් ඔලුවෙ ගහගෙන හිටිය එක. මේක සාමාන්‍ය වෙන්නෙ කොහොමද මිත්‍රවරුනි.
    🤧

    හැබැයි එක දෙයක් හිතාගන්න පුළුවන් මේ දරුණු ප්‍රහාරයට ඔහු අහු වුනේ එක්කො තනිවම ඉද්දි නැත්තම් ඔහුගෙ සගයො ඉතිරි වෙලා නෑ. කෝම වුනත් මෙච්චර අවදානම් අවස්ථාවක කම්පන දරාගැනීම හා පිහිය ඉවත් කිරීමට උත්සහ නොකර මොලේ කල්පනා කරල රෝහලට යාම , විශේෂයෙන් තනිවම තමන් විසින්ම, හිතා ගන්න අමාරුයි ගොඩක් වෙලාවට.
    පසුව ස්කෑන් පරීක්ෂණ වලින් හෙළිවුයේ තලය හිස්කබල පසාරු කරගෙන මොළයට අඟල් 1.5 පමණ ඇතුල් වී තිබුන බවයි. නමුත් තීරණාත්මක ප්‍රදේශ මඟ හැරී ඇති නිසා කථන හා මෝටර් ක්‍රියාකාරීත්ව නොවෙනස්ව ඇතිබවයි. ශල්‍ය කර්මයෙන් සාර්ථකව තලය ඉවත්කර දැන් ඔහු දැඩිසත්කාර ඒකකයෙම හොඳ වෙන අතට ඉන්නව කියලයි කියන්නෙ, මේ වෙනකොටත් පහර දීමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගත්තලු.
    ජීවිතේම තනි වුන එකෙක්ට තමන්ව ආරක්ෂා කරගන්න මෙච්චර මොරාල් එකක් එන එක එච්චර හිතන්න දෙයක් නෙවෙයි.. ඒත් ඒ වගේ පව්කාරයො අතරනම් ඉපදෙන්න පතන්න එපා මිත්‍රවරුනි

    695846070_1691156632312293_1193858828725694598_n.jpg
    695274185_1691156678978955_5304298835747047183_n.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    කොහෙද ඉතිං ඉන්දියාවේ ෆිල්ම්වල කොල්ලා පිහි ඇණුම් කාගෙන, වෙඩි කාගෙන 1000කට විතර ගහලා සිංදුවකුත් කියලා, ජෙට් එකකුත් පැදගෙන ගිහිල්ලා පකිස්තානෙටත් ගහලා, පැයකට කළින් හිමාල කන්දෙන් පල්ලෙහාට වැටුණු කෙල්ලව කන්දෙන් පැනලා බේරගෙන, උන් දෙන්නට වෙඩි තියන්න දුෂ්ටයා ආපු හෙලිකොප්ටරේට යන්න නොදී අත් දෙකන් අල්ලගෙන ඉන්න ගමන් තවත් 100කට විතර කකුල් දෙකෙන් ගහනකොට උඹලා හිනා උනා නේද? දැං තේරෙනවා නේද මෙහෙ නෙවෙයි ඉන්දියාවෙයි යක්ඛ පුත්තු ඉන්නෙ කියලා.