බිරිද රටින් පැනලා..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    කපිල චන්ද්‍රසේන මරණයට පොලිසිය අධිකරණයට දුන් වාර්තාවේ තොරතුරු එලියට... බිරිද රටින් පැනලා..
    ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.
    අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත. පොලිස් 'බී' වාර්තාවට අනුව, මරණය සිදුව ඇත්තේ එම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළය.
    මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
    මියගිය අය කොළඹ 07, ඛාන්ස් පෙදෙසේ පදිංචිව සිටි කපිල චන්ද්‍රසේන මහතා බවට මේ වන විට අනන්‍යතාව තහවුරු කරගෙන ඇත.
    මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සටහන් විශේෂඥයන් කැඳවීම, පොලිස් නිල සුනඛයන් යොදාගෙන සිදුකරන සෝදිසි කිරීම්, අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පියවර ගෙන ඇත.
    මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කටයුතු අවසානයේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය ගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.
    කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මෙවන විට විදෙස්ගත වී සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඇයටද මෙම ගුවන් යානා ගනුදෙනුවේ චෝදවා එල්ල වී ඇත.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,606
    8,292
    113
    නාන කාමරේ ඉතුරු කැඩුන ටයි පටිය තිබ්බා නම් මිනිය කොහොම ද සාලෙට ඇවිල්ලා පුටුවෙ ඔලුව තියා ගත්තේ?
     
    • Wow
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    - මරලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,155
    86,379
    113
    ආශ්චර්යමත් රටක
    කපිලට නඩු දාල අවුරුදු ගාණක් ගියා. තාම බැරිවුනා ඔය ගනුදෙනුව කරපු කාලේ තිබුන මයිනගේ එකවුන්ට් චෙක් කරන්න.

    මයිනගෙ කැම්පේන් එකට වියදම් කරල තියෙනව කියලා හොයාගෙනලු තියෙන්නෙ.

    තරිඳු උඩුවරගෙදර විඩියෝ එකක කිව්වෙ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,199
    12,748
    113
    🤍
    AAAAQUuRk_o7NRq_P_qHdAwRQ-YcDngVt_aDzW5KKXBB3dKAsSsj0yS5Cj71Y_UPXpYdnOJ2MdBgQputSgoXI_fpoGOeXfjxhMD8wNCWPVVBOhfmMbLOwAcbZLDO_ev85VUnyTReIEh6CzT9pzZqkrJW.jpg
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    කපිලට නඩු දාල අවුරුදු ගාණක් ගියා. තාම බැරිවුනා ඔය ගනුදෙනුව කරපු කාලේ තිබුන මයිනගේ එකවුන්ට් චෙක් කරන්න.
    එකඋන්ට් එකට නෙමෙයි නේ , මම දන්න විදියට මූ කියල තියෙන්නෙ සල්ලි ට්‍රැවලින් බෑග් වල දාල චන්ද කාලේදී මයිනට ගිහින් දුන්න කියල. ඕක ඔප්පු කරගන්න බැරිවෙනව මයිනට දුන්න කියල මූ ජීවත්වෙලා හිටියත්. මුට සම්බන්ද එකඋන්ට් වලින් විත්ද්‍රෝ වෙලා තියෙන නිසා මූ කොටුවෙනව අනිවාරෙන්. බේරිල්ලක් තිබිලම නෑ මූට. මුගෙ වයිෆ් ඇන්ඩ් නිමල් පෙරේරයිත් රට පැනල ඉන්නේ දන්නව මෙහෙ ආවොත් බඩු කියල.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,746
    1,910
    113
    නාන කාමරේ ඉතුරු කැඩුන ටයි පටිය තිබ්බා නම් මිනිය කොහොම ද සාලෙට ඇවිල්ලා පුටුවෙ ඔලුව තියා ගත්තේ?
    මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    - මරලා

    මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Autopsy should reveal, the exact cause of death..
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    දැන් රට පනින්න දෙයක් නෑ ඕකුන් කොහොමත් ඔසී වල හිටියෙ. සමහර විට සිටිසන්ල වෙන්නත් ඇති.
    ඔව් මුන්ට Aussi වල citizenship තිබ්බ උන්

    මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Autopsy should reveal, the exact cause of death..
    බුවා ක්‍රිකට් බෝර්ඩ් එකෙත් ඉදියා නේද? කපිල චන්ද්‍රසේන
    ------ Post added on May 9, 2026 at 8:26 AM
     
    • Like
    Reactions: NRTG and shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,680
    113
    35
    Spain
    කපිලට නඩු දාල අවුරුදු ගාණක් ගියා. තාම බැරිවුනා ඔය ගනුදෙනුව කරපු කාලේ තිබුන මයිනගේ එකවුන්ට් චෙක් කරන්න.
    බලෙන් ගත්ත පාපොච්චාරණයක් නේ එක. අනික මරා සම්බන්ධවුනෙත් ඔය පාපොච්චාරණයෙන්. ඕක බලෙන් නොගත්තා කියන්න සාධක නැහැ මොකද ඔය නිලධාරියාගේ දේශපාලන ළබැඳියාව එළිදරවු වුනා අඹ වතු ගැන කියන්න ගිහින්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,715
    11,242
    113
    නාන කාමරේ ඉතුරු කැඩුන ටයි පටිය තිබ්බා නම් මිනිය කොහොම ද සාලෙට ඇවිල්ලා පුටුවෙ ඔලුව තියා ගත්තේ?
    හෙළයො මැරෙන්නෙ එහෙමයි
     
    • Haha
    Reactions: NRTG and lapaman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,680
    113
    35
    Spain
    හෙළයො මැරෙන්නෙ එහෙමයි
    ඉස්සෙල්ලම දකින උන් කරන්නේ ලණුව කපල පුටුවක හරි බිමට හරි බාන එක නේ බන්. එල්ලිලාම ඉන්න දෙන්නේ නැහැ. බේරන්න පුලුවන්ද බලනවා. මැරිලා නම් පොලීසියට රපොර්තු කරනවා. නැත්නම් හොස්පිටල් ගෙනියනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,715
    11,242
    113
    ඉස්සෙල්ලම දකින උන් කරන්නේ ලණුව කපල පුටුවක හරි බිමට හරි බාන එක නේ බන්. එල්ලිලාම ඉන්න දෙන්නේ නැහැ. බේරන්න පුලුවන්ද බලනවා. මැරිලා නම් පොලීසියට රපොර්තු කරනවා. නැත්නම් හොස්පිටල් ගෙනියනවා.
    හෙළ මිඩියා එකෙ තිබ්බෙ පොලිස්යෙන් යද්දි එහෙම තිබ්බා කියලා. බාපු කතා නැ. කෙලින්ම මිස්ටරි විදියට නිවුස් එක යන්නෙ