නිරා ආටිකල් එකක් 
අපි ඉතිහාසය දිහා ගොඩක් වෙලාවට බලන්නේ ආගමික කණ්ණාඩියෙන් නේ. හැබැයි අපි 6 වැනි සියවසේ අරාබියේ වුණු සිදුවීම් ටිකක්, අද තියෙන ස්නායු විද්‍යාව Neuroscience එක්ක ගලපලා බැලුවොත් මොකද වෙන්නේ? ඇත්තටම ඉස්ලාම් ආගමේ ආරම්භය ගැන අපි අහලා තියෙන කතාව ඇතුළේ, එදා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණු ලොකු මානසික සහ ස්නායු රෝගී තත්ත්වයක කතාවක් හැංගිලා තියෙනවා වෙන්න බැරිද? අපි මේ කතාව හැදේන්නේ කොහොමද කියන එක බලමු .
අපි කතාව පටන් ගමු මුහම්මද් නබිතුමාගේ උපතින්. 570 කියන්නේ මක්කමේ මිනිස්සුන්ට අලින්ගේ වසරයි . යුද්ධයක් එක්කම වසූරිය වගේම සරම්ප වගේ දරුණු වසංගත මක්කම පුරා පැතිරුණු කාලයක්. මේ වසංගතයට මුහම්මද්ගේ තාත්තත් බිලිවෙනවා.හිතලා බලන්න, සැමියා නැති වුණු ශෝකයෙන් ඉන්න අමීනාට ඒ කියන්නේ මුහම්මද්ගේ අම්මට මේ වෛරස් එක සුළුවෙන් හරි ආසාදනය වුණා නම්, ඒක කුසේ ඉන්න දරුවාගේ මොළයේ වර්ධනයට කෙළින්ම බලපානවා. Ibn Ishaq , Al Tabari කියන කිට්ටයගේ මුලාශ්‍ර වලට අනුව අමීනා කියලා තියනවා එයාට ගැබ් බර දැනුණේ නැහැ , වෙනත් ගෑනුන්ට දැනෙන අමාරුකම් දැනුණේ නැහැ කියලා. ඒවගේම ප්‍රසූත කරන වෙලාවේ අමීනාගෙන් මහා ආලෝකයක් විහිදුණා කියලත්, ඒ ආලෝකයෙන් සිරියාවේ බුස්රා නගරයේ මාලිගා පෙනුණා කියලත් කියනවා. අනිත් කතන්දරේ තමයි Ibn Ishaq සහ Ibn Hisham ගේ මුලාශ්‍ර වලට අනුව ගර්භණී කාලයේ අමීනාට කවුරුන් හෝ කතා කරනවා ඇහිලා තියනවා, ඇය දරුවාට මුහම්මද් කියලා නම තියන්න කියලා එම හඬ කියලා තියනවාලු. Sirat al-Halabiyya වගේ මුල් ඉස්ලාම් මුලාශ්‍ර වලට අනුව ඇයට ප්‍රසූතියට ආසන්න වෙන කොට අමුතු සත්තු, කුරුල්ලෝ දර්ශනය වෙලා තියනවා .ඒවා නිසා එයා හොදටම බය වෙලා තියනවා.
විද්‍යාත්මකව බැලුවොත්, අම්මා කෙනෙක්ට ගර්භණී සමයේදී මේ වගේ එක එක දේවල් පෙනෙන , ඇහෙන භ්‍රාන්ති ඇතිවෙන එක, ඇයගේ මොළයේ ස්නායු පද්ධතියේ යම් අස්ථාවරතාවයක් පෙන්වන ලක්ෂණයක්. TLE වගේ රෝග ගොඩක් වෙලාවට ජානමය වශයෙන් උරුම වෙන්න පුළුවන්. නබිතුමාගේ මවටත් මේ වගේ අත්දැකීම් තිබුණා නම්, ඒ කියන්නේ නබිතුමාටත් ඒ රෝගී තත්ත්වය උරුම වෙන්න තියෙන සම්භාවිතාව 100% කටත් වඩා වැඩියි.
මුල් මූලාශ්‍රවල කියන විදිහට මුහම්මද් ඉපදෙද්දී සාමාන්‍ය ළමයෙක් වගේ මුහුණ යටට හරවාගෙන නෙවෙයි, හිස අහස දිහාට ඔසවාගෙන තමයි ඉපදිලා තියෙන්නේ . මේක නව දරු උපතකදී සිදු වෙන්නට පුලුවන් දුර්ලබ වගේම අවදානම් සහගතම තත්වයක්. මේ වගේ ප්‍රසුතයක දරුවෙක්ගේ මොළය අධි තෙරපීමකට ලක්වෙලා ඔක්සිජන් සීමා වෙලා හිපොකැම්පස් වගේ මොළයේ සංවේදී කලාපවලට හානි වෙන්න පුළුවන්.
අනිත් පුදුමේ තමයි ඉබන් සාද්ගේ al-Tabaqat al-Kubra කියන මුලාශ්‍ර වලට අනුව එයා ඉපදෙද්දීම සුන්නත් වෙලා සහ පෙකණි වැල වෙන් වෙලා තිබුණා කියන එක. ආගමික භක්තිකයන්ට මේවා දේව හාස්කම් වුණාට, වෛද්‍ය විද්‍යාවෙන් බලද්දී මේවා අනාගතයේ එන්න තියෙන දරුණු ශාරීරික සහ ස්නායු අසංකූලතා පෙන්වන රතු නිවේදනයක්.මුහම්මද්ට අවුරුදු හය වෙද්දී අම්මා නැති වෙනවා, අට වෙද්දී සීයා නැති වෙනවා. මේ වගේ දරුණු චිත්තවේගීය කම්පනයන් දරුවෙක්ගේ මොළයේ ව්‍යුහය වෙනස් කරනවා කියලා අද අපි දන්නවා.
මුහම්මද්ට අවුරුදු 4 දී එක දවසක සෙල්ලම් කර කර ඉද්දී හදිසියේම බිම ඇද වැටෙනවා. අවුරුදු දහයේදීත් මේ දේම වෙනවා. හලීමා (කිරි අම්මා) දුවගෙන එද්දී මුහම්මද් හිටියේ මහා භීතියකින් වගේම මුහුණ අළු පැහැයක් ගන්නා තරමට සුදුමැලි වෙලයි. Ibn Ishaq ගේ මුලාශ්‍ර වලට අනුව මුහම්මද් එක්ක සෙල්ලම් කර කර හිටපු යාලුවා දුවගෙන ගිහින් හලීමාට කියන්නේ සුදු ඇඳගත් මිනිස්සු දෙන්නෙක් ඇවිත් මුහම්මද්ව මරා දැම්මා කියලයි. හලීමා එතනට යද්දී මුහම්මද් පණ ගැහි ගැහී හිටපු හැටි මෙහි විස්තර කරන්නේ. al Tabari කියන විදිහට මේ සිද්ධිය නිසා හලීමා සහ එයාලේ මහත්තයා බය වෙලා තියනවා . ඔහුට යක්ෂ බලපෑමක් ඇති වෙලා කියලා හිතලා ආයේ මක්කමට ගිහින් දාලා තියනවා. එදා සමාජය මේක දැක්කේ ජින් ඒ කියන්නේ යක්ෂ ආත්මයක් වැහුණා කියලා. හැබැයි අද වෛද්‍යවරයෙක් මේ රෝග ලක්ෂණ දැක්කොත් කෙළින්ම කියන්නේ මේක අපස්මාර තත්ත්වයක් කියලා. ඒ කියන්නේ ළමා කාලයේ ඉඳන්ම එයාගේ මොළය ඇතුළේ පුපුරන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගේ ස්නායු රෝගයක් ක්‍රියාත්මක වෙමින් තිබිලා තියෙනවා.
වයසට යද්දී මුහම්මද් සමාජයෙන් ඈත් වෙලා තනියම හිරා ගුහාවේ දින ගණන් ගත කරන්න පුරුදු වුණා. සමාජයෙන් ඇත් වෙලා හුදෙකලා වෙන එක මානසික රෝගීන් අතර ගොඩක් සමාන්‍යයෙන් දකින්න හම්බෙන දෙයක්. අනිත් කාරනේ තමයි දේවදූතයා එන්න කලින් ඉඳන්ම එයාට ගස් ගල් වලින් අස්සලාමු අලයිකුම් කියලා කතා කරනවා ඇහෙන්න ගත්තාලු. හැරිලා බලද්දී කවුරුවත් නෑ. මේක වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ Auditory Hallucinations ඒ කියන්නේ ශ්‍රවණාත්මක භ්‍රාන්තිය කියලා. මොළයේ ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වෙද්දී හිතෙන් මැවෙන සද්ද ඇත්ත ලෝකයෙන් ඇහෙනවා වගේ දැනෙනවා.
මේ කාලේ එයා ගොඩක් සජීවී සිහින දකින්න ගත්තා. මොළයේ ස්මරණ කලාපවල අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරිත්වයක් නිසා වෙන මේ දේට අද කියන්නේ déjà rêvé කියලා. වැඩේ කියන්නේ, මුල්කාලීන ඉස්ලාමීය මූලාශ්‍රයක් වන සිරාත් අල් හලබියා (Sirat al-Halabiyya) සහ තවත් ග්‍රන්ථවල සඳහන් වෙනවා, මුහම්මද්ගේ අමුතු හැසිරීම් සහ පෙනෙන දර්ශන නිසා කදීජා බය වෙලා එයාට යාතුකර්මයක් කරන්න අවසර ඉල්ලුවා කියලා. සැබෑ නබිවරයෙක්ට තමන්ගේම ගෑනි තොවිල් කරන්න හදන්නේ ඇයි, එයාට පෙනුණේ මුහම්මද් භූතාවේශ වුණු නැත්නම් මානසිකව වැටුණු කෙනෙක් විදිහටයි. එදා අරාබියේ අපස්මාරය හරි භ්‍රාන්ති කියන රෝග ගැන දැනුමක් තිබුණේ නැති නිසා ඔවුන් ඒක හැඳින්වූයේ ජින් යක්ෂ ආක්‍රමණයක් විදිහට.
ඔන්න දවසක් හිරා ගුහාවේ ඉද්දී තමයි පළමු අත්දැකීම එන්නේ. මුහම්මද් නබිතුමාට අදාල හදීස් වල ඒ කියන්නේ Sahih al-Bukhari, Volume 1, Book 1, Hadith 2 ,3 / Sahih Muslim, Book 30, Hadith 5763 / වල තියෙනවා සමහර වෙලාවට මට ඇහෙන්නේ සීනුවක් නාද වෙනවා වගේ ශබ්දයක් කියලා. තව එයා කියනවා දේවදූතයා මාව හුස්ම හිරවන තරමට තද කළා කියලා.තව
ඇඟම ලොක් වෙලා, අගුළු වැටිලා වෙව්ලන්න ගන්තා වගේම මහා මර බියක් දැනෙන්න ගත්තා කියලා.
ඔය අස්සේ හඬක් කියනවා කියවන්න කියලා. මේක ඉවර වුණ ගමන් මර බියෙන් වෙව්ලමින් පල්ලෙහාට දුවන මුහම්මද්, කදීජාට කියන්නේ මාව වහන්න, මාව පොරවන්න කියලයි. වෛද්‍ය විද්‍යාවේ අපස්මාරය සෑදීගෙන එන පෙර නිමිති වගේම අපස්මාරය හැදිලා ඉවර වුණාට පස්සේ එන දැඩි ව්‍යාකූලත්වය එක්ක මේ ලක්ෂණ 100% ක්ම ගැළපෙනවා. ඒක Temporal Lobe Epilepsy (TLE) කියන රෝගයේ උපරිම අවස්ථාවයි.
තව දෙයක්, Sahih al-Bukhari, Volume 9, Book 87, Hadith 111 වල පැහැදිලිවම කියනවා, පණිවිඩ ලැබීම නැවතුණු නිසා ඇතිවුණු ශෝකය දරාගන්න බැරුව මුහම්මද් කිහිප වතාවක්ම උස කඳු මුදුන් වලට ගියේ එතනින් පල්ලෙහාට පැනලා සියදිවි නසාගන්න කියලා . දේව පණිවිඩයක් ආවා නම් දැනෙන්න ඕනේ සාමයක් මිසක් දිවි නසාගන්න තරම් මර බියක් නෙවෙයි නේද?
ඛදීජා මේ වෙව්ලන මුහම්මද්ව අරන් යනවා වරකා (Waraqa ibn Nawfal ) කියන එයාගේ ඥාතියෙක් ගාවට. වරකා කියන්නේ පැරණි බයිබලය වගේ දේවල් ගැන උමතුවෙන් හදාරපු කෙනෙක්. වරකා මේ සිද්ධිය දිහා බැලුවේ වෛද්‍යවරයෙක් විදිහට නෙවෙයි. එයා මේ දකින රෝග ලක්ෂණ, පැරණි ආගමික පොත්වල තියෙන දේවදූතයන්ගේ කතා එක්ක ගලපලා තීරණය කළා ඔබට ආවේ දෙවියන්ගේ පණිවිඩකරුවා කියලා.අන්න එතනදී තමයි රෝගියෙක්ට දේවත්වය ආරූඪ වෙන්නේ. වරකා මුහම්මද්ගේ ව්‍යාකූලත්වයට පූජනීය අරමුණක් දුන්නා. මුහම්මද්ත් සැබැවින්ම ඒක විශ්වාස කළා.
ඇත්තටම මෙයා මේ වංචාකාරයෙක්ද? නැහැ මචං. මේ කරුණු ඔක්කොම එකතු කරලා බැලුවම පේන ලොකුම ඇත්ත තමයි, මුහම්මද් කියන්නේ හිතාමතාම මිනිස්සුන්ව රවට්ටපු බොරුකාරයෙක් නෙවෙයි. ඔහු EEG මැෂින් හරි MRI ස්කෑන් හරි නැති 6 වැනි සියවසේ ජීවත් වුණු, වෛද්‍ය විද්‍යාවේ පිහිටක් ලබන්න බැරි වුණු අසරණ රෝගියෙක් වෙන්න පුළුවන් කියන එක . ගර්භණී සමයේ ආසාදන, අසාමාන්‍ය උපත, කුඩා කාලයේ අම්මා , තාත්තා , සීයා ඔක්කොම එයාට අඩු වයසෙදි නැති වුන නිසා උන කම්පන වගේම TLE රෝග ලක්ෂණ කියන මේ ඔක්කොගෙම එකතුවක් විදිහට ඔහුගේ මනස ක්‍රියාත්මක වෙන්න ඇති. අවිචාරශීලී ගෝත්‍රික සමාජයක්, තමන්ට තේරුම් ගන්න බැරි වුණු ස්නායු රෝගයක් ආගමක් විදිහට ඔටුනු පළන්දලා බාරගත්තා කියන එක තමයි මෙකෙන් ඔප්පු වෙන්නේ .
සටහන
~ Ceylon Sceptic
#Islam #History #ProphetMuhammad #ReligiousHistory #HistoricalCriticism #ඉතිහාසය #මුහම්මද් #ඉස්ලාම් #Knowledge #Education #WorldHistory #AncientHistory #DocumentaryStyle #SriLanka #SinhalaArticle #CriticalThinking #Logic #Rationalism #TruthSeeker #Atheism #FactCheck #DeepAnalysis #දැනුම #විචාරය