සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීමේ චෝදනාව මත ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක් සහ පතරොම් ගැබ් (Magazines) 02ක් ද සොයාගෙන තිබේ.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝා#න සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී තිබේ.
------ Post added on May 14, 2026 at 10:20 AM