එ‍්ක නම් හරි. හැබැයි මම ඔය සීන් එක කලින් කියල තියෙනවනෙ බං. ඩොලර් එක වැඩි වෙද්දි inflation එක ඊට වඩා වැඩි වෙනවා. ඉතින් අවසාන වශයෙන් වෙන්නෙ හම්බෙන සල්ලිවලින් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙන එක විතරයි.
සරල උදාහරණයක්. උඹට ඩොලර් එක 300 ට තියෙද්දි ඩොලර් එකක් දීලා රු. 300 ට තියෙන පරිප්පු කිලෝ 1 ක්ම ගන්න පුළුවන්. හැබැයි ඩොලර් එක 400 ට ගිහින් පරිප්පු රු. 500 වුණාම ඩොලර් එකක් දීලා ගන්න පුළුවන් වෙන්නෙ ග්‍රෑම් 800 යි.
උඹටත් එ‍්ක තමයි කියන්න තියෙන්නෙ. ඩොලර් එක 1000 ට ගියාම උඹට දැන් තියෙන capital එක / income එක තුන් ගුණයක් වෙනවා කියල හිතෙයි. හැබැයි inflation එක නිසා අැත්තටම වෙන්නෙ උඹෙ තියෙන capital එකයි, income එකයි බාගෙකින් විතර බහින එක. ඉලක්කම ලොකුයි වුණාට කරන්ඩ පුළුවන් වැඩ ප්‍රමාණය බාගයක් විතර වෙනවා.
රුපියල් 300 ට තියෙද්දි ඩොලර් 100 ක් හම්බ කරා නම් 30,000 යිනෙ. එ‍් 30,000 න් උඹට ලංකාවෙ ගන්න පුළුවන් බඩු මුට්ටු / services ප්‍රමාණය හිතපන්කො. ඩොලර් එක 1000 ට ගියාම එ‍් ඩොලර් 100 ට රුපියල් ලක්ෂයක් අතට එනවා තමයි.
හැබැයි අර 30,000 ට ගන්න පුළුවන් කම තිබ්බ භාණ්ඩ / services ටික ගන්න උඹට ලක්ෂ 1.5 - 2 හොයන්න වෙනවා. ඔය cycle එක ජීවිතේට නවතින් නෑ. අනිවාර්යයෙන්ම inflation එක ඩොලර් එක වැඩි වීමට වඩා වේගවත්.
අැත්තටම රුපියල බහින එකේ වටිනාකමත් එ‍්කයි. ඕකෙ අනිත් පැත්තත් හරියටම හරි. Income එක පොඩ්ඩක් අඩුයි වුණාට එ‍් ගාණටම ගන්න පුළුවන් බඩු මුට්ටු, services ප්‍රමාණය වැඩි වෙනවා.
Account වල තියෙන ඉලක්කම බලාගෙන චූන් වෙනවට වඩා purchasing power එක බලාගෙන චූන් වෙන එක බුද්ධිමත් වෙන්නෙ අන්න එ‍්කයි. අද රුපියල් කෝටියක් තියෙන එකයි, 2000 අවුරුද්දෙදි ලක්ෂ 50 ක් තිබුණ එකයි අතර වෙනස හිතල බලහන්. එ‍් වගේ තමයි.
අැත්තටම වටින්නෙ ඉලක්කම නෙවෙයි, එ‍්කෙන් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය. අවාසනාවකට එ‍්ක තේරුම්ගන් නෑ ගොඩක් උන්. අම්මට සිරි අතට හම්බෙන ගාණ වැඩියි කියල සතුටු වෙනවා.