මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද? ට්‍රැක පැන්නා ඒක කියවලා 😱

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    මේ පෝස්ට් එක දාන්න ගැලපෙනම තැන මේ ගෲප් එක නෙවෙයි කියලා මම දන්නවා. ඒත් මේක දාලා මේක ගැන හරි අදහසක් ගන්න පුලුවන් හැම ක්ෂෙත්‍රයක්ම නියෝජනය කරන දැනුම් තේරුම් තියන members ලා ගොඩක් ඉන්න වෙන ගෲප් එකක් මට හම්බුනේ නැති නිසයි මේ ගෲප් එකේ මේක දාන්න හිතුනෙ. මේක කිසිම කෙනෙක් විශ්වාස නොකරන මම මූණ දීපු ඇත්තම කතාවක්. මේකෙ අගක් මුලක් පැහැදිලි කරගන්න බැරුව මමත් විකාර වෙලා ඉන්නෙ.ඒ නිසා කරුණාකරලා මේ පෝස්ට් එක approve කරන්න ඇඩ්මින්.
    මේක මම මගෙ ජීවිතේ අහපු අසාමාන්‍යම අත්භූතම කතාව. අඩුම ෆිල්ම් එකක TV series එකකවත් මේ වගේ කතාවක් මම අහලා නෑ. මේ කතාව දන්න දැනට ජීවතුන් අතර ඉන්න එකම කෙනා මම විතරයි. එයාට ප්‍රශ්නයක් වෙයි කියලා මේ කතාව කවදාවත් කිසි කෙනෙක්ට එලිකරන්නෙ නෑ කියලා කතාව කිව්ව කෙනාට මම පොරොන්දු වෙලා හිටියත් අද ඔහු ජීවතුන් අතර නැති නිසාත් මේ වෙච්ච දේවල් ගැන මටත් මේ ගැන දැනුමක් තියන අයගෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය නිසාත් මේ ගෲප් එකේ කතාව දානවා anonymous විදිහට. කතාව ටිකක් දිගයි. විශ්වාස කිරීම නොකිරීම ඔබට බාරයි.
    මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුද්දකට වගේ කලින් අපේ අම්මට accident එකක් වෙලා හොදටම අමාරුවෙලා ඉන්න කාලෙක. Bike accident එකක් වෙලා මොලේට ලේ ගිහිං ජීවිතේ බේරන්න බැරිවෙයි කියලා තමා ඩොක්ටලා කිව්වෙ සර්ජරි එක කරලත් හරියට සිහියක්වත් ආවෙ නැති නිසා. ඒ දවස් වල තනිකර පිස්සු හැදිලා වගේ අපි හිටියෙ. ICU දාලා මැශින් වලට ගහලා ඩොක්ටලා කිව්වා දවස් කීපයක් බලමු ඒත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා. ඊටපස්සෙ අපි දේවාල ගානෙ ගියා භාර හාර උනා දන්න ඔක්කොම දේවල් කරා.
    අනුරාධපුර හාමුදුරු කෙනෙක්ගෙ සාත්තු කරපු තෙල් වගයක් ගෙනල්ලා සුරේක දාලා බදින්න කියලා. අපේ නැන්දාකෙනෙක් කිව්වා. ඒ හාමුදුරුවො එහෙම එයාලා දන්න මැරෙන්නම ගියපු ලෙඩෙක් ගොඩ දැම්මා කියලා. ඉතිං මට අනුරාධපුර තනියම drive කරන්න එපා කියලා අපේ ගෙවල් ලග අයියා කෙනෙක් එක්ක යන්න කිව්වා මගෙ ඔලුව අවුල් වෙලා නිසා ඒ ටිකේ. ඒ අයියා අපේ වාහනේ ගෙදර තියන්න කියලා එයාගෙ වාහනේම අරං ආවා ගිහින් එමු කියලා. ඊටපස්සෙ එයා එක්ක යන්න පටන් ගත්තා අනුරාධපුර. ඔන්න මෙතනින් තමා මේ පිස්සු හැදෙන කතාව පටන් ගන්නෙ.
    වාහනේ යන ගමනුත් කොල්ලෙක් වෙලත් මට ඇඩි ඇඩි ගියෙ අර අයියා එක්ක විස්තර කිය කිය. අම්මව බේරගන්න පුලුවන්නම් මම මගෙ පණ දීලා හරි මම බේරගන්නවා කියලා කීප සැරයක්ම මම කිව්වා. ඒ අයියත් මොකද්දෝ කතාවක් පටන් ගන්න හදලා කීප සැරයක්ම ඒක ආය ගිලගත්ත ගතියක් මට නෝට් උනා. පස්සෙ ටිකකින් පොර කිව්වා මල්ලී මට තියනවා පොඩි කතාවක් කියන්න. මම මේක ජීවිතේ කාටවත් කියන්නෙ නෑ කියලා හිතාගෙන හිටිය කතාවක්. ඒත් මේ වෙලේ කොල්ලෙක් විදිහට මල්ලි ඉන්න තත්වෙ මට හොදටම තේරෙන නිසා ඒකෙන් අම්මව බේරගන්න විදිහකුත් දැනගෙන මට කටවහන් ඉන්න හිතෙන්නෙ නෑ ඒ නිසා මේක මම උබට කියනවා. හැබැයි මේක කිව්ව ගමන් උබ හිතයි මට තනිකර පිස්සු කියලා ඒත් මම කියන්නම් කියලා.
    මල්ලි අපේ තාත්තා මීට අවුරුදු එක හමාරකට කලින් හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා කියලා පොර කිව්වා. මට හික් ගෑවුනා ඒක අහලා. මොකද පොරගෙ තාත්තා ඉන්නවා කිසිම අවුලක් නැතුව වගේම ඒ අංකල් තමා අපිට වාහනේ ගන්න ගේට්ටුව ඇරලා දුන්නෙත් අද. මම බැලුවෙ මූ ගංජාවත් ගහලා පිස්සු කියවනවද කියලා. හැබැයි පොරගෙ ඇස් දෙක දිහා බැලුවම ඒ මූණෙ තිබ්බ පෙනුම දැක්කම මූ මේ සිරාවට කියන්නෙ කියලා පෙනුනා. අනික මම මේ වගේ තත්වෙක ඉද්දි ආතල් ගන්න ලෙවල් එකේ අපත පොරක් නෙවෙයි ඒ අයියා. ඒ හින්දා මම ඇහුවා පිස්සුද අයියෙ අංකල් අර හොදට ඉන්නෙ කියලා. ඔව් මල්ලි දැන් හොදට ඉන්නවා ඒ මම එයාව බේරගත්ත හින්දා කිව්වා. මට දැන් හිතෙන්නෙම මූට ට්‍රැක් පැනලා කියලා. මම වාහනේ ඩ්‍රයිව් කරන්න ගන්නද කියලත් ඇහුවා. මූ කිව්වා නෑ එහෙම කිසිම අවුලක් නෑ පොර හොද සිහියෙන් කතා කරන්නෙ කියලා.
    ඊටපස්සෙ මම මුලු කතාවම මුල ඉදන් කියන්නම්කො කියලා මිනිහා කතාව පටන් ගත්තා. ඒ අයියා ග්‍රැෆික් ඩිසයින් කරන්නෙ. මුලින්ම ෆ්‍රීලාන්ස් වෙන රටවල වෙබ්සයිට් වල වැඩකරලා ඒකෙන් ක්ලයන්ට්ලා හදාගෙන පොරගෙම පොඩි කම්පැනියක් දාගෙන වැඩ කරන්නෙ. 6,7 දෙනෙක් වැඩ පොරලග. ඔක්කොම ඔන්ලයින්. පැලෙන්න සල්ලි තියනවා. ගේ luxury type එකට මොඩිෆයි කරලා, luxury වාහනයක් එහෙම තියන් සැපේ ඉන්නෙ පොර. ඒ අයියගෙ අම්මා කලින්ම නැතිවෙලා. තාත්තයි අක්කයි විතරයි ඉන්නෙ. අක්කා බැදලා වෙනම ඉන්නෙ. එයාලගෙ තාත්තා තමා අම්මා නැතිඋන කාලෙ ඉදන් කෑම බීම පවා හදලා හැමදේම කරලා එයාලව බලාගෙන තියෙන්නෙ.
    පොර කිව්වා අර කිව්ව වගේ අවුරුදු එක හමාරකට කලින් එයාගෙ තාත්තාට පොඩ්ඩක් පපුවෙ කැක්කුමක් ඇවිල්ලා. එදා දවල් ඇවිල්ලා තියෙන්නෙ. ඊටපස්සෙ අයියා එහෙම්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකකට එක්ක යන්න හදලා හැබැයි එතකොට කැක්කුම අඩු උනා කියලා යන්න ඕන නෑ කියලා අංකල්. අයියා හෙන ට්‍රයි එකක් දීලා අරන් යන්න එවෙලේ යන්න බෑ ම කියලා අඩුයි කියලා.පස්සෙ හවස අයියට important USA client කෙනෙක් එක්ක ඔන්ලයින් මීටින් එකක් තිබිලා. ඒක වෙලේ අංකල් ඇවිල්ලා කාමරේ දොරට තට්ටු කරලා. අයියා කියලා මීටින් එකක ඉන්නෙ ඉවර උන ගමන් එන්නම් කියලා. පස්සෙ විනාඩි 40ක විතර මීටින් එක ඉවර වෙලා එනකොට තාත්තා සාලෙ සෝෆා එකේ වැටිලාලු පපුව අල්ලගෙන. අත අල්ලලා බලනකොට සිහිය තිබිලා. එහෙම්මම හොස්පිට්ල් අරන් ගිහිල්ලා. ගිහිං ICU දැම්මත් නැති වෙලා. ඩොක්ට කියලා තියෙන්නෙ තව පැය භාගයක් විතර හරි කලින් ආවනම් බේරගන්න තිබ්බා කියලා.
    මූට ඒක අහලා පිස්සු හැදුනා වගේ උනාලු. මලගෙදරවත් සිහියෙන් ඉන්න බැරි උනාලු. උගෙ වරද හින්දා තමා තාත්තා නැති උනේ කියලා හැම වෙලේම හිතෙන්න අරන් ඩිප්‍රෙශන් හැදුනලු. මලගෙදර වැඩ වලට එහෙම මමත් උදව් කරාලු කියලා කිව්වා.ඔන්න එතකොට තමා ආය මමත් පියවි සිහියට ආවෙ අංකල් තවම ඉන්නවනෙ කියලා වෙලා නැති මලගෙදරකට මම උදව් කරන්නෙ කොහොමද?
    ඊටපස්සෙ මම ඇහුවා එහෙනම් අංකල් තවම ඉන්නෙ කොහොමද කියලා? එයා මැරුනනම් මැරුනට පස්සෙ බේරගන්නෙ කොහොමද කියලා. ඊටපස්සෙ පොර කිව්වා මලගෙදරින් පස්සෙ පොරට ඩිප්‍රෙශන් වැඩිවෙලා හොස්පිට්ල් එකෙත් ඉන්න උනාලු. කම්පැනි ඒක උගෙ යාලුවට පවරලා ඒකෙන් මාසෙට ගානක් විතරක් ඌට එන්න හදාගත්තලු. පස්සෙ හොස්පිට්ල් එකෙන් ආවට පස්සෙ ගෙදර ඉදන් ලෝකෙ හැම තැනම තියන දේවල් study කරන්න ගත්තලු මැරුන කෙනෙක්ව ආපහු බේරගන්නෙ කොහොමද කියලා හිතේ අවුල අමතක කරන්නත් එක්ක. සයන්ටිෆික් දේවල් නැති නිසා ඊටපස්සෙ පොර එක එක රටවල ජනප්‍රවාද පස්සෙ පවා යන්න අරගෙන. කොටින්ම Cross Road Deamon Deal එක ගහන්නත් තුන් හතර පාරක්ම ට්‍රයි කරලා. හරි ගිහින් නෑ. ලූසිෆා ට ආත්මෙ පවරලා ඩීල් එකක් ගහගන්න හදලා ඊටපස්සෙ ඒක හරි ගිහිනුත් නෑ.
    පස්සෙ බටහිර රටවල ලොකු පෝසත් උන් වන්දනා කරන සිතූ පැතූ සම්පත් දෙනවා කියලා විශ්වාස කරන මොලෙක්, බාල් වගේ යක්කු ගැනත් විස්තර හොයාගෙන ( අර එප්ස්ටීන් ෆයිල්ස් වල ලෝක බලවත්තු අදහලා තියෙන්නෙ මේ යක්කුන්ව. එප්ස්ටීන් ෆයිල්ස්වල ඒ යක්කුන්ගෙ නම් කියවෙනකොට මට මතක් උනේ එදා අවුරුද්දකට විතර කලින් අපි එප්ස්ටීන් කියලා සීන් එකක් අහලවත් නැති කාලෙ මේ අයියා ඒ යක්කු ගැන කිව්වා නේද කියලා). උන්ට බිලිපූජා දෙන්න ඕනෙලු. හැබැයි උන්ටත් ධනය බලය වගේ දේවල් දෙන්න පුලුවන් කියලා විශ්වාස කරාට, උන්ට මැරුන කෙනෙක්ව ආය ගේන්න බෑලු. ඒ නිසා ඒවා අත ඇරලා දාලා.
    ඊටත් පස්සෙ තමා හිමාල කන්දෙ නේපාලෙ ඉන්දියා බෝඩරේ අවට කදුකර මිනිස්සුන්ගෙ පුරාවෘතයක තිබ්බ කතාවක් පොරට අහන්න ලැබිලා තියෙන්නෙ. ඔය අවට තමා කෛලාශ කූටය කියන පර්වතය තියෙන්නෙත්. ඔය පර්වතය ගැනනම් විශ්වාස ගොඩක් තියනවලු. ශිව දෙවියන්ගෙ වාස භවන කියලා හින්දු ආගමිකයො සමහරක් විශ්වාස කරනවලු, ෂම්භාලා හෙවත් දෙවියන්ගේ නගරය කියලා තව කට්ටියක් විශ්වාස කරනවලු. බෞද්ධ ආගමේ තියන මහාමේරූ පර්වතය කියන්නෙත් ඕකට කියලත් කතාවක් තියනවලු. දෙවනි ලෝක යුද්ධ කාලෙ හිit ලr එයාගෙ නා_සි ගෲප් එකක් එවලා තියනවලු කෛලාශ කූටයෙ මිශන් එකකට. කතාවෙනම් කියන්නෙ හිit ලrට ඕනවෙලා තිබ්බෙ ඒ වෙද්දි යුද්ධෙ ජර් මනිය පැරදීගෙන එන නිසා, ඒ කෛලාශ කූටයෙ අභිරහස විසදලා ඒකට ඇතුල්වෙලා ඒකෙ තියන දෙවියන්ගේ තාක්ෂණය දැනුම පාවිච්චි කරලා දෙවනි ලෝකෙ යුද්ධෙ දිනලා ලෝකෙ පාලනය කරන්නලු. ( ඔය කෛලාශ කූටෙ ගැන මමත් පස්සෙ විස්තර හෙව්වා. ඕක ගැන විස්තර තියනවා පොත් ලියන්න තරං. යූටියුබ් එකෙත් තියනවා. හැබැයි අපේ කතාවට මේ ඇති)
    කොහොම හරි ලෝකෙ තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් තාම කෛලාශ කූටය තරණය කරලා නෑ කිසිම කෙනෙක්. ඒවගේම කෛලාශ කූටය තරණය කරන්න ඒ ලගට ගිහිං උත්සහා කරපු අය පවා සෑහෙන ඉක්මනට වයසට යන්න පටන් අරන් තියනවා. කෛලාශ කූටය ලගදි මාලිමා වැඩකරන්නෙ නැල්ලු. කාලය කියන දේ ලෝකෙ අනිත් තැන්වලයි කෛලාශ කූටය ලගයි වෙනස් විදිහට හැසිරෙනවා කියලා තමා කතාවල තියෙන්නෙ. ඉතිං ඔය හිමාල කදුකරයෙ, නේපාලේ බෝඩර් එක හරියෙ තියන ජනප්‍රවාද කතා තියනවලු හිමාල කන්දෙ කෛලාශ කූට පර්වතය ලග කැලෑවෙ භාවනායෝගී ඍෂිවරු ඉන්නවා කියලා. ඒවගේම ඒ ඍෂිවරු අවුරුදු 500/ 1000 ක් විතර වයස අය කියලත් කතාවක් තියනවලු. ඔය ජනප්‍රවාද අස්සෙ තමා අර අයියට එයා මාස ගානක් හොය හොය හිටපු දේ ගැන තිබ්බ කතාවක් අහු උනේ.
    මීට අවුරුදු සීයකටත් එහා කාලෙක ඉංග්‍රීසි ජාතිකයො ඉන්දියාව පාලනය කරන කාලෙ ලොකු වැහි කුනාටුවක් ඔය හිමාල කදු පැත්තට ඇවිල්ලා නාය යෑමක් වෙලා. දර කපන්නෙක් විදිහට රස්සාව කරපු තාත්තා කෙනෙක් ගෙදර එනකොට එයාලගෙ ගමෙන් භාගයක්ම යටවෙලාලු. එයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම යටවෙලා එයාගෙ අම්මා, බිරිද ලමයි දෙන්නා හැමෝම මැ ,රිලා ලු. ඊටපස්සෙ ඒක දාරගන්න බැරුව ප්‍රපාතෙකින් පහලට පැනලා සි ය දිවි න,සාග,න්න ගිහින් ඒ තාත්තා. ඒ යන ගමන් කැලේදි මේ භාවනායෝගී ඍෂිවරයෙක් ඒ තාත්තට කතා කරලා විස්තර අහලා එයා කියලා පවුලෙ අයව බේරලා දෙන්නම් කියලා. ඊටපස්සෙ එ දරකපන මනුස්සයගෙ අතින් ඍෂිවරයා අල්ලගෙන භාවනා කරන්න පටන් අරන්. ඊලගට අර මනුස්සයට මතක දර කප කප ඉන්නවලු. එදා ඇදගෙන ආව ඇදුම, තවම උණුවට තියන කෑම එක දැක්කම එයාට මතක් උනාලු මේ එයා ඉන්නෙ මීට දවස් දෙකකට කලින් කාලයේ කියලා. ඒ කියන්නෙ නාය යෑම වෙන දවසෙ උදේ කියලා. එයා එහෙමම ගමට දුවගෙන ගිහිං එයාගෙ ගෙදර අය ඔක්කොම එලියට අරගෙන ආරක්ෂිත තැනකට අරං ගිහින්, ගමේ මිනිස්සුන්ටත් කෑගහලා එලියට එන්න එන්න කියලා බලෙන්ම කියලා පුලුවන් හැමෝවම ඈතට අරන් ගිහිං. ඊට විනාඩි කීපයකට පස්සෙ නාය ගිහිං ගමෙන් භාගයක්ම යටවෙලා. එයා කියන දේ අහලා එන්නෙ නැතුව ගෙවල් වලට වෙලාම හිටපු කීපදෙනෙක් ඇරෙන්න එයාගෙ පවුලෙ අය ඇතුලු ගමේ මැ රෙන්න හිටපු බහුතරයක් එයා බේරගෙන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113

    පෝස්ට් එකේ සාරාංශය

    පෝස්ට් එක ලියන පුද්ගලයා සිය මව අසාධ්‍යව රෝහල්ගත කර සිටි අවස්ථාවක, ඔහුට සහය වීමට පැමිණි අසල්වැසි මිතුරෙකුගෙන් (අයියා කෙනෙකුගෙන්) අසන්නට ලැබුණු අදහාගත නොහැකි පුවතක් මෙහි මූලික වේ.

    • මිතුරාගේ රහස: මීට වසර එකහමාරකට පෙර මියගිය බව පැවසෙන එම මිතුරාගේ පියා, වර්තමානයේ ජීවතුන් අතර සිටින්නේ "කාලය තරණය කිරීමේ" (Time Travel) අද්භූත ක්‍රමයක් හරහා බව ඔහු හෙළි කරයි.
    • හිමාලයේ ඍෂිවරයා: පියාගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ මෙම මිතුරා, හිමාලයේ කෛලාශ කූටය අසල වෙසෙන අතීතය වෙනස් කළ හැකි ඍෂිවරයෙකු සොයා ගොස් ඇත. එම ඍෂිවරයාගේ මානසික ශක්තිය (ධ්‍යාන බලය) උපයෝගී කරගනිමින්, අතීතයේ සිටි තමාටම (Past self) පණිවිඩයක් යවා පියාගේ හෘදයාබාධය වළක්වා ගැනීමට ඔහු සමත් වී තිබේ.
    • සිදුවූ වෙනස: පියා බේරාගත් පසු මිතුරාගේ කාල රේඛාව (Timeline) වෙනස් වී ඇති අතර, ඔහුට පෙර සිදුවූ මරණය සහ පසුව එය වෙනස් කළ ආකාරය යන මතකයන් දෙකම ඉතිරිව තිබේ.
    • අනපේක්ෂිත අවසානය: පෝස්ට් එක ලියන පුද්ගලයාගේ මව සුවය ලැබූ නිසා ඔහුට මෙම ක්‍රමය අත්හදා බැලීමට අවශ්‍ය නොවුණත්, පසුගිය පෙබරවාරි මාසයේදී එම මිතුරා හදිසියේම මියගොස් ඇත. මියයාමට හේතුව වී ඇත්තේ ද ඔහුගේ පියා මියගිය ආකාරයටම සිදුවූ "හෘදයාබාධයකි".
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    තවත් සමාන්තර ලෝකයක තියෙන පෘථිවියකට ගියාලු. ඒකෙ මීට වැඩිය දියුණු ජීවීන් ඉන්නවලු. මොන හුත්තෙ බොරුද බන් මේ 🤷‍♂️
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    තවත් සමාන්තර ලෝකයක තියෙන පෘථිවියකට ගියාලු. ඒකෙ මීට වැඩිය දියුණු ජීවීන් ඉන්නවලු. මොන හුත්තෙ බොරුද බන් මේ 🤷‍♂️
    ඒහෙම එකක් නෑ යකෝ මේකෙ 😖 තවත් ට්‍රැක් පන්නන්න එපා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,614
    113
    35
    Spain
    ෆිල්ම් එකක් හදන්න පුළුවන් ප්ලොට් එකක් නෙ. හැබැයි කතාව හදන්න දෙන්න ඕන මලයාලම් එකෙක්ට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    තවත් සමාන්තර ලෝකයක තියෙන පෘථිවියකට ගියාලු. ඒකෙ මීට වැඩිය දියුණු ජීවීන් ඉන්නවලු. මොන හුත්තෙ බොරුද බන් මේ 🤷‍♂️

    ඒකෙ ජනාධිපති ගෝටාබය මහත්තයලු. අගමැති රනිල් මහත්තයලු.

    උබට පුප හොඳට හෝදගෙන ඒ ලෝකෙට යන්න ආසාවක් ආව නේද 🙈
     
    • Wow
    Reactions: Candid-B

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Physically marilada nadda? Nattan heenekinda kiwwe. Deken ekak kiyapan Passport eke Visa Stamp gahalada nadda
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,460
    113
    Heaven :p
    මේ පෝස්ට් එක දාන්න ගැලපෙනම තැන මේ ගෲප් එක නෙවෙයි කියලා මම දන්නවා. ඒත් මේක දාලා මේක ගැන හරි අදහසක් ගන්න පුලුවන් හැම ක්ෂෙත්‍රයක්ම නියෝජනය කරන දැනුම් තේරුම් තියන members ලා ගොඩක් ඉන්න වෙන ගෲප් එකක් මට හම්බුනේ නැති නිසයි මේ ගෲප් එකේ මේක දාන්න හිතුනෙ. මේක කිසිම කෙනෙක් විශ්වාස නොකරන මම මූණ දීපු ඇත්තම කතාවක්. මේකෙ අගක් මුලක් පැහැදිලි කරගන්න බැරුව මමත් විකාර වෙලා ඉන්නෙ.ඒ නිසා කරුණාකරලා මේ පෝස්ට් එක approve කරන්න ඇඩ්මින්.
    මේක මම මගෙ ජීවිතේ අහපු අසාමාන්‍යම අත්භූතම කතාව. අඩුම ෆිල්ම් එකක TV series එකකවත් මේ වගේ කතාවක් මම අහලා නෑ. මේ කතාව දන්න දැනට ජීවතුන් අතර ඉන්න එකම කෙනා මම විතරයි. එයාට ප්‍රශ්නයක් වෙයි කියලා මේ කතාව කවදාවත් කිසි කෙනෙක්ට එලිකරන්නෙ නෑ කියලා කතාව කිව්ව කෙනාට මම පොරොන්දු වෙලා හිටියත් අද ඔහු ජීවතුන් අතර නැති නිසාත් මේ වෙච්ච දේවල් ගැන මටත් මේ ගැන දැනුමක් තියන අයගෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය නිසාත් මේ ගෲප් එකේ කතාව දානවා anonymous විදිහට. කතාව ටිකක් දිගයි. විශ්වාස කිරීම නොකිරීම ඔබට බාරයි.
    මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුද්දකට වගේ කලින් අපේ අම්මට accident එකක් වෙලා හොදටම අමාරුවෙලා ඉන්න කාලෙක. Bike accident එකක් වෙලා මොලේට ලේ ගිහිං ජීවිතේ බේරන්න බැරිවෙයි කියලා තමා ඩොක්ටලා කිව්වෙ සර්ජරි එක කරලත් හරියට සිහියක්වත් ආවෙ නැති නිසා. ඒ දවස් වල තනිකර පිස්සු හැදිලා වගේ අපි හිටියෙ. ICU දාලා මැශින් වලට ගහලා ඩොක්ටලා කිව්වා දවස් කීපයක් බලමු ඒත් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා. ඊටපස්සෙ අපි දේවාල ගානෙ ගියා භාර හාර උනා දන්න ඔක්කොම දේවල් කරා.
    අනුරාධපුර හාමුදුරු කෙනෙක්ගෙ සාත්තු කරපු තෙල් වගයක් ගෙනල්ලා සුරේක දාලා බදින්න කියලා. අපේ නැන්දාකෙනෙක් කිව්වා. ඒ හාමුදුරුවො එහෙම එයාලා දන්න මැරෙන්නම ගියපු ලෙඩෙක් ගොඩ දැම්මා කියලා. ඉතිං මට අනුරාධපුර තනියම drive කරන්න එපා කියලා අපේ ගෙවල් ලග අයියා කෙනෙක් එක්ක යන්න කිව්වා මගෙ ඔලුව අවුල් වෙලා නිසා ඒ ටිකේ. ඒ අයියා අපේ වාහනේ ගෙදර තියන්න කියලා එයාගෙ වාහනේම අරං ආවා ගිහින් එමු කියලා. ඊටපස්සෙ එයා එක්ක යන්න පටන් ගත්තා අනුරාධපුර. ඔන්න මෙතනින් තමා මේ පිස්සු හැදෙන කතාව පටන් ගන්නෙ.
    වාහනේ යන ගමනුත් කොල්ලෙක් වෙලත් මට ඇඩි ඇඩි ගියෙ අර අයියා එක්ක විස්තර කිය කිය. අම්මව බේරගන්න පුලුවන්නම් මම මගෙ පණ දීලා හරි මම බේරගන්නවා කියලා කීප සැරයක්ම මම කිව්වා. ඒ අයියත් මොකද්දෝ කතාවක් පටන් ගන්න හදලා කීප සැරයක්ම ඒක ආය ගිලගත්ත ගතියක් මට නෝට් උනා. පස්සෙ ටිකකින් පොර කිව්වා මල්ලී මට තියනවා පොඩි කතාවක් කියන්න. මම මේක ජීවිතේ කාටවත් කියන්නෙ නෑ කියලා හිතාගෙන හිටිය කතාවක්. ඒත් මේ වෙලේ කොල්ලෙක් විදිහට මල්ලි ඉන්න තත්වෙ මට හොදටම තේරෙන නිසා ඒකෙන් අම්මව බේරගන්න විදිහකුත් දැනගෙන මට කටවහන් ඉන්න හිතෙන්නෙ නෑ ඒ නිසා මේක මම උබට කියනවා. හැබැයි මේක කිව්ව ගමන් උබ හිතයි මට තනිකර පිස්සු කියලා ඒත් මම කියන්නම් කියලා.
    මල්ලි අපේ තාත්තා මීට අවුරුදු එක හමාරකට කලින් හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා කියලා පොර කිව්වා. මට හික් ගෑවුනා ඒක අහලා. මොකද පොරගෙ තාත්තා ඉන්නවා කිසිම අවුලක් නැතුව වගේම ඒ අංකල් තමා අපිට වාහනේ ගන්න ගේට්ටුව ඇරලා දුන්නෙත් අද. මම බැලුවෙ මූ ගංජාවත් ගහලා පිස්සු කියවනවද කියලා. හැබැයි පොරගෙ ඇස් දෙක දිහා බැලුවම ඒ මූණෙ තිබ්බ පෙනුම දැක්කම මූ මේ සිරාවට කියන්නෙ කියලා පෙනුනා. අනික මම මේ වගේ තත්වෙක ඉද්දි ආතල් ගන්න ලෙවල් එකේ අපත පොරක් නෙවෙයි ඒ අයියා. ඒ හින්දා මම ඇහුවා පිස්සුද අයියෙ අංකල් අර හොදට ඉන්නෙ කියලා. ඔව් මල්ලි දැන් හොදට ඉන්නවා ඒ මම එයාව බේරගත්ත හින්දා කිව්වා. මට දැන් හිතෙන්නෙම මූට ට්‍රැක් පැනලා කියලා. මම වාහනේ ඩ්‍රයිව් කරන්න ගන්නද කියලත් ඇහුවා. මූ කිව්වා නෑ එහෙම කිසිම අවුලක් නෑ පොර හොද සිහියෙන් කතා කරන්නෙ කියලා.
    ඊටපස්සෙ මම මුලු කතාවම මුල ඉදන් කියන්නම්කො කියලා මිනිහා කතාව පටන් ගත්තා. ඒ අයියා ග්‍රැෆික් ඩිසයින් කරන්නෙ. මුලින්ම ෆ්‍රීලාන්ස් වෙන රටවල වෙබ්සයිට් වල වැඩකරලා ඒකෙන් ක්ලයන්ට්ලා හදාගෙන පොරගෙම පොඩි කම්පැනියක් දාගෙන වැඩ කරන්නෙ. 6,7 දෙනෙක් වැඩ පොරලග. ඔක්කොම ඔන්ලයින්. පැලෙන්න සල්ලි තියනවා. ගේ luxury type එකට මොඩිෆයි කරලා, luxury වාහනයක් එහෙම තියන් සැපේ ඉන්නෙ පොර. ඒ අයියගෙ අම්මා කලින්ම නැතිවෙලා. තාත්තයි අක්කයි විතරයි ඉන්නෙ. අක්කා බැදලා වෙනම ඉන්නෙ. එයාලගෙ තාත්තා තමා අම්මා නැතිඋන කාලෙ ඉදන් කෑම බීම පවා හදලා හැමදේම කරලා එයාලව බලාගෙන තියෙන්නෙ.
    පොර කිව්වා අර කිව්ව වගේ අවුරුදු එක හමාරකට කලින් එයාගෙ තාත්තාට පොඩ්ඩක් පපුවෙ කැක්කුමක් ඇවිල්ලා. එදා දවල් ඇවිල්ලා තියෙන්නෙ. ඊටපස්සෙ අයියා එහෙම්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකකට එක්ක යන්න හදලා හැබැයි එතකොට කැක්කුම අඩු උනා කියලා යන්න ඕන නෑ කියලා අංකල්. අයියා හෙන ට්‍රයි එකක් දීලා අරන් යන්න එවෙලේ යන්න බෑ ම කියලා අඩුයි කියලා.පස්සෙ හවස අයියට important USA client කෙනෙක් එක්ක ඔන්ලයින් මීටින් එකක් තිබිලා. ඒක වෙලේ අංකල් ඇවිල්ලා කාමරේ දොරට තට්ටු කරලා. අයියා කියලා මීටින් එකක ඉන්නෙ ඉවර උන ගමන් එන්නම් කියලා. පස්සෙ විනාඩි 40ක විතර මීටින් එක ඉවර වෙලා එනකොට තාත්තා සාලෙ සෝෆා එකේ වැටිලාලු පපුව අල්ලගෙන. අත අල්ලලා බලනකොට සිහිය තිබිලා. එහෙම්මම හොස්පිට්ල් අරන් ගිහිල්ලා. ගිහිං ICU දැම්මත් නැති වෙලා. ඩොක්ට කියලා තියෙන්නෙ තව පැය භාගයක් විතර හරි කලින් ආවනම් බේරගන්න තිබ්බා කියලා.
    මූට ඒක අහලා පිස්සු හැදුනා වගේ උනාලු. මලගෙදරවත් සිහියෙන් ඉන්න බැරි උනාලු. උගෙ වරද හින්දා තමා තාත්තා නැති උනේ කියලා හැම වෙලේම හිතෙන්න අරන් ඩිප්‍රෙශන් හැදුනලු. මලගෙදර වැඩ වලට එහෙම මමත් උදව් කරාලු කියලා කිව්වා.ඔන්න එතකොට තමා ආය මමත් පියවි සිහියට ආවෙ අංකල් තවම ඉන්නවනෙ කියලා වෙලා නැති මලගෙදරකට මම උදව් කරන්නෙ කොහොමද?
    ඊටපස්සෙ මම ඇහුවා එහෙනම් අංකල් තවම ඉන්නෙ කොහොමද කියලා? එයා මැරුනනම් මැරුනට පස්සෙ බේරගන්නෙ කොහොමද කියලා. ඊටපස්සෙ පොර කිව්වා මලගෙදරින් පස්සෙ පොරට ඩිප්‍රෙශන් වැඩිවෙලා හොස්පිට්ල් එකෙත් ඉන්න උනාලු. කම්පැනි ඒක උගෙ යාලුවට පවරලා ඒකෙන් මාසෙට ගානක් විතරක් ඌට එන්න හදාගත්තලු. පස්සෙ හොස්පිට්ල් එකෙන් ආවට පස්සෙ ගෙදර ඉදන් ලෝකෙ හැම තැනම තියන දේවල් study කරන්න ගත්තලු මැරුන කෙනෙක්ව ආපහු බේරගන්නෙ කොහොමද කියලා හිතේ අවුල අමතක කරන්නත් එක්ක. සයන්ටිෆික් දේවල් නැති නිසා ඊටපස්සෙ පොර එක එක රටවල ජනප්‍රවාද පස්සෙ පවා යන්න අරගෙන. කොටින්ම Cross Road Deamon Deal එක ගහන්නත් තුන් හතර පාරක්ම ට්‍රයි කරලා. හරි ගිහින් නෑ. ලූසිෆා ට ආත්මෙ පවරලා ඩීල් එකක් ගහගන්න හදලා ඊටපස්සෙ ඒක හරි ගිහිනුත් නෑ.
    පස්සෙ බටහිර රටවල ලොකු පෝසත් උන් වන්දනා කරන සිතූ පැතූ සම්පත් දෙනවා කියලා විශ්වාස කරන මොලෙක්, බාල් වගේ යක්කු ගැනත් විස්තර හොයාගෙන ( අර එප්ස්ටීන් ෆයිල්ස් වල ලෝක බලවත්තු අදහලා තියෙන්නෙ මේ යක්කුන්ව. එප්ස්ටීන් ෆයිල්ස්වල ඒ යක්කුන්ගෙ නම් කියවෙනකොට මට මතක් උනේ එදා අවුරුද්දකට විතර කලින් අපි එප්ස්ටීන් කියලා සීන් එකක් අහලවත් නැති කාලෙ මේ අයියා ඒ යක්කු ගැන කිව්වා නේද කියලා). උන්ට බිලිපූජා දෙන්න ඕනෙලු. හැබැයි උන්ටත් ධනය බලය වගේ දේවල් දෙන්න පුලුවන් කියලා විශ්වාස කරාට, උන්ට මැරුන කෙනෙක්ව ආය ගේන්න බෑලු. ඒ නිසා ඒවා අත ඇරලා දාලා.
    ඊටත් පස්සෙ තමා හිමාල කන්දෙ නේපාලෙ ඉන්දියා බෝඩරේ අවට කදුකර මිනිස්සුන්ගෙ පුරාවෘතයක තිබ්බ කතාවක් පොරට අහන්න ලැබිලා තියෙන්නෙ. ඔය අවට තමා කෛලාශ කූටය කියන පර්වතය තියෙන්නෙත්. ඔය පර්වතය ගැනනම් විශ්වාස ගොඩක් තියනවලු. ශිව දෙවියන්ගෙ වාස භවන කියලා හින්දු ආගමිකයො සමහරක් විශ්වාස කරනවලු, ෂම්භාලා හෙවත් දෙවියන්ගේ නගරය කියලා තව කට්ටියක් විශ්වාස කරනවලු. බෞද්ධ ආගමේ තියන මහාමේරූ පර්වතය කියන්නෙත් ඕකට කියලත් කතාවක් තියනවලු. දෙවනි ලෝක යුද්ධ කාලෙ හිit ලr එයාගෙ නා_සි ගෲප් එකක් එවලා තියනවලු කෛලාශ කූටයෙ මිශන් එකකට. කතාවෙනම් කියන්නෙ හිit ලrට ඕනවෙලා තිබ්බෙ ඒ වෙද්දි යුද්ධෙ ජර් මනිය පැරදීගෙන එන නිසා, ඒ කෛලාශ කූටයෙ අභිරහස විසදලා ඒකට ඇතුල්වෙලා ඒකෙ තියන දෙවියන්ගේ තාක්ෂණය දැනුම පාවිච්චි කරලා දෙවනි ලෝකෙ යුද්ධෙ දිනලා ලෝකෙ පාලනය කරන්නලු. ( ඔය කෛලාශ කූටෙ ගැන මමත් පස්සෙ විස්තර හෙව්වා. ඕක ගැන විස්තර තියනවා පොත් ලියන්න තරං. යූටියුබ් එකෙත් තියනවා. හැබැයි අපේ කතාවට මේ ඇති)
    කොහොම හරි ලෝකෙ තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් තාම කෛලාශ කූටය තරණය කරලා නෑ කිසිම කෙනෙක්. ඒවගේම කෛලාශ කූටය තරණය කරන්න ඒ ලගට ගිහිං උත්සහා කරපු අය පවා සෑහෙන ඉක්මනට වයසට යන්න පටන් අරන් තියනවා. කෛලාශ කූටය ලගදි මාලිමා වැඩකරන්නෙ නැල්ලු. කාලය කියන දේ ලෝකෙ අනිත් තැන්වලයි කෛලාශ කූටය ලගයි වෙනස් විදිහට හැසිරෙනවා කියලා තමා කතාවල තියෙන්නෙ. ඉතිං ඔය හිමාල කදුකරයෙ, නේපාලේ බෝඩර් එක හරියෙ තියන ජනප්‍රවාද කතා තියනවලු හිමාල කන්දෙ කෛලාශ කූට පර්වතය ලග කැලෑවෙ භාවනායෝගී ඍෂිවරු ඉන්නවා කියලා. ඒවගේම ඒ ඍෂිවරු අවුරුදු 500/ 1000 ක් විතර වයස අය කියලත් කතාවක් තියනවලු. ඔය ජනප්‍රවාද අස්සෙ තමා අර අයියට එයා මාස ගානක් හොය හොය හිටපු දේ ගැන තිබ්බ කතාවක් අහු උනේ.
    මීට අවුරුදු සීයකටත් එහා කාලෙක ඉංග්‍රීසි ජාතිකයො ඉන්දියාව පාලනය කරන කාලෙ ලොකු වැහි කුනාටුවක් ඔය හිමාල කදු පැත්තට ඇවිල්ලා නාය යෑමක් වෙලා. දර කපන්නෙක් විදිහට රස්සාව කරපු තාත්තා කෙනෙක් ගෙදර එනකොට එයාලගෙ ගමෙන් භාගයක්ම යටවෙලාලු. එයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම යටවෙලා එයාගෙ අම්මා, බිරිද ලමයි දෙන්නා හැමෝම මැ ,රිලා ලු. ඊටපස්සෙ ඒක දාරගන්න බැරුව ප්‍රපාතෙකින් පහලට පැනලා සි ය දිවි න,සාග,න්න ගිහින් ඒ තාත්තා. ඒ යන ගමන් කැලේදි මේ භාවනායෝගී ඍෂිවරයෙක් ඒ තාත්තට කතා කරලා විස්තර අහලා එයා කියලා පවුලෙ අයව බේරලා දෙන්නම් කියලා. ඊටපස්සෙ එ දරකපන මනුස්සයගෙ අතින් ඍෂිවරයා අල්ලගෙන භාවනා කරන්න පටන් අරන්. ඊලගට අර මනුස්සයට මතක දර කප කප ඉන්නවලු. එදා ඇදගෙන ආව ඇදුම, තවම උණුවට තියන කෑම එක දැක්කම එයාට මතක් උනාලු මේ එයා ඉන්නෙ මීට දවස් දෙකකට කලින් කාලයේ කියලා. ඒ කියන්නෙ නාය යෑම වෙන දවසෙ උදේ කියලා. එයා එහෙමම ගමට දුවගෙන ගිහිං එයාගෙ ගෙදර අය ඔක්කොම එලියට අරගෙන ආරක්ෂිත තැනකට අරං ගිහින්, ගමේ මිනිස්සුන්ටත් කෑගහලා එලියට එන්න එන්න කියලා බලෙන්ම කියලා පුලුවන් හැමෝවම ඈතට අරන් ගිහිං. ඊට විනාඩි කීපයකට පස්සෙ නාය ගිහිං ගමෙන් භාගයක්ම යටවෙලා. එයා කියන දේ අහලා එන්නෙ නැතුව ගෙවල් වලට වෙලාම හිටපු කීපදෙනෙක් ඇරෙන්න එයාගෙ පවුලෙ අය ඇතුලු ගමේ මැ රෙන්න හිටපු බහුතරයක් එයා බේරගෙන.
    Ithuru tika dapnko :(
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,349
    1
    6,170
    113
    පිස්සොන්ගෙ මෝඩ බණ අහල උබේ මොළේ කුරොවල් වෙලා තියෙන්නෙ. 🤷‍♂️ බඩුවක් ගහන්න එතකොට හරියයි.
    බණ ක් අහන්නයි
    බඩුව ගහන්නයි
    මින් මතු නෑ ආරාධනා 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    බණ ක් අහන්නයි
    බඩුව ගහන්නයි
    මින් මතු නෑ ආරාධනා 🤷🏻‍♂️
    "මචං, මේක කාටවත් කියන්න එපා. මට තාමත් හිතාගන්න බෑ මම මේ පිස්සෙක් වෙලාද නැත්නම් ඇත්තටම එහෙම වුණාද කියලා." මගේ යාළුවා @AnuradhaRa එදා කතාව පටන් ගත්තේ ගැහෙන හඬින්.
    අනුරාධ කියන්නේ මීගමුව පැත්තේ පැරණි ඔරලෝසු සහ පෞරාණික බඩු අලුත්වැඩියා කරන මගේ යාළුවෙක්. මීට මාසෙකට කලින්, වයසක මනුස්සයෙක් ඔහුගේ කඩයට ආවා. ඒ මනුස්සයා ළඟ තිබුණේ 1950 ගණන්වල නිෂ්පාදිත, ලංකාවේ පැරණි රාජ්‍ය ලාංඡනය කොටා තිබූ අත් ඔරලෝසුවක්. එහි අමුතුම යාන්ත්‍රණයක් තිබූ අතර, වේලාව ඉදිරියට නොව ආපස්සටයි වැඩ කළේ.
    "මල්ලි, මේක හදන්න පුළුවන්ද? හැබැයි මේකේ කටු කැරකෙන පැත්ත වෙනස් කරන්න එපා," වයසක පුද්ගලයා පවසා තිබුණා.
    අනුරාධ රෑ තිස්සේ මේ ඔරලෝසුව ගලවමින් පරීක්ෂා කළා. එහි ඇතුළත ලෝහ තැටි එකිනෙක ගැටෙද්දී අමුතුම සංඛ්‍යාතයක ශබ්දයක් පිටවුණා. එකපාරටම ඔහුගේ මුළු කාමරයම දැඩි සීතලක් දැනෙන්නට වූ අතර, ඔරලෝසුවේ කටු වේගයෙන් ආපස්සට කැරකෙන්නට වුණා. අනුරාධට තත්පර කිහිපයකට සිහිය නැති වුණා සේ දැනුණා.
    ඔහු පියවි සිහියට එද්දී ඔහු සිටියේ තමන්ගේ කාමරේ නෙවෙයි. ඔහු සිටියේ ලංකාවේ අතීත දුම්රිය ස්ථානයක. මීගමුව දුම්රිය ස්ථානයේ. අවට සිටි මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම්, කතාබහ සියල්ල 1970 දශකයට අයිති ඒවා. පුවත්පත් අලෙවි කරන්නෙකු ළඟ තිබූ පත්තරයක දිනය සටහන්ව තිබුණේ '1974 මැයි 15' ලෙසයි. අනුරාධ දැඩි ලෙස බියට පත්වුණා. ඔහු වටපිට බලද්දී, දුම්රිය වේදිකාවේ වාඩි වී සිටින තරුණයෙක් දැක්කා. ඒ තරුණයා අතේ තිබුණේ අර අද්භූත ඔරලෝසුවමයි.
    අනුරාධ ඒ තරුණයා දෙසට ඇවිද යන්නට උත්සාහ කරද්දීම, නැවතත් අර ඔරලෝසුවේ ශබ්දයම ඇසුණා. ක්ෂණයකින් සියල්ල බොඳ වී ගොස්, අනුරාධ නැවතත් තමන්ගේ වැඩපොළේ පුටුව මත ඇහැරුණා. වෙලාව රෑ 11.30 යි.
    විශ්වාස කරන්න, ඊළඟ දවසේ අර වයසක මනුස්සයා ඔරලෝසුව ගන්න ආවේ නැහැ. අනුරාධ ඒ ගැන සොයා බැලීමේදී දැනගන්න ලැබුණේ, 1974 දී ලංකාවේ දුම්රිය අනතුරකින් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ තොරතුරුයි. පුදුමය නම්, ඒ අතුරුදහන් වූ පුද්ගලයාගේ ඡායාරූපය, අර ඔරලෝසුව හදන්න දීපු වයසක පුද්ගලයාගේ තරුණ කාලයට 100% ක්ම සමාන වීමයි.
    අනුරාධ තාමත් ජීවත් වෙන්නේ දැඩි බියකින් සහ කුතුහලයකින්. ඒ ඔරලෝසුව තවමත් ඔහුගේ මේසය මත තිබෙනවා. 🤷‍♂️