එකම ස්ථානයක ('Slaughterhouse' එකක) රැකියාව කරන 'Endre' සහ 'Mária' කියන දෙන්නටම තිබුණෙ 'introvert' විදිහෙ චරිත ස්වභාවයකුයි. කොහොම නමුත් මේ දෙන්නා හමුවුණු මුල් දවසෙ ඉදලම මේ දෙන්නා අතරෙ එකිනෙකා ගැන පොඩි ඇල්මක්, සමීපබවක් ගොඩ නැගෙමිනුයි තිබුණෙ. ඔය අතරෙ දවසක් අහම්බෙන් වගේ මේ දෙන්නා දැනගන්නවා මේ දෙන්නා හැමදාම රෑට නිදාගනිද්දි එකම විදිහෙ හීනයක් දකින බව...
මෙන්න මේ සිදුවීම පසුබිම් කරගෙනයි හංගේරියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වෙන "Ildikó Enyedi" ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම තිර රචනයෙනුත් හැඩ වෙලා නිර්මාණය වුණු "On Body and Soul (2017)" කියන චිත්‍රපටියෙ කතාව ගලාගෙන යන්නෙ. Alexandra Borbély, Géza Morcsányi කියන නළු-නිළි දෙපළ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වුණු මේ චිත්‍රපටිය 2018 පවත්වපු 90 වැනි ඔස්කාර් සම්මාන උළලෙදි "වසරේ හොදම අන්තර්ජාතික චිත්‍රපටියට" දෙන සම්මානය සදහා නාමයෝජනා ලබාගන්නත් සමත් වුණා.
"Máté Herbai" විසින් තමයි චිත්‍රපටියෙ කැමරා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නෙ.
චිත්‍රපටිය බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ටිකක් වෙනස් විදිහෙ කතාවක් තියෙන හොද චිත්‍රපටියක්.