Ithuru tika dapnko
එයා කියන දේ අහලා එන්නෙ නැතුව ගෙවල් වලට වෙලාම හිටපු කීපදෙනෙක් ඇරෙන්න එයාගෙ පවුලෙ අය ඇතුලු ගමේ මැ රෙන්න හිටපු බහුතරයක් එයා බේරගෙන.
පස්සෙ එයා කොහොමද මේක කලින් දැනගත්තෙ කියලා කට්ටිය අහනකොට තමා විස්තරේ කියලා තියෙන්නෙ. ඊටපස්සෙ ගමේ ගොඩක් මිනිස්සු ඍෂිවරයා හොයන්න කැලේට සෑහෙන වතාවක් ගියත් එයාව හොයාගන්න කාටවත් බැරිවෙලා. ඊටපස්සෙ මේ කතාව හිමාලෙ කදුකර මිනිස්සුන්ගෙ ජනප්‍රවාදයක් විදිහට දශක ගානක් ඇවිල්ලා.
මේක ගැන ඊටපස්සෙ අර අයියා තව සෑහෙන්න හොයලා. එයාගෙ අදුරන ඔය භාවනා ක්‍රම, කුණ්ඩලීනී වගේ දේවල් ප්‍රගුණ කරන ලංකාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙනුත් විස්තර අහලා. එයත් ඒ ගැන හරියට දන්නෙ නැති හින්දා ඉන්දියාවෙ යෝග ගැන පුරාණ ඍෂිවරු ගැන ගවේෂණය කරන තරුණ විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරයෙක්ව අයියට අදුන්වලා දීලා. ඊටපස්සෙ එයා එක්ක දිගටම මේ ගැන විස්තර කතාකරගෙන යනකොට එයා කියලා තියෙන්නෙ මෙහෙම දෙයක්.
බටහිර මිනිස්සුන්ගෙ කර්මය පුනර්භවය ආත්මය වගේ සංකල්ප නැති නිසා බටහිර බුද්ධිමතුන් විද්‍යාඥයන් හැමදේටම වඩා උනන්දු උනේ භෞතික දියුණුව ලබාගන්න. උපරිම දියුණු තාක්ෂනයක් හදාගන්න. ඒ නිසා තමා ලෝකෙ මෙච්චර තාක්ෂණිකව දියුණු වෙලා තියෙන්නෙ. හැබැයි අවුරුදු දාස්ගානකට කලින්ම මනස දියුණු කරලා ලෝකයේ කර්මය, පුනර්භවය, ආත්මය වගේ දේවල් ගැන දැනගත්ත පෙරදිග බුද්ධිමත් අය
ඍෂිවරු තාක්ෂණික දියුණුව කියන්නෙ කවදාවත් ඉවරවෙන්නෙ නැති ගමනක් පස්සෙ තේරුමක් නැතුව හැල්මෙ දුවන එක කියලා තේරුම් අරගෙන ඊටවඩා මනස දියුණු කරලා උසස් මානසික තලයකට යන එකයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුන අය කරන්න ඕනෙ කියලා විශ්වාස කරලා මනස දියුණු කරන්න මූලිකත්වය දීලා තියෙන්නෙ කියලා.
ඒ ඉන්දියන් ෆ්‍රොෆාම අයියට කිව්වලු නිකමට හිතන්නකො අපේ (ඉන්දියාවෙ) පුරාණ කාලෙ තිබ්බ දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම, luxury මාලිගා හදන තාක්ෂණ එතකොට ඕගොල්ලන්ගෙ (අපේ ලංකාවෙ) වැව් හදලා වගා කරන්න ඇලවල් කපලා කරපු දියුණු වාරි තාක්ෂණය වගේ දේවල් වලට පාවිච්චි කරපු දැණුම යුධ උපකරණ ආයුධ හදන්න පාවිච්චි කරානම් සුද්දා පෙරදිගට එනකොට ගලේ ගහලා වැලේ වනන්න තිබ්බ නෙහ් කියලා. හැබැයි පෙරදිග මිනිස්සුන්ට එහෙම රටවල් අල්ලගන්න, යුද්ධ කරලා යටත් කරගෙන ඒවගෙන් ගොඩයන්න වගේ ආශාවක් තිබ්බෙත් නෑ එහෙම කරලා තේරුමක් නෑ කියලා පෙරදිග මිනිස්සු දැනගෙන හිටියා ඒ නිසා පෙරදිග මිනිස්සු යුද්ධ වලට ආයුධ දියුණු කරන එක ගැන ලොකුවට හිතුවෙ නෑ. එයාලට එන ආක්‍රමණ වලින් බේරිලා ඉන්න තිබ්බනම් එයාලට එච්චරයි ඕන උනේ කියලා.
ඊලගට කියලා බටහිර විද්‍යාඥයන්ට තාක්ෂණය කොච්චර දියුණු උනත් තවම කාලය හරහා යන්න බැරිවෙලා තියෙන්නෙ එයාලා තාක්ෂණය පාවිච්චි කරලා භෞතික ශරීරත් එක්කම කාලය තරණය කරන්න උත්සහා කරන නිසා කියලා. හැබැයි පෙරදිග ඍෂිවරු, කුණ්ඩලීනී ධ්‍යාන ලාභීන් කාලය තරණය කලේ දියුණු කරපු සිතෙන් කියලා. මොකද සිතුවිල්ලක වේගය ආලෝකයේ වේගය වගේ මිලියන ගුණේකටත් වඩා වැඩි නිසා ඒක විද්‍යාත්මකයි කියන්නත් පුලුවන් කියලා. එතකොට ඒ ක්‍රමයට භෞතික ශරීරයක් එක්ක කාල තරණය කරන්න බෑ සිතින් තමා කාලය හරහා යන්නෙ. ඊටපස්සෙ අයියා කියලා එයාට අහන්න ලැබුන අර හිමාල කදුකරයෙ ගම්මාන වල තියන ජනප්‍රවාද කතාව ගැන. ඍෂිවරයට සිතෙන් විතරයි නම් අතීතයට යන්න පුලුවන් කොහොමද අර දර කපන මනුස්සයාට එකපාරටම නාය යෑම වෙන්න පැය ගානකට කලින් මෙහෙම එකක් වෙනව කියලා දැනිලා ගම බේරගත්තෙ කියලා. එයා ඊටපස්සෙ කියලා ඒක හරියටම කියන්න බෑ හැබැයි එයා හිතන්නෙ ඍෂිවරයට සිතෙන් අතීතයට ගිහිල්ලා අතීතයෙ ඉන්න දරකපන කෙනාගෙ මනසට අනාගතේ වෙන දේ විශන් එකක් වගේ පෙන්නන්න පුලුවන් හැකියාවක් තියෙන්නෙ ඇති කියලා.
ඊටපස්සෙ අයියා කියලා අයියා නේපාලෙට යන්න ඉන්නෙ එතනින් කෛලාශ කූට පර්වතය අවට ඉන්න ඔය ඍෂිවරයව හම්බ වෙන්න කියලා. ඊටපස්සෙ ඉන්දියන් ප්‍රොෆා කියලා එහෙම යන එකනම් බොරු වැඩක්. අවුරුදු 100කට කිට්ටු කාලෙකදි ඒ ඍෂිවරයව දැකලත් නෑ කවුරුත් ඔය ජනප්‍රවාද කතාව ඇරෙන්න. අනික ඍෂිවරයා හිටියත් එහෙම පේන්න එන්නෙ නෑ අපිට එයාව බලන්න ඕනෙ උනා කියලා ඕක තනිකර බොරු වැඩක් කියලා.
ඒ උනාට අයියා මෙච්චර හොයලා නැතිවුන තාත්තව බේරගන්න පුලුවන් කියලා නමට හරි අංශු මාත්‍රෙක බලාපොරොත්තුක් හරි දෙන්න පුලුවන් උන එකම ක්‍රමේ අතඇරලා දාන්න කැමති වෙලත් නෑ. ඕන එකක් වෙන්න කියලා නේපාල්/ ඉන්දියා බෝඩර් එකේ හිමාල කන්දෙ කෛලාශ කූට ඒරියා එකට ගිහින්. ගිහිං නතර උන cottage එකෙන් හොද ගයිඩ්ලගෙ ඇසිස්ටන් වගේ හිටපු කොල්ලෙක් සෙට් වෙලා. හොදට English පුලුවන්ලු. පොරට හොදට ගෙවලා ඊටපස්සෙ පොර එක්ක වටේම ගම්මාන ගානෙ ඇවිදලා අර ජනප්‍රවාදෙ තියන හරිම ඒරියා එක හොයාගෙන යන්න පටන් අරන්. දවස් 3ක් විතර ගිහිං හරියටම ඒ ගම හොයාගන්න. ඊටපස්සෙ ඒකෙ වැඩිහිටියො ටික එක්ක කතාකරලා ඒ කාලෙ ඍෂිවරයා හිටියා කියන කැලේ තියන ඒරියා එක දළ වශයෙන් හොයාගෙන. ඊට පස්සෙ ඒ අවටම පොඩි නවාතැනක නැවතිලා දවස් 3ක්ම ගයිඩ් කොල්ලා එක්ක ඇවිල්ලා උදේ ඉදන් රෑ වෙනකන් ඒ ඒරියා එකේ කරක් ගැහුවලු. ඒත් ඍෂිවරයෙක් තියා මිනිස් පුලුටක්වත් හම්බෙලා නෑ. ඊටපස්සෙ ගයිඩ් කොල්ලත් කිව්වලු 'බාබු ඔය බොරු දෙයක් පස්සෙ යන්නෙ' දැන් නවත්තමු වැඩේ කියලා. පස්සෙ අයියා ඌටත් සල්ලි දීලා පිටත් කරලා ඒත් වැඩේ අත ඇරලා නෑ.
ඊටපස්සෙත් පිට පිට දවස් 6ක් ගිහින් උදේ ඉදන් හවස් වෙනකන්ම ඒ ඒරියා එක වටේ රවුම් ගහලා ඇවිල්ලා. 7 වෙනි දවසෙ උදේ අයියට හොදටම උණ ගැනිලා. ඊටපස්සෙ බෙහෙත් අරගෙන ඇදේ ඉදලා දවස් 3ක්. යන්තම් හොද උණ ගමන් ඊලග දවසෙ ආයෙත් ගිහිල්ලා ඒත් මොකෙක්වත් හම්බෙලා නෑ. 11 වෙනි දවසෙත් ගිහිල්ලා. එදා යනකොට ගල් ගුහා ටිකක් තියන පැත්තක් තියනවලු ඒ පැත්තට ආය ගිහින් ( මීට කලිනුත් ඔය ගල්ගුහා ඔක්කොම අගලක් නෑල පීරලා අයියා. දවසක් ඇර දවසක් ගිහින් ආව දවස්වල වවුල්ලු ඇරෙන්න මොකෙක්වත් ඉදලා නෑ) හැබැයි එදා යනකොට තුන් වෙනි ගල් ගුහාවෙ වෙනසක් වගේ දැකලා. ඇතුලට ගිහිං බලනකොට ගුහාව මැද සුදු ඇදගෙන භාවනායෝගී ඉරියව්වෙන් ඉන්නවලු වයසක පෙනුම තියන කෙනෙක්.
අයියට හික් ගෑවිලා ඒක දැකලා. පොර ආයෙත් වතුර ටිකක් එහෙමත් බීලා බලලා පොරට උණ විකාරෙන් ට්‍රැක් පැනලා පේන එකක්ද කියලා. ටිකකින් ඇත්තම කෙනෙක් කියලා තේරුනාම මාර සතුටින් ගිහින් ඉස්සරහින් වාඩි වෙලා. ඊටපස්සෙ ඍෂිවරයා ඇස් ඇරලා අයියා දිහා බලලා. එක වචනයක්වත් පිට කරේ නැල්ලු එතුමා කටින්. හැබැයි සිතුවිලි වලින් කතා කරන්න අරගෙන අයියා එක්ක. පැහැදිලි සිංහල වලින් කතා කරලා තියෙන්නෙ. ඔය දරුවා ඇවිල්ලා ඉන්නෙ මොකටද කියලා මම දන්නවා. හැබැයි ඉපදීම මරණය කාලය කියන්නෙ සොබාදහමම කොටස්. ඒ නිසා නොකර බැරි අවස්ථාවක ඇරෙන්න අපි ඒව වෙනස් කරන්න යන්නෙ නෑ. ඒත් උත්සහය අත අරින්නෙ නැතුව මේ අරමුණෙන් දිගටම උත්සහා කරන නිසා කොච්චර අමාරු උනත් මාව මුනගැහෙන්න නැතුව මේ අදහස අත ඇරලා යන්නෙත් නැති නිසා තමා ඔය දරුවා ඉදිරියට මම ආවෙ කියලා.
අයියා ඊටපස්සෙ කියලා මට තාත්තව බේරගන්න විතරයි ඕනෙ තාපස තුමනි කියලා (අයියා කටින් කියන්න් හැදුවත් හිතෙන් තමා කියවිලා තියෙන්නෙ). ඊටපස්සෙ ඍෂිවරයා කියලා කෙනෙක්ගෙ උපතත් එක්කම මරණය තීරණය වෙලා එන්නෙ. හැබැයි ඒක විවිධ වෙනත් සාධක මත වෙනස් වෙන්නත් පුලුවන්. එතකොට ඒ සාධක එකක් හෝ කීපයක් මූලික වෙලා තව ආයුෂ ඒ පුද්ගලයට විදින්න තිබ්බත් මරණය සිද්ධ වෙන්න පුලුවන් කියලා. ( අයියා කියන්නෙ මෙතන ඒ ඍෂිවරයා අදහස් කරලා තියෙන්නෙ බෞද්ධ දර්ශණයේ කියවෙන නියාම ධර්ම වගේ දෙයක් ලු)
ඒ නිසා මේකට අත දාන්න කලින් ඔබේ පියාගෙ පරමායුෂ ඉවරවෙලාද මරණය සිද්ධවෙලා තියෙන්නෙ නැත්නම් නියාම ධර්මයක් මූලික වෙලාද කියලා බලන්න ඕනෙ කියලා. ඊටපස්සෙ ඍෂිවරයා විනාඩි 15ක් විතර ධ්‍යානයකට සම වැදිලා ඉදලා කිව්වලු ඔබේ පියාගෙ උපන් නැකතට අනුව කර්මයට අනුව ඔහුට තව අවුරුදු 9ක් ජීවත් වෙන්න වාසනාව තිබිලා තියනවා ඒත් වෙන හේතුවක් මූලික වෙලා ( එතුමා කිව්ව විදිහට අමනුෂ්‍ය බලපෑමක් සහ වෙනත් කර්මයක් මූලික වෙලා තරමක් අසනීප වෙලා සුව වෙන්න තිබ්බ අපලයක් මාරකයක් බවට හැරවිලා) මරණය සිදුවෙලා තියනවා කියලා.
ඊටපස්සෙ කියලා එහෙම උනත් ආවට ගියාට ඒ මරණය වලක්වන්න බෑ. ඒ මරණය වලක්වන නිසා කාල රේඛාවට වෙන බලපෑම බලන්න ඕන. වෙන ජීවිත හානි වෙනවද බලන්න ඕන කියලා. ( අයියා කියන්නෙ මේ බලලා තියෙන්න time travel paradoxes වගේ දෙයක් කියලා. ඒකියන්නෙ උදාහරණයක් විදිහට මේ මළගෙදර ආව නිසා වෙන විදිහකට නැතිවෙන්න හිටිය කෙනෙක්ගෙ ජීවිතේ බේරිලා වගේ දෙයක් වෙලා තිබ්බොත් ඍෂිවරු මේ වැඩේට මැදිහත් වෙන්න නෑලු. මොකද එහෙම උනොත් එක්කෙනෙක් බේරන එකෙන් තව කෙනෙක් නැතිවෙන නිසා) ඊටපස්සෙ ආය ඍෂිවරයා විනාඩි 40 විතර ධ්‍යානයකට සම වැදිලා ඉදලා. ඊටපස්සෙ කියලා නෑ එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ ඒ නිසා මේ වැඩේ කරන්න පුලුවන් කියලා. අයියට ඇඩෙන්න ආවලු සතුටට ඒක අහලා.
ඊටපස්සෙ ඍෂිවරයා පැහැදිලි කරලා තියනවා මේ වැඩේ වෙන විදිහ, වැඩේ බරපතලකම සහ නීති රීති. අයියගෙ තාත්තව බේරගන්න පුලුවන් අතීතයේ ආසන්නම දිනයට ඍෂිවරයා සිතෙන් ගමන් කරනවලු. ඊටපස්සෙ ඒ දවසෙ ඉන්න අයියගෙට මනසට වර්ථමාන කාලේ ඉන්න අයියට පණිවිඩයක් යවන්න පුලුවන්ලු ඍෂිවරයා මාර්ගෙන්. ඒක හීනයක් වගේලු අතීතයෙ ඉන්න අයියට පේන්නෙ. එතකොට නීති රීති තමයි අතීතයේ ඉන්න කෙනාට කියන්න පුලුවන් තාත්තව බේරගන්න එක ගැනම විතරයි වෙන කිසිම දෙයක් කියලා ( එයාලගෙ අනතුරක් උන වෙන නෑයෙක් ගැන, නැත්තං ස්වභාවික විපතක් වෙලා මිනිස්සු දාස් ගානක් මැරෙන වගේ දෙයක් උනත්) කාල රේඛාවට බලපෑම් කරන්න තහනම් කියලා. ඊලගට කියලා මේකෙ සාර්ථක අසාර්ථක ස්වභාවය තියෙන්නෙ අතීතයේ ඉන්න අයියා මේ හීනෙන් වගේ දැකපු පණිවිඩය විශ්වාස කරලා ඒකෙ කියන විදිහට කටයුතු කරොත් විතරයි කියලා. ඒ කියන්නෙ බැරිවෙලාවත් එයා මේක හීනයක් කියලා අමතක කරලා නිකන් හිටියොත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ තාත්තව බේරගන්නත් බෑ ඒකට ඍෂිවරයට කරන්න දේකුත් නෑ කියලා.
හැබැයි අතීතයෙ හිටපු කෙනා මේ පණිවිඩේ විශ්වාස කරලා ඒකෙ විදිහට වැඩ කරලා තාත්තව බේර ගත්තොත් මේ වර්ථනයෙ ඉන්න අයියා මෙතනින් ( කෛලාශ කූටය අසල ඍෂිවරයගෙ ගල් ලෙනෙන්) අතුරුදන් වෙනවලු. මොකද තාත්තා ජීවතුන් අතර ඉන්න නිසා අයියට නේපාලෙ ඉන්දියා බෝඩර් එකට එන්න හේතුවක් නෑනෙ? හැබැයි එතකොට වර්ථමාන කාලෙ ඉන්න අයියා ලංකාවෙ ගෙදරදි ඇහැරෙයි කිව්වාලු එකපාරටම. හැබැයි එයාට මේ හැමදේම මතක තියනවලු මුල ඉදන්ම. තාත්තා නැති උන එකේ ඉදන් ඍෂිවරයා මාර්ගයෙන් තාත්තව බේරගත්ත එකට එනකං. එහෙම මතක තියෙන්නෙ ඒකෙන් කාල රේඛාවට බලපෑමක් නැති නිසාලු. මොකද එතකොට එයා දන්නෙ අතීතෙ ඉදන් ඒ වර්ථමානෙ දක්වා උන දේවල් මිසක් අනාගතේ දේවල් මුකුත් දන්නෙ නෑනෙ? ඒ නිසාලු ඒවා මතකයේ තියෙන්නෙ.