තොරණේ විස්තරේ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔයාලා ගොඩක් ය දකින්න ඇති මම කලින් ඔයාල එක්ක බෙදාගත්තා වගේම ඔයාලගේ අදහස් ඉල්ලුවා මම හදපු ට්‍රැවල් වෙබ් ඇප් එක ගැන . ඉතින් මම අද පෙන්නන්න යන්නේ, මම ඇ ඔයාලා එක්ක බෙදාගත්ත ඇප් එකේ ඒ Admin Console එක , මෙතනින් තමයි මම හැම දේම කරන්නේ. මේක වෙනම project එකක් විදිහට තමයි මම maintain කරන්නේ. මේකේ තියෙනවා මෙන්න මේ දේවල්, මේ සෙක්ෂන් ටික.


    Screenshot from 2026-05-16 09-03-05.png


    1.Places

    මේකේ තියෙන්නේ මගේ බකට් ලිස්ට් එකේ තියෙන ලොකේෂන් ටික සහ අලුතින් ලොකේෂන් බකට් ලිස්ට් එකට ඇඩ් කරනවා වගේම ඒ ලොකේෂන් වල තියෙන දේවල් (values) හදන්නේ මෙතනින්. ඒ කිව්වේ නම වෙනස් කරන්න වගේම ලොකේෂන් එකේ කැටගරි එක , restriction levels වගේම අයිතිය මොන සංවිධානයටද කියන දේවල් මෙතනින් තම වෙනස් කරන්නේ .

    ඒ වගේම මම ලොකේෂන් එකක් complete කරහම ඒ ලොකේෂන් එකේ cover photo , photo album, article එක හදන්නෙත් මෙතනින් වගේම location status එක වෙනස් කරන්නෙත් මෙතනින්. මෙතනින් status done/complete කියල වෙනස් කරන ලොකේෂන් විතරයි front-end එකේ පෙන්නන්නේ.


    Screenshot from 2026-05-16 09-03-12.png


    2.Social

    මෙතනින් කරන්නේ , මම complete කරපු locations වල details එක්ක social media වල පොස්ට් විදිහට share කරන්නේ මෙතනින්. දැනට Instagram , Threads , Pinterest , Flipboard , Mastodon , Twitter වලට share කරන්න පුළුවන් විදිහට හදල තියෙනවා.

    Screenshot from 2026-05-16 09-03-37.png


    3.Map

    මෙතනින් තමයි මම මගේ routes plan කරන්නේ වගේම ඒ plans save කරගෙන ඉන්නේ.

    Screenshot from 2026-05-16 09-04-04.png


    4.Dashboard

    මෙතනින් මට බලාගන්න පුළුවන් මම Front-End එකට share කරලා තියෙන locations වලට වල්ටිලා තියෙන likes , comments වගේම ඒ දාල තියෙන comments වලට reply කරන්නේ, ඒ වගේම කව්රුහරි අලුත් location එකක් Front-End එකෙන් add කරපුවහම , මම එක මෙතනින් තමයි review කරලා approve කරන්නේ, approve කරන locations bucket list එකට add වෙලා end user ටත් ඒ location එයාලගේ plan වලට add කරගන්න පුළුවන්.


    ඉතින් ඔන්න ඔහොම තමයි තොරණේ විස්තරේ

    මේ ට්‍රැවල් සයිට් එක ගැන මගේ කලින් ත්‍රෙඩ් සහ සයිට් ලින්ක් එක පහලින්.

    My Journal - Website

    Thread 01

    Thread 02

    Thread 03



    එහෙනම් ජය
     
    Last edited:
    • Like
    Reactions: kingcapton