මොකක්ද මචං මේ "ජල බැටරිය" කියන්නේ?
අපි සාමාන්‍යයෙන් දන්නවනේ phone එක charge කරන Power Bank. අන්න ඒ වගේ හැබැයි වතුරෙන් වැඩ කරන ලොකු Power Bank එකක් තමයි මේක.
මේක කරන්නේ අරණායක සහ නාවලපිටිය පැත්තේ. මෙතනදී ජලාශ (reservoirs) දෙකක් හදනවා—එකක් උඩින්, අනෙක පල්ලෙහායින්. ඊට පස්සේ මේ ජලාශ දෙක ලොකු බට ලයින් එකකින් (Tunnel එකකින්) සම්බන්ධ කරනවා.
ඕක වැඩ කරන්නේ කොහොමද?
- දවල් කාලයේදී: ලංකාවේ දවල්ට සෝලර් (Solar) සහ සුළං බලාගාරවලින් පට්ට විදිහට විදුලිය හැදෙනවනේ. හැබැයි දවල්ට මිනිස්සුන්ට ඔය ඔක්කොම විදුලිය ඕන වෙන්නේ නැහැ, ඉතින් ඒ අතිරික්ත විදුලිය අපතේ යනවා. අන්න ඒ වෙලාවට ඒ නිකන් තියෙන විදුලිය පාවිච්චි කරලා, පල්ලෙහා තියෙන ජලාශයේ වතුර ටික Pump කරලා උඩ තියෙන ජලාශයට යවනවා. (ඒ කියන්නේ අපි බැටරිය Charge කරා වගේ තමයි).
- රෑ කාලයේදී: රෑ 6 ඉඳන් 10 වෙනකම් තමයි ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ලයිට්, AC දාලා විදුලිය පාවිච්චි කරන්නේ (Peak Hours). අන්න ඒ වෙලාවට උඩ ජලාශයේ තියෙන වතුර ටික පල්ලෙහාට අතහරිනවා. ඒ වතුර පල්ලෙහාට ගලන වේගයෙන් ටර්බයින කැරකිලා ක්ෂණිකව මෙගාවොට් 600ක විදුලියක් Generate කරලා National Grid එකට දෙනවා! (ඒ කියන්නේ බැටරිය Discharged වෙනවා).


