ස්ටර්ලින් පවුම (GBP) සහ යුරෝ (EUR) මිල ගණන් ද අද දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද දින ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 459.12ක් සහ විකුණුම් මිල රුපියල් 476.46ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව 1.62%ක ප්‍රතිශතාත්මක වර්ධනයකි.
එමෙන්ම, යුරෝ එකක ගැනුම් මිල රුපියල් 396.70ක් සහ විකුණුම් මිල රුපියල් 412.13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඊයේ දිනයේ පැවති අගයට වඩා 1.45%ක කැපී පෙනෙන වැඩිවීමක්.