රු. 350 ක average එක ලොකු අවුලක් නෑ. එතනින් එහාට යන්ඩ නොදී හරියට පාලනය කරන්න තියෙන සංචිත ටිකෙන් ඩොලර් බිලියනයක් හමාරක් පාවිච්චි කරත් කමක් නෑ, හැබැයි නා ගන්නෙ නැතිව.
ලංකාවෙ ඉතිහාසය පුරාවටම රුපියල අවප්‍රමාණය විම් වාර කීපයක්ම වුණා. සුනාමියෙන් පස්සෙ ඉඳල ගත්තොත් 100 තිබ්බ එක 120 වෙලා, 125 තිබිලා 145 වෙලා, 150 තිබිලා 180 වෙලා, 180 තිබිලා 200 වුණානෙ. එ‍් කිසිම වෙලාවක බඩු මිල ටිකක් වැඩි වුණා හැර ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. 10%-20% වගේ අවප්‍රමාණයක් සාමාන්‍යයෙන් අාර්ථිකයකට දරා ගන්න බැරි නෑ.
වැදගත්ම දේ බලෙන් අල්ලන් ඉන්න බොරුවට සංචිත නාස්ති නොකර ස්වභාවික විදිහට වැඩි වෙන්න දෙන එක මේ පාරත් සිද්ධ වුණා. වෙන්න ගිය කාලය නම් ඉක්මන් වැඩියි තමයි. හැබැයි එහෙම කරාම Snap back එක අඩුයි. ගොඩක් අල්ලන් ඉඳල අත අැරියා නම් 400 ගණන්වලට ගිහින් අමාරුවෙන් බේරගන්න වෙන එක පා වෙන්න අැරලා වගේ ක්‍රමානුකූලව කරා නම් snap back නොවී හරි මට්ටමක balance වෙනවා. මේ පාරත් එ‍්ක හරියට කරපු එක වටිනවා.
අනික මතක තියා ගන්න ඕන මේක.
ඩොලර් එක නැග්ගොත් දිනන කිසිම කෙනෙක් නෑ. හැමෝම පරදිනවා විතරයි. ඩොලර් හම්බ කරන අයට තාවකාලිකව සල්ලි වැඩිපුර හම්බෙනවා කියල හිතුවත් ඉලක්කම බලාගෙන අතේ ගහනවා මිසක් එ‍් සල්ලිවලින් කරන්න දෙයක් ඉතිරි වෙන් නෑ. Import වලින්ම යැපෙන මේ දූපතේ මොනවා කොහොම කරන්ඩ හැදුවත් inflation එක ඊට වඩා යනවා.
හොඳම, සරලම උදාහරණය ගිය සැරේ. අැත්තටම 200 තිබ්බ ඩොලර් එක පොඩි කාලෙකට උඩට ගියත් අායෙ settle වුණේ 300 ටත් පහළින්. එ‍් කියන්නෙ වැඩි වීම 1.5 ගුණයයි.
හැබැයි මාකට් එකේ බලල කියහන්කො, එදා තිබ්බ මොනම බඩු මුට්ටුවකවත්, service එකකවත් මිල 1.5 ගුණයක් වෙලා නැවතුණාද? මොන පිස්සුද බං, ගොඩක් දේවල්වල මිලේ average එක 2-3 ගුණයක් වෙලා .
කල් තියා ගන්න පුළුවන් දේවල් ගන්න තාවකාලිකව වැඩිපුර සල්ලි හම්බුණත් කවදාවත් ප්‍රයෝජනයක් වෙන් නෑ කියන්නෙ අාං එ‍්කයි. කොහෙන් ගියත් හැමෝම පරදින එක විතරයි එකම ප්‍රතිඵලය. ඩොලර් හම්බෙන් නැති අය ටික හොම්බෙන්ම යනවා. හම්බෙන අයට බලපෑම අඩුයි. හැබැයි සත පහක වාසියක් නම් වෙන් නෑ.
අන්න එ‍්ක නිසා මොකක් හරි සාධාරණ විජ්ජුම්බරයක් කරල මේක ස්වභාවික විදිහට balance වෙන්න දීලා shape කරගන්න පුළුවන් නම් අපි හැමෝම සතුටු වෙන්න ඕන. ඉන්නෙ ජෙප්පොද නැද්ද කියල අදාළ නෑ. දිගටම නෑවොත් පුකට දෙකක් ගහල පන්නන්ඩ වගේම genuine උත්සාහයක් අරන් හරියට පාලනය කරගන්නවා නම් එ‍්කට සහයෝගය දෙන්නත් ඕන.
මම කලින් 280 ගැන කිව්වා වගේ දැනටත් ලංකාවෙ අැත්ත demand, supply වෙනස අනුව ඩොලර් එක තියෙන්නෙ 335 - 340 වගේ. හැබැයි මෙහෙම වෙලාවක එ‍්ක settle වෙන්නෙ නම් ඊට ටිකක් උඩින්. ඉතින් 350 වගේ මට්ටමක normalize වෙයි මේක හරියට කළමනාකරණය කරගත්තොත්.
එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරමු.
Last edited: