සාමණේර හිමිවරුන් දෙදෙනකුට සහ පිරිමි දරුවකුට ලිංගික අතවර කළ ලොකු සාදුට වැඩ වරදී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,898
    35,831
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොතුපිටිය පොලිස් වසමේ රඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ එකොළොස් හැවිරිදි සහ දස හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනකු සහ මහණ දිවියට ඇතුළත් වීමට සිටි දස හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන එම විහාරස්ථානයේ වැඩ විසූ හැත්තෑ එක් හැවිරිදි හිමිනමක් පෙරේදා (11) සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය සඳහන් කළේය.

    මෙලෙස අපයෝජනයට ලක් වූ බව පැවසෙන සාමණේර හිමිවරුන් දෙදෙනා සහ අනෙක් පිරිමි දරුවා ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ මහ රෝහලට මාරු කර යවා ඇත.

    සිද්ධිය පිළිබඳව සාමණේර හිමිවරුන් දෙදෙනා සහ පිරිමි දරුවා විහාරාධිපති හිමියන්ට පැවසීමෙන් පසු මොවුන්ගේ මව්පියන් විසින් පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

    විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ නොමැති අවස්ථාවලදී පාඩම් කියාදීමට බව පවසා කුඩා හිමිවරුන් දෙදෙනා සහ අනෙක් පිරිමි දරුවා සැකකාර හිමියන්ගේ කාමරයට ගෙන්වාගෙන විවිධ ලිංගික හිරිහැර සිදු කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම හිමිවරුන් දෙදෙනා වසරක පමණ කාලයක සිට සැකකාර හිමියන් විසින් විවිධ අවස්ථාවලදී අපයෝජනයට ලක් කර ඇති බවත්, එම ක්‍රියාව පිළිබඳව වෙනත් කිසිවකුට හෝ පැවසූවොත් පහර දෙන බවට සැකකාර හිමියන් විසින් කුඩා හිමිවරුන් දෙදෙනා බිය ගන්වා ඇති බවත් පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් හිමියන් ගිහියකු ලෙස සිටියදී ග්‍රාම නිලධාරිවරයකු වශයෙන් පොතුපිටිය ප්‍රදේශයේ සේවය කර විශ්‍රාම යෑමෙන් පසු වයස අවුරුදු හැටේදී පමණ මහණ දිවියට ඇතුළත්ව මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර ඇති බවත්, සැකකාර හිමිනම ඊයේ (12) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිසිය පැවැසීය.



    සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න සහ සහකාර පොලිස් අධිකාරි උපාලි තලගල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ, උ. පො. ප. සරත් , පො. සැ. ගුණරත්න , පො. සැ. රි. නරසිංහ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇත.

    රක්වාන - ඉන්දික සී. කුමාර