මුල්ලේරියාව නගරයේ කුළුබඩු අලෙවි සැලක සේවය කරන කාන්තවකට සිය සැමියා විසින් ප්‍රෙට්‍රල් දමා ගිනි තබන අයුරු එහි තිබු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
ගින්න හේතුවෙන් හිස සහ පපු පෙදෙස දැඩි ලෙස පිළිස්සිමට ලක්වු එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරෙකුවන අදාළ සැකකරු මුල්ලෙරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.