මේක හරි පුදුමයි.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    අටමස්ථානාධිපතිට චෝදනා කරන උන්
    මේක හරි පුදුමයි.

    මගේ යාලුවෙක් ශෙයාර් කරලා තිබ්බා කවියක්. අටමස්ථානාධිපතිට විරුද්ධව.
    මම ඒකට හිනා වෙලා රිප්ලයි කලා. උබද ලිව්වේ කියලත් ඇහුවා.
    නෑ මෙතනින් ගත්තේ කියලා ෆෙස්බුක් ස්ක්‍රීන්ශොට් එකක් එව්වා.
    කවිය ලියලා හෝ ශෙයාර් කරලා තිබ්බේ සුජිත් කුරුවිට කියලා කෙනෙක්.
    මේ දවස්වල පෙරටුගාමි සමාජවාදී පක්ශේ සාමාජිකයෙක්.

    හැබැයි මේ නම මට මීට කලින් හොදට මතක තිබ්බ නමක්.

    මතක් කරන කොට කොට මතක් උනා.

    සුජිත් කුරුවිට. ඕවිටිගල විතානගේ සමන්තව මරා දැම්මේ ඔහු කියලා පත්තරවල ලොකුවට හෙඩ්ලයින් ගියා.

    සමන්තගේ මරණය පිළිබඳ නඩු තීන්දුව දීලා අවසන්. සැක කරුවෝ 22ට විරුද්ධව අධිචෝදනා 10ක් යටතේ දාපු නඩුවෙන් පස් දෙනෙක් විතරයි දඩුවම් ලැබුවේ. ඒවත් ඔක්කොම අත්හිටවූ සිර දඩුවම්.

    හැබැ‍යි පත්තරේ ලොකුවට නම ගිය සුජිත් කුරුවිටගේ නම සැක කරුවෝ 22ක නම් අතරින් ගිලිහිලා ගිහින් තිබ්බා.

    සමන්ත මැරිලා. කට්ටියක් කම්පියුටරයකින් ගහලා සමන්තව මරලා. හැබැයි චෝදනා එල්ල වෙච්ච හැමෝටම ලැබෙන්නෙ අත්හිටවූ සිරදඩුවම්. පත්තර වලින් චෝදනා එල්ල වෙච්ච සුජිත් කුරුවිටට චෝදනාවක්වත් නෑ.

    එහෙවු සුජිත් කුරුවිට අටමස්ථානාධිපතිට විරුද්ධව කවි ලියනවා හෝ ශෙයාර් කරනවා.

    ෆුල් මාවලස්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,295
    15,956
    113



    දකුණු ආසියාතික රටවල ඉස්ලාමීය නීති විද්‍යාව (Islamic Jurisprudence / Sharia) සහ මුස්ලිම් පුද්ගලික නීති (Muslim Personal Acts) යටතේ 👧ළමා විවාහ සඳහා වන අවම වයස් සීමාවන් සහ වත්මන් තත්ත්වය ඉතා කේද ජනක ලෙස වෙනස් වී ඇත! මෙම තත්වය උද්ගත වූයෙ 🙏අද දින (18)🇦🇫ඇෆ්ගනිස්තානයේ 👦👧ලමා විවාහ නීති ගත කිරීමෙන් අනතුරුවයි! එමෙන්ම 🇱🇰ලංකාවෙ මුස්ලිම් විවාහ නීතියද මෙහිදී කැපී පෙනුනි. පහත් දක්වා ඇත්තේ එහි ඇති දූෂිත 👧ලමා විවාහ වලට නීතිමය අවසරයක් තිබෙන රටවල් කිහිපයයි!
    1. 🇦🇫ඇෆ්ගනිස්තානය - ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානය විසින් කාන්තා සහ ළමා අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පයිරන් පාගා දමන නවතම පවුල් නීති මාලාවක් (Principles of Separation Between Spouses) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වයස අවුරුදු 18 හෝ 16 සීමාවන් වෙනුවට, 👧ගැහැනු ළමයෙකු වියපත් වීම (Puberty) පමණක් විවාහය සඳහා එකම සුදුසුකම ලෙස සලකනු ලබයි. (සාමාන්‍යයෙන් වයස අවුරුදු 9 ත් 14 ත් අතර වයස්වල පසුවන ළමයින් මේ යටතට වැටේ).

    2. 🇱🇰ශ්‍රී ලංකාව - මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යටතේ, වයස අවුරුදු 12 ට අඩු 👧ගැහැණු ළමයෙකුට වුවද කාතී (Quazi) විනිසුරුවරයෙකුගේ අවසරය ඇතිව විවාහ විය හැක. (මූලාශ්‍රය කාති නීතිය 23 වන වගන්තිය)

    3. 🇵🇰පාකිස්ථානය - සාම්ප්‍රදායික ෂරියා නීති අර්ථ නිරූපණයන් මගින් පාලනය වේ. ෆෙඩරල් ෂරියා අධිකරණය වැඩිවිය පැමිණීමේදී (අවුරුදු 13-15 තරම් කුඩා වයසකදී) සිදුවන විවාහ වලංගු කර ඇත.

    4. 🇧🇩බංග්ලාදේශය - මුස්ලිම් පවුල් නීති මගින් ශාරීරිකව වැඩිවිය පැමිණීමේ (Baligh) ප්‍රමිතිය අනුගමනය කරයි. එය සම්ප්‍රදායිකව අවුරුදු 15 ලෙස අර්ථකථනය කෙරේ.

    මෙහි ඇති තුච්චතම සිද්ධිය නම්, 🇱🇰ශ්‍රී ලංකාව තුල අවුරුදු 12ට වැඩි 👧ගැහැනු ලමයෙකු මුස්ලිම් පිරිමි පුද්ගලයෙකුට බාහිර අධිකරණ අවසරයකින් තොරව විවාහ විය හැකි වීමයි! මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (MMDA) 23 වැනි වගන්තියට අනුව, 👧මනාලියගේ වයස අවුරුදු 12 ට අඩු නම්, විවාහය ලියාපදිංචි කිරීම සඳහා කාතී (Quazi) විනිසුරුවරයෙකුගේ විශේෂ ලිඛිත අවසරය 📜අවශ්‍ය වේ. වයස අවුරුදු 12 හෝ ඊට වැඩි 👧ගැහැණු ළමයෙකුට ආගමික නීතිය යටතේ බාහිර අධිකරණ අවසරයකින් තොරව විවාහ විය හැක…෴🙏🙏