ඔයා කාර් එකේ යද්දී AC එක දාලා, අර කාර් එකක් ඇතුළේ 'U-හැඩයේ ඊතලයක්' තියෙන බට්න් එක (Recirculation Button) හැමතිස්සෙම On කරලද තියන්නේ?
එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! හයිවේ එකේ යන වාහන එකපාරටම අනතුරු වලට ලක්වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන, AC එකේ හැංගුණු අදෘශ්‍යමාන සත්‍යය මෙන්න!
අපි වාහනේ ස්ටාර්ට් කරපු ගමන් AC එක දාලා, අර වාහනයක් ඇතුළේ රවුමකට කැරකෙන ඊතලයක් තියෙන බොත්තම (Air Recirculation) On කරනවා. ඒකෙන් එළියේ තියෙන දුගඳ සහ දුම ඇතුළට එන එක නවතින නිසා අපි ඒක හැමදාම On කරලයි තියන්නේ.
හැබැයි මචන්, එක දිගට පැය භාගයකට වඩා මේක On කරලා තියාගෙන හයිවේ එකේ හරි දුර ගමනක් හරි ගියොත්, ඔබ මරණය එක්ක ලොකු සෙල්ලමක් කරන්නේ
ඒ බට්න් එක On කළාම වාහනයට එළියෙන් හුළං එන ෆිල්ටර් එක සම්පූර්ණයෙන්ම වැහෙනවා. AC එක කරන්නේ වාහනේ ඇතුළේ තියෙන හුළං ටිකම ආයෙ ආයෙත් කූල් කර කර කරකවන (Recirculate) එකයි.
ප්‍රශ්නේ තියෙන්නේ එතනයි! වාහනේ වීදුරු ඔක්කොම වහලා තියෙද්දී, ඔබයි අනිත් අයයි හුස්ම පිටකරද්දී වාහනේ ඇතුළේ 'කාබන් ඩයොක්සයිඩ්' (CO2) ප්‍රමාණය වේගයෙන් වැඩිවෙනවා. එළියෙන් අලුත් ඔක්සිජන් වාහනේට එන්නේ නැහැ.
වාහනේ ඇතුළේ CO2 වැඩි වෙද්දී, ඔබේ මොළයට යන ඔක්සිජන් අඩු වෙනවා. එතකොට මොළය හෙමින් සැරේ නිදිමත තත්ත්වයකට (Drowsiness) පත්වෙනවා. ඔබේ ඇස් දෙක පියවෙන්නේ නැති වුණත්, මොළය තත්පර 3කට 4කට ඉබේම නිදාගන්නවා (Micro-sleep). හයිවේ එකේ යන වාහනයක් තත්පර 3ක් පාලනයෙන් තොර වුණොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න!
මේකෙන් බේරෙන්න තියෙන එකම විදිහ, දුර ගමනක් යද්දී හැම විනාඩි 30කට හෝ 40කට සැරයක් අර Recirculation බට්න් එක විනාඩි 5කට 'OFF' කරලා තියන එකයි (Fresh air mode). එතකොට එළියේ තියෙන ෆ්‍රෙෂ් ඔක්සිජන් වාහනේ ඇතුළට ඇවිත් අර කාබන් ඩයොක්සයිඩ් ටික එළියට යනවා. මොළය ආයෙත් ප්‍රබෝධමත් වෙනවා.
අද එන අලුත් වාහන වල 'Auto Climate Control' තියෙනවා නම්, වාහනේම සෙන්සර් වලින් CO2 වැඩි වුණාම ඉබේම එළියේ හුළං ඇතුළට ගන්නවා. හැබැයි Manual AC තියෙන වාහන වල මේක ඔබම කළ යුතුයි!
Source - Trust Me Bro!