මේ සෙල්ලම මොකක්ද ? ඩොලරය ආයෙත් ඉහළට !

monson

Well-known member
  • May 7, 2007
    25,128
    27,433
    113
    nbih9Jl.png


    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 සීමාව නිල වශයෙන් ඉක්මවා ගොස් තිබේ.

    අද දින ප්‍රකාශයට පත් කරන ලද දත්තවලට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් 330.81ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ (26) දින මහ බැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් සහ විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 2.12කින් සහ ගැනුම් මිල රුපියල් 2.08කින් මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.

    - https://newshub.lk/blog/2026/05/27/the-dollar-is-up-again/
     
    • Sad
    Reactions: Inigo Montoya