අනුරාදපුර ලු ලොකුවටම වෙන්නෙ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,759
    11,256
    113
    අනුරාධපුරයෙන් කණගාටුදායක අනාවරණයක් : බාලවයස්කාර දරුවන් 5,000 කට වැඩි පිරිසක් දැඩි ලිංගික හිංසන අවදානමක

    අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දරුවන් 5,780 දෙනෙකු ලිංගික හිංසනයට හෝ දූෂණයට ලක්වීමේ දැඩි අවදානමක පසුවන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

    අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ටී.බී. සුගතපාල මහතා මේ බව අනාවරණය කළේය.

    මෙම පිරිසෙන් දරුවන් 4,248 දෙනෙකුම " අධි අවදානම්” කාණ්ඩයට අයත් වන අතර, එවැනි අනාරක්ෂිත දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයෙනි.

    පොලිස් වාර්තා වලට අනුව ප්‍රදේශයේ ලිංගික ප්‍රචණ්ඩත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 36ක් සහ මෙම වසරේ ගත වූ මාස පහ තුළ පමණක් එවැනි සිදුවීම් 24ක් වාර්තා වී තිබේ. දෙමාපියන් විදේශ රැකියා වල නිරත වීම හේතුවෙන් දරුවන් ඥාතීන් භාරයේ අනාරක්ෂිතව තැබීම සහ දරුවන් කෙරෙහි දක්වන අවධානය ගිලිහී යාම මෙම ඛේදනීය තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත්, මෙලෙස හඳුනාගත් අනාරක්ෂිත දරුවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයකින් පසුවන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,445
    25,085

    Cat Wow GIF
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    අවුලක් නෑනේ.
    නොමිලේ නඩුව කරන්න කොළඹින් එන්න ලෝයර්ලා ඉන්නවා නේද..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,789
    165,491
    113
    එකමත් එක රටක
    පුජා නගරේ නේද ?
    වැඩිම සර්වඥ ධාතු තියන පින් බිමක් නේද
    ජයශ්‍රී මහා බෝධිය ත් එක්ක අටමස්තානේ තියනව .

    එහෙම වෙලත් ඔහොම වෙනවද ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,295
    113
    පුජා නගරේ නේද ?
    වැඩිම සර්වඥ ධාතු තියන පින් බිමක් නේද
    ජයශ්‍රී මහා බෝධිය ත් එක්ක අටමස්තානේ තියනව .

    එහෙම වෙලත් ඔහොම වෙනවද ?
    බුදු දහමට ගහන්න නම් ටිකක් අමාරු වෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,789
    165,491
    113
    එකමත් එක රටක
    බුදු දහමට ගහන්න නම් ටිකක් අමාරු වෙයි
    ගහන්න කිව්වේ ?
    බුදුදහම දේශනා කරන උන් තමයි වැඩියෙන්ම පන්සල් වල ඕවා කරන්නේ . එකක් දෙකක් අහු උනාට උන් කොච්චර කරනවා ඇත්ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,759
    11,256
    113
    බුදු දහමට ගහන්න නම් ටිකක් අමාරු වෙයි
    අමරුයි තමයි, අපි දන්නවා හරි දර්මෙ මොකක්ද, හොර මගඩි ගන බෞද්දයො කවුද කියලා