ලංකාවේ බෞද්ධයෝ වෙච්ච උඹලත් මෙන්න මෙහෙමද හිතන්නේ මේ වෙසක් කාලේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    කඩෙන් හදලා අලවලා තියෙන වෙසක් කුඩුවක් ගෙනල්ලා ගෙදර හයිඅ කලොත් පට්ට පවක්, අපායේ යනවා කියලද උඹලත් හිතන්නේ? ලංකාවේ ගොඩක් බෞද්ධයෝ එහෙම නේද හිතන්නේ අද කාලේ?

    උණබට හොයාගෙන කපාගෙන ගෙනල්ලා කපලා බැඳලා අලවලා එල්ලුවොත් කෙලින්ම තුසිතයේ.
    කඩෙන් බට වලින් හදපු කුඩුවක් ගෙනල්ලා ගෙදර අලවලා එල්ලුවොත් ඊට පල්ලෙහා මනුස්ස ලෝකේ ආයේ ඉපදෙන්න පුළුවන්.
    කඩේ තියෙන කපලා අලවලා තියෙන කූඩුවක් ගෙනල්ලා එල්ලුවොත් කෙලින්ම අවීචි මහා නරකාදියේ.

    ඔන්න ඔහොම තමා ලංකාවේ මෑතකාලීන බහුතරයක් බෞද්ධයෝ පින අර්ථගන්වන්නේ.

    එහෙම බැලුවොත් ගෙදර දානයක් තියෙද්දී දානයක් උයද්දී කෝකියෙක්ව හයර් කරලා උයලා දුන්නොත් සතර අපායේ යන පවක් වෙනවනේ.
    කේටරින් කරලා දානේ දුන්නොත් ඊටත් එහා අපායක් හදන්න වෙනවා.. 🥴
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    අදාල නැති ඒවට හොට දාන්න එපා. බෞද්ධයො නෙමෙයි බෞද්ධ නොවන උන්ටත් ආතල් ගන්න තියන කාලයක් ඕක. රටකට තියෙන්නෙ ඔච්චරයි. උඹ වෙන Atheist රටක ජීවත් වෙනවනම් තේරෙයි ජීවිතේ කොච්චර බෝරින් ද කියල Events නැතුව. බෞද්ධ බහුතරය නත්තලටත් කොලඹ ගිහින් නත්තලත් ප්‍රශ්න අහන්නැතුව Enjoy කරද්දි ඇයි බන් උඹල මෙහෙම. Let people live
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    275
    310
    63
    කඩෙන් හදලා අලවලා තියෙන වෙසක් කුඩුවක් ගෙනල්ලා ගෙදර හයිඅ කලොත් පට්ට පවක්, අපායේ යනවා කියලද උඹලත් හිතන්නේ? ලංකාවේ ගොඩක් බෞද්ධයෝ එහෙම නේද හිතන්නේ අද කාලේ?

    උණබට හොයාගෙන කපාගෙන ගෙනල්ලා කපලා බැඳලා අලවලා එල්ලුවොත් කෙලින්ම තුසිතයේ.
    කඩෙන් බට වලින් හදපු කුඩුවක් ගෙනල්ලා ගෙදර අලවලා එල්ලුවොත් ඊට පල්ලෙහා මනුස්ස ලෝකේ ආයේ ඉපදෙන්න පුළුවන්.
    කඩේ තියෙන කපලා අලවලා තියෙන කූඩුවක් ගෙනල්ලා එල්ලුවොත් කෙලින්ම අවීචි මහා නරකාදියේ.

    ඔන්න ඔහොම තමා ලංකාවේ මෑතකාලීන බහුතරයක් බෞද්ධයෝ පින අර්ථගන්වන්නේ.

    එහෙම බැලුවොත් ගෙදර දානයක් තියෙද්දී දානයක් උයද්දී කෝකියෙක්ව හයර් කරලා උයලා දුන්නොත් සතර අපායේ යන පවක් වෙනවනේ.
    කේටරින් කරලා දානේ දුන්නොත් ඊටත් එහා අපායක් හදන්න වෙනවා.. 🥴
    කඩෙන් වත් කූඩුවක් ගෙනත් එල්ලුවද දමින්ද ? අඩුම ගානේ බල්බ් වැලක් වත් දැම්මේ නෑ ඒත් කොහොමද ටෝක් 🙊
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    බෞද්ධයින්ට නැති ප්‍රශ්ණ වෙන අාගම් වල උන්‍ට තිියෙන්නේ.. කූඩු ඵල්ලුවත් ඵකයි නැතත් ඵකයි අපිටනම්..ඔය මඟුල් උඹලගේ ඔළු ගෙඩි වලට දාන්නේ අර පච ලපයව රජ කරපු අඩු කුලේ FB ඵක තමයි..😅
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට කියන්න දැන් මේ ලංකාවේ වෙසක් ගැන වැඩසටහනක් ගියා. කැළණියේ නයි ගනයා දැක්ක විතරයි තූ කාලකන්නියා කියලම කියවුනා.
    බලපං පන්සලෙන්ම මිනිස්සු දුරස් කරන විදිය.
    වෙසකුත් හෝදගෙන ගිහිල්ල වගේ දැක්කේ. ඉස්සර කොච්චර ලස්සනද වෙසක් කාලෙට.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,840
    1,844
    113
    කඩෙන් හදලා අලවලා තියෙන වෙසක් කුඩුවක් ගෙනල්ලා ගෙදර හයිඅ කලොත් පට්ට පවක්, අපායේ යනවා කියලද උඹලත් හිතන්නේ? ලංකාවේ ගොඩක් බෞද්ධයෝ එහෙම නේද හිතන්නේ අද කාලේ?

    උණබට හොයාගෙන කපාගෙන ගෙනල්ලා කපලා බැඳලා අලවලා එල්ලුවොත් කෙලින්ම තුසිතයේ.
    කඩෙන් බට වලින් හදපු කුඩුවක් ගෙනල්ලා ගෙදර අලවලා එල්ලුවොත් ඊට පල්ලෙහා මනුස්ස ලෝකේ ආයේ ඉපදෙන්න පුළුවන්.
    කඩේ තියෙන කපලා අලවලා තියෙන කූඩුවක් ගෙනල්ලා එල්ලුවොත් කෙලින්ම අවීචි මහා නරකාදියේ.

    ඔන්න ඔහොම තමා ලංකාවේ මෑතකාලීන බහුතරයක් බෞද්ධයෝ පින අර්ථගන්වන්නේ.

    එහෙම බැලුවොත් ගෙදර දානයක් තියෙද්දී දානයක් උයද්දී කෝකියෙක්ව හයර් කරලා උයලා දුන්නොත් සතර අපායේ යන පවක් වෙනවනේ.
    කේටරින් කරලා දානේ දුන්නොත් ඊටත් එහා අපායක් හදන්න වෙනවා.. 🥴

    නැ...බවුද්දයො එහෙම හිතන්නෙ නැ..

    බවුද්ද නොවන, බුද්දාගම දන්නවයයි හිතන ට්‍රැක් පැනපු මෝඩයො නම් එහෙම හිතනව ඇති...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    වෙසක් උත්සවයට ගොඩක් ම පාදක වෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ඉපදීම බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කියන වැදගත් අවස්ථා සිදු වූ දවස නිසා.

    වෙසක් කූඩු පහන් කූඩු හදලා ඇයි අපි ආලෝකමත් කරන්නේ - සාර අසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අසීමිත දුක් විඳ බෝධිසත්වයන් වහන්සේ නමක් ඉපිද උත්තරීතර බුද්ධත්වය සාක්ෂාත් කර මුළු මහත් සක්වලම ඒ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ආලෝකයෙන් මුසපත් කර සත්වයා සංසාර යේ ගමන් කිරීමෙන් දුකින් මුදවා ගත් නිසා.

    ඇයි දන්සල් දෙන්නේ - බෝධිසත්වයන් වහන්සේ කල්ප කෝටි ගානක්පුරාවට බුද්ධත්වය පතා දීපු ලේ මස් ඇට නහර ආදී දාන පාරමිතාව පිළිඹිබු කිරීමට

    නැතුව ඕවා කරා කියලා නිවන් ලැබෙන්නේ නෑ. ලබන්න බැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,316
    113
    35
    Spain
    ලංකාවේ බෞද්ධ කියාගන්න උන් වඳින්නේ හින්දු දෙවිවරුන්ට. තනිකර බොරුවක් මුන් කරන්නේ 😂.
    ඕනෑම ආගමක එකෙක්ට බෞද්ධ වෙන්න පුළුවන්. ඕක තේරෙන්නේ බෞද්ධකෙනෙක්ට විතරයි. ඒ නිසයි බෞද්ධ පන්සල්වල හින්දු දේව ප්‍රතිමා තියෙන්නේ. උඹලට ප්‍රශ්න නැතිව සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් . හැබයි උඹල තේරුමක් නැති ප්‍රශ්න හදාගන්න එපා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    කඩෙන් හදලා අලවලා තියෙන වෙසක් කුඩුවක් ගෙනල්ලා ගෙදර හයිඅ කලොත් පට්ට පවක්, අපායේ යනවා කියලද උඹලත් හිතන්නේ? ලංකාවේ ගොඩක් බෞද්ධයෝ එහෙම නේද හිතන්නේ අද කාලේ?

    උණබට හොයාගෙන කපාගෙන ගෙනල්ලා කපලා බැඳලා අලවලා එල්ලුවොත් කෙලින්ම තුසිතයේ.
    කඩෙන් බට වලින් හදපු කුඩුවක් ගෙනල්ලා ගෙදර අලවලා එල්ලුවොත් ඊට පල්ලෙහා මනුස්ස ලෝකේ ආයේ ඉපදෙන්න පුළුවන්.
    කඩේ තියෙන කපලා අලවලා තියෙන කූඩුවක් ගෙනල්ලා එල්ලුවොත් කෙලින්ම අවීචි මහා නරකාදියේ.

    ඔන්න ඔහොම තමා ලංකාවේ මෑතකාලීන බහුතරයක් බෞද්ධයෝ පින අර්ථගන්වන්නේ.

    එහෙම බැලුවොත් ගෙදර දානයක් තියෙද්දී දානයක් උයද්දී කෝකියෙක්ව හයර් කරලා උයලා දුන්නොත් සතර අපායේ යන පවක් වෙනවනේ.
    කේටරින් කරලා දානේ දුන්නොත් ඊටත් එහා අපායක් හදන්න වෙනවා.. 🥴
    නෑ මෙහෙම එකෙක්වත් හ්තන්නෙ නෑ . රීච් ඔනෙකමට දැම්ම එකක් නේද උස්සං ආවෙ තට්ටයෝ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    චේතනාහං භික්ඛවේ – කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති – කායේන වාචාය මනසා. “ මහණෙනි , මම චේතනාව කර්මය යැයි කියමි , සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි .“

    මෙහෙමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ , දැන් ඉන්න අය නම් ඔය සේරම පටලවාගෙන තියෙන්නේ

    වර්තමානයේ බොහෝ බෞද්ධයෝ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ආමිස පූජාවට අයත් දාන පින්කම් සඳහා නැඹුරු වී සිටිති.

    බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ ආමිස පූජාව නොව ප්‍රතිපත්ති පූජාව ය. පහත දැක්වෙන අවස්ථා දෙකෙහිදීම බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශ ඊට නිදසුන් වේ.

    බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වස (අවසන් වස් කාලය) බේලුව නම් ගමෙහි ගත කොට සැවැත්නුවරට වැඩම කොට සිව් මසකින් පිරිනිවන් පාන බව වදාළහ. එය ඇසූ බොහෝ භික්‍ෂුහු උන්වහන්සේ පිරිවරා ගෙන සිටියහ. පෘථග්ජන භික්‍ෂුහු කඳුළු සලමින් ඇවිද්දහ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළවූහ. සෙසු භික්‍ෂුහු ශෝකාකූලව සිටියහ. නමුත් ධර්මාරාම භික්‍ෂුව බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම රහත්වීමට උත්සාහ කළහ. ධර්මාරාම භික්‍ෂුව ධර්මය මෙනෙහි කරමින් භාවනා කරන්නට වූහ. මෙය දුටු අනික් භික්‍ෂු බුදුරජාණන් වහන්සේ හමුවී “ධර්මාරාම භික්‍ෂුව ඔබවහන්සේට ඇල්මක් නැත”යි කීහ. උන්වහන්සේ ධර්මාරාම භික්‍ෂුව කැඳවා මේ ගැන විමසා භාවනා කරනු අසා සාදු කාර දී මෙසේ වදාළ සේක.

    “මහණෙනි, මට සෙනෙහෙ ඇත්නම් ධර්මාරාම භික්‍ෂුව මෙන් විය යුතුය. මල් සුවඳ ආදී ආමිස පූජාවෙන් පූජා කරන්නෝ මට නිසි ලෙස පුදන්නෝ නොවෙති. ධර්මානුකූල ප්‍රතිපත්තියෙහි යෙදුණු තැනැත්තෝ මා පුදන්නෝ වෙති.”

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සිංහ සෙයියාවෙන් සැතපුණු කල්හි දෙව් බඹුන් සුවඳ මල් ආදියෙන් පුදන්නට පටන් ගත් කල්හි ආනන්ද තෙරුන්ට මෙසේ වදාළ සේක.

    “ආමිස පූජාව මා හට කරනු ලබන නියම පූජාව නොවේ. නව ලොව්තුරා ධර්මයට අනුව ප්‍රතිපත්ති පුරන තැනැත්තා උතුම් පූජාවෙන් මා පුදන්නා වෙයි.”

    බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස්කොළන් ද චෛත්‍යයන් ද සරණ යන බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ මෙසේ සඳහන් වේ.

    බහුං වේ සරණං යන්ති
    පබබ්තානි වනානි ච
    ආරාම රුක්ඛ චේතියානි
    මනුස්සා භය තජ්ජිතා

    අනතුරුව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සඳහන් වන ගාථා ධර්මයන්හි මෙකී සියලු සරණය, උතුම් නොවන බවත් ඉන් දුකින් මිදීමට ද නොහැකි බවත් දැක්වේ. යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගොස් චතුරාර්ය සත්‍ය මනාකොට විදර්ශනා නුවණින් දකින්නේ නම් එම සරණ ඉතා උතුම් බවත් සසර දුකින් මිදීමට ද හේතු වන බවත් තවදුරටත් එහි සඳහන් වේ.

    වර්තමානයේ බොහෝ බෞද්ධයෝ පින්දම්හි නියැළී ප්‍රාර්ථනා කරන්නේ මෙතේ (මෛත්‍රිය) බුදුන් දැක නිවන් දැකීමට ය. නිර්වාණාවබෝධයට (සසර දුකින් මිදීමට) මෛත්‍රී බෝධිසත්වයෝ බුදුවන තෙක්ම සිටිය යුතුද? නැත. සත්‍ය වශයෙන්ම නිවන් දැකීමට ජීවමාන බුදු කෙනකු සිටීම හෝ ජීවමාන බුදු කෙනකුන් දැකීම හෝ අවශ්‍ය නොවේ.

    “යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති” (යමෙක් ධර්මය දකී නම් හෙතෙම මා දකී) යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙහි ධර්මය දැකීම යනු වෙන කිසිවක් නොව ප්‍රතිපත්තියට (ධර්ම මාර්ගය) අනුව ජීවත් වීමය.

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට පෙර “මාගේ ඇවෑමෙන් නුඹලාට ධර්ම විනය දෙක ශාස්තෘන් වන්නේය” යැයි වදාළ සේක. මෙහි ධර්ම විනය දෙකෙහි ඇතුළත් වන්නේ ප්‍රතිපත්ති කරුණු හෙවත් ප්‍රතිපත්ති පූජාවය.

    මෙ 'තෙමඟුලම එකම දිනක සිදුවීමේ' සංකල්පය ප්‍රධාන වශයෙන් පටන්ගන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ බුද්ධඝෝෂ හිමියන් වැනි ආචාර්යවරුන් විසින් ලියපු අටුවා ග්‍රන්ථවල සහ ඊටත් පසුව ලියවුණු 'ජාතක නිදාන කථාව' වැනි පොත්වල.

    මෙ තෙමඟුලම එකම දිනයක සිදුවූ බවට තියෙන මතය ථෙරවාද අටුවා සම්ප්‍රදාය විසින් පසුකාලීනව ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කිරීම සඳහා ගොඩනැගූ සංකල්පයක් බව පැහැදිලියි.

    ආගමක් ජනතාව අතර ස්ථාපිත වීමේදී, සාමාන්‍ය ජනයාගේ පහසුව සහ ආගමික ප්‍රබෝධය (ශ්‍රද්ධාව) වෙනුවෙන් ප්‍රධාන සිදුවීම් එක් විශේෂිත දිනයකට ගොනු කිරීම ලෝකයේ වෙනත් බොහෝ ආගම්වලද සිදුවී ඇති සමාජ විද්‍යාත්මක ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා තුනම එක් දිනකට ගෙන ඒම හරහා 'වෙසක්' යන්න අතිශය උත්කර්ෂවත් සහ පූජනීය මංගල දිනයක් ලෙස පසුකාලීන අටුවාචාරීන් වහන්සේලා විසින් ප්‍රකාශයට පත් කරන්නට ඇති බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    තිත්තගල්ලේ ආනන්දසිරි භික්ෂුවගේ දේශනා අහපල්ලා
    ගත යුත්තක් තියෙනවා
    මට පොරගේ බාහිර ස්වරූපය අල්ලන්නේ නැති නිසා පොරගේ වීඩියෝ මම අහන එක කරන්නේ. බලන්නේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    උඹට කියන්න දැන් මේ ලංකාවේ වෙසක් ගැන වැඩසටහනක් ගියා. කැළණියේ නයි ගනයා දැක්ක විතරයි තූ කාලකන්නියා කියලම කියවුනා.
    බලපං පන්සලෙන්ම මිනිස්සු දුරස් කරන විදිය.
    වෙසකුත් හෝදගෙන ගිහිල්ල වගේ දැක්කේ. ඉස්සර කොච්චර ලස්සනද වෙසක් කාලෙට.
    ඊයෙ උදේ පන්සලට දානෙ ගෙනිච්ච සිල් ගන්න උපාසක අයට දෙන්න. 150ක් වත් හිතාගෙන ගියාට සෑහෙන්න අඩුයි සිල් ගන්න මිනිස්සු දැන්. මක් වෙලාද මන්දා. හැබැයි ඉතින් හවසට තොරන් බලන්නයි දන්සල් කන්නයි සෙගන හෝසෙට.

    නෑ මෙහෙම එකෙක්වත් හ්තන්නෙ නෑ . රීච් ඔනෙකමට දැම්ම එකක් නේද උස්සං ආවෙ තට්ටයෝ
    මට ඔහොම හිතන උන් හම්බෙලා තියෙනවා. ඒකයි දැම්මෙ. එෆ්බී දැක්ක ඔහොම පෝස්ට් එකක්.
    ------ Post added on May 31, 2026 at 9:37 AM

    කඩෙන් වත් කූඩුවක් ගෙනත් එල්ලුවද දමින්ද ? අඩුම ගානේ බල්බ් වැලක් වත් දැම්මේ නෑ ඒත් කොහොමද ටෝක් 🙊
    කලින් ගෙනාපු කූඩු දෙකක් තිබ්බා ඒක එල්ලුවා. අලුතෙන් ගෙනල්ලවත් එල්ලන්න වෙලාවක් නෑ. වැඩ වැඩ. අඩුම බකට් එකක්වත් පත්තු කරන්න විදිහක් තිබුනෙ නෑ. උදේම පන්සලේ දනෙ බෙදන්න ගියා, ආයෙ පාර දිගට පාලම් කොඩි දාන්න ගියා. හවස දන්සල් දුන්නා. සොහොන සුද්ද කලා. ආයෙ සොහොනෙ බකට් පත්තු කරන්න ගියා. ඉතින් වෙලාවක් නෑ ඊයෙ ගෙදර වැඩක් කරගන්න. අද තමා අලුතෙන් කූඩු දෙකක්වත් ගෙනල්ලා එල්ලල බකට් පත්තු කරන්න වෙන්නෙ.
    ------ Post added on May 31, 2026 at 9:45 AM

    වෙසක් උත්සවයට ගොඩක් ම පාදක වෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ඉපදීම බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කියන වැදගත් අවස්ථා සිදු වූ දවස නිසා.

    වෙසක් කූඩු පහන් කූඩු හදලා ඇයි අපි ආලෝකමත් කරන්නේ - සාර අසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අසීමිත දුක් විඳ බෝධිසත්වයන් වහන්සේ නමක් ඉපිද උත්තරීතර බුද්ධත්වය සාක්ෂාත් කර මුළු මහත් සක්වලම ඒ බුද්ධාලම්භන ප්‍රීතියෙන් ආලෝකයෙන් මුසපත් කර සත්වයා සංසාර යේ ගමන් කිරීමෙන් දුකින් මුදවා ගත් නිසා.

    ඇයි දන්සල් දෙන්නේ - බෝධිසත්වයන් වහන්සේ කල්ප කෝටි ගානක්පුරාවට බුද්ධත්වය පතා දීපු ලේ මස් ඇට නහර ආදී දාන පාරමිතාව පිළිඹිබු කිරීමට

    නැතුව ඕවා කරා කියලා නිවන් ලැබෙන්නේ නෑ. ලබන්න බැ
    අන්නේකයි කියන්නෙ. බෞද්ධයෙක් වෙච්ච පලියට වෙසක් කූඩු සැරසිලි කරන්නම කියල නීතියක් නෑ. ඕක ඉතින් සංස්කෘතියත් එක්ක ආපු එකක්.
    ------ Post added on May 31, 2026 at 9:48 AM

    නැ...බවුද්දයො එහෙම හිතන්නෙ නැ..

    බවුද්ද නොවන, බුද්දාගම දන්නවයයි හිතන ට්‍රැක් පැනපු මෝඩයො නම් එහෙම හිතනව ඇති...
    මට සිරාවටම එහෙම උන් හම්බෙලා තියෙනවා.
    ------ Post added on May 31, 2026 at 9:48 AM

    අදාල නැති ඒවට හොට දාන්න එපා. බෞද්ධයො නෙමෙයි බෞද්ධ නොවන උන්ටත් ආතල් ගන්න තියන කාලයක් ඕක. රටකට තියෙන්නෙ ඔච්චරයි. උඹ වෙන Atheist රටක ජීවත් වෙනවනම් තේරෙයි ජීවිතේ කොච්චර බෝරින් ද කියල Events නැතුව. බෞද්ධ බහුතරය නත්තලටත් කොලඹ ගිහින් නත්තලත් ප්‍රශ්න අහන්නැතුව Enjoy කරද්දි ඇයි බන් උඹල මෙහෙම. Let people live
    මට ඉතින් එහෙම උන් හම්බෙලා තියෙන නිසා ඇහුවෙ උඹලටත් එහෙම උන් හම්බෙලා තියෙනවද කියල බලන්න.
    ------ Post added on May 31, 2026 at 9:49 AM