මුලින්ම data encrypt කරන්නෙ නැතිව යවලා කෑ ගැහුවහම ඒක හදලා තිබුණා. දෙවෙනියට Card details leak කරගෙන ලොකු අවුලක් වුණා. අඩුම තරමෙ card details leak වුණ එක ගැන කිසිම තැනක statement එකක් හෝ FB post එකක්වත් දාළා ඒකට apologize කළේවත් නැහැ. කිසිම සද්දයක් නැතිව ඉඳලා හිමිහිට ඕක මඟඇරියා. මට පෞද්ගලිකව හිතෙන දේ ධනික කියන මෑන් ගොඩක් කපටි මනුස්සයෙක්. සුවර් කරන්න බැහැ කියලා මිනිස්සු කියන කතාවෙ ඇත්තක් තියෙනවා. වෙන රටක ඕක වුණා නම් බර ගාණක් දඩත් ගහලා කම්පැණියත් වහන්නයි වෙන්නෙ.