බෞද්ධ සම්මේලන පරිශ්‍රයේ භක්ති ගීත ගයන්න ආ පරිවාස දැරියන් පැනගිහින්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,785
    11,267
    113
    ගන කුපාඩියෙක් ඇති ඉන්න බැරි තරමටම
    කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ ඉකුත් 30 වැනිදා රාත්‍රියේ පැවති වෙසක් භක්ති ගීත වැඩසටහනකට සහභාගි වෙමින් සිටියදී අතුරුදන් වූ දහසය හැවිරිදි දැරියන් දෙදෙනා සෙවීම සඳහා කුරුඳුවත්ත පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බේරුවල ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි මෙම දැරියන් දෙදෙනා එදින රාත්‍රියේ හොර රහසේම පළාගොස් ඇති බවට පොලිසිය වෙත තොරතුරු වාර්තා වී ඇත.

    මෙම අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව විසින් කුරුඳුවත්ත පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇති අතර, ඇය බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. දැරියන් දෙදෙනාගේ පලායාමට අදාළව වැඩිදුර ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අරමුණින් අද (02 වැනිදා) දිනයේදී අදාළ පාලිකාව කුරුඳුවත්ත පොලිසිය වෙත කැඳවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත්, අතුරුදන් වූ දැරියන්ගේ පෞද්ගලික ලිපිනයන් මෙතෙක් පරිවාස දෙපාර්තමේන්තුව මගින් පොලිසිය වෙත ලබා දී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් ඔවුන් සොයාගැනීමේ මෙහෙයුම් වඩාත් පුළුල් කිරීම සඳහා එම දැරියන්ගේ ඡායාරූප සහ තොරතුරු දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කර දැනුවත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ වනවිටත් පියවර ගෙන ඇත.

    https://www.gossiplankanews.com/202...uddhist-convention-premises-ran-away.html?m=1
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,713
    113
    අපි දැන් මොකක්ද කරන්න ඕනෙ නාන? :lol: