තවත් චිවරධාරියෙක් 15 හැවිරිදි මල් කැකුළක් විනාශ කරයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දුෂණයට ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවයි අනාවරණය වී ඇත්තේ

    .
    සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බව පොලිසිය සඳහන් කරනවා.

    මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

    සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුද හැර ඇති බව සඳහන්.

    මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    https://sri.lankahotnews.com/Biz/left/01/05/
     
    • Haha
    • Sad
    Reactions: Jihadi john and Ldy

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,097
    5,714
    113
    සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    නාන කලබල වෙන්න එපා ඉතින්. :lol: