ව්‍යාජ කොටස් තැරැව්කාර සමාගමක් ගැන අනතුරු ඇඟවීමක්

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Samagi Capital (Private) Limited” නමින් ක්‍රියාත්මක ආයතනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් මහජනයාවෙත දැනුම් දී සිටී.

    එසේම මෙම සමාගමට කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍රය ලබා දෙමින් නිකුත් කරන ලද සහතිකයක ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයන් හි සංසරණය වන බවත්, එම සහතිකය මුළුමනින්ම ව්‍යාජ එකක් සහ මහජනතාව නොමඟ යවනසුළු එකක් බවත් සුරැකුම්පත් කොමිසම අවධාරණය කරයි.

    ඒ අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන වෙනුවෙන්, Samagi Capital (Private) Limited හා අනුබද්ධිත ගිණුම්වලට කිසිදු ආකාරයේ මුදල් තැන්පත් කිරීමක් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව මහජනතාව හා ආයෝජකයින් වෙත තරයේ අවවාද කර සිටී.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවි හරහා බලපත්‍රලාභී වෙළෙඳපොළ අතරමැදියන් පිළිබඳ නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස සුරැකුම්පත් කොමිසම මෙහි දී වැඩිදුරටත් අවධාරණය කරයි.

    - adaderana
     
    • Like
    Reactions: ob_server

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    කිරිබත්ගොඩ ප්‍රසන්න රණවීර ඇමතිතුමා නේද මේ