* ජනවාරි මාසයේ විදුලි නිෂ්පාදනයට ගියේ දවසට ඩීසල් මෙට්‍රික් ටොන් 234ද?
* අප්‍රේල් මාසයේ දවසට ඩීසල් මෙට්‍රික් ටොන් 977ක් ගියාද?
* එපමණ ඩීසල් ප්‍රමාණයක් වැඩිපුර වැය වුණේ වැඩිවන විදුලි ඉල්ලුම සැපයීමට නොරොච්චෝලේ බලාගාරය අසමත් වූ නිසාද?
* නොරොච්චෝලේ බලාගාරය අසමත් වුණේ ගල් අඟුරු තත්වයෙන් බාල නිසා විදුලි නිෂ්පාදනය සම්පූර්ණ ධාරිතාවයෙන් කළ නොහැකි වීම නිසා නේද?
* ගල් අඟුරු බාලයි කියන්නේ ඒවායෙන් අපේක්ෂිත ශක්තිය ජනනය කළ නොහැකි නිසා නේද?
* නැතිනම් "බාල ගල් අඟුරු" සඳහා වෙනත් නිර්වචනයක් තිබේද?
* දිට්වා කුණාටුවෙන් පසුව ජල විදුලි බලාගාර වලට අදාළ ජලාශ සම්පූර්ණයෙන් පිරී තිබුණා නේද?
* එවැනි තත්වයකදී වෙනදා මාස දෙකක් වැසි ලැබුණේ නැති වූ විට ජලාශ හිස්වී අර්බුදයක් එන්නේ නෑ නේද?
* මෙවර අර්බුදයට හේතුව ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල ජල විදුලිය වැඩිපුර භාවිතා වීම නිසා නේද? ඊට හේතුව ගල් අඟුරු බාල නිසා ඇතිවූ විදුලි අර්බුදය වහන්න කළ උප්පරවැට්ටි නිසා නේද?
* වික්ටෝරියා ජලාශයේ ජලය විදුලි ජනනයට අධිකව භාවිතා කර මහනුවර ජනතාවට පානීය ජලයත් නැති වුණා නේද?
* කෙටියෙන් කිව්වොත් බාල ගල් අඟුරු නිසා ඇතිවූ ප්‍රශ්නය නිසා මුල් මාසවල ජලාශ හිස්කර, අප්‍රේල් මාසයේ අධික ලෙස ඩීසල් භාවිතා කළා නේද?
* ඒ සඳහා අධික මිලට ඩීසල් මිලට ගත්තා නේද?
එම අධික වියදම ඉන්ධන මිල වැඩි කිරීම හරහා ජනතාවගෙන් අය කළා නේද?
* බාල ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවනවා, මේ ගොං වැඩවල වන්දිය ජනතාවට ගෙවන්න වෙනවා කියලා කියන්නේ ඕක නේද?
* ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නෑ කියලා ආණ්ඩුව පොළොවේ අත ගහලා දිවුරුවාට අන්තිමේදී හීන් නූලෙන් තෙල් මිල හරහා වැඩේ දුන්නා නේද?
* නැතිනම් "පාඩුව ජනතාව මත පටවනවා" යන්නට වෙනත් නිර්වචනයක් තිබේද?
* ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති රාජකරුණා කියන මේ විස්තරය අහන්න. සිදුවූ දේ පැහැදිලි වෙයි.

