අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ සිට නාවික සැතපුම් 12,000ක ඓතිහාසික මුහුදු ගමනක් නිමා කරමින් මෙරටට පැමිණි ‘SLNS සමුද්‍ර විජය’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට නිල වශයෙන් එක් කිරීම අද (04) කොළඹ වරායේදී සිදු කෙරුණා.
එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වැඩ බලන තානාපති ජේන් හොවෙල්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇති අතර, මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාවක් සිය රටට ගෙන ඒම සඳහා මෙතෙක් සිදු කළ දීර්ඝතම නාවික ගමන වනු ඇති.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නෞකාවක් පැනමා ඇළ හරහා යාත්‍රා කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වෙනවා.
එක්සත් ජනපද වෙරළාරක්ෂක හමුදාවේ ‘Decisive’ කටර් නෞකාව ලෙස හැඳින්වූ ‘SLNS සමුද්‍ර විජය’, එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ ප්‍රදාන වැඩසටහන (EDA) යටතේ ශ්‍රී ලංකාවට පවරා දුන් සිව්වන වෙරළාරක්ෂක නෞකාවයි.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන්හි මුර සංචාර කටයුතු ශක්තිමත් කිරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම හා සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීම මෙන්ම නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සහතික කිරීම වෙනුවෙන් යොදවා ගැනීමට නියමිතයි.
- https://hirunews.lk/470268/slns-sam...y-of-12000-nautical-miles-enters-navy-service
COLOMBO (June 4, 2026) – Following a historic 12,000-nautical-mile voyage from Baltimore, Maryland—the longest ever undertaken by a Sri Lanka Navy crew to bring a vessel home and the Navy’s first transit of the Panama Canal—U.S. Chargé d’Affaires Jayne Howell joined His Excellency President Anura Kumara Dissanayake today at the Port of Colombo to celebrate the commissioning of SLNS Samudravijaya. The vessel’s arrival and commissioning mark a significant milestone in the enduring partnership between the United States and Sri Lanka to strengthen maritime security, safeguard critical trade routes, and support a free, open, and prosperous Indo-Pacific. Also attending the ceremony were Deputy Minister of Defense Major General K. P. Aruna Jayasekara (Retd) Secretary of Defense Air Vice Marshal (Retd.) Sampath Thuyacontha, Commander of the Sri Lanka Navy Vice Admiral Kanchana Banagoda, U.S. Embassy Senior Defense Official and Defense Attaché Lieutenant Colonel Matthew House, and other distinguished guests.
- https://lk.usembassy.gov/us-sl-celebrate-slns-samudravijaya-commissioning-following-historic-voyage/
Last edited: