මූත්‍රා සීන් එක තමයි, අපි නිදාගෙන ඉන්නකොට අපේ මූත්‍රාශය පිරෙනවා. කොහොම හරි ඒකේ ලිමිට් එකට එනකොට නෝමලි අපිට චූ බරක් තියෙනවා කියලා දැනෙනවනේ. එතකොට බං අපේ තියෙන මසල්ස් (muscles) රිලැක්ස් වෙලා මූත්‍රා කරන්න පුළුවන්. එක අපි දැනගෙන කරන්නේ; ඒකනේ අපිට බර තිබුණත් පොඩි ටයිම් එකක් ඉවසගෙන, තද කරගෙන, පොඩි ටයිම් එකක් අල්ලන් ඉන්න පුළුවන්.
හැබැයි මචං, මේ මූත්‍රාශය සහ මූත්‍රාශ මාර්ගයේ තියෙන මසල්ස් නෝමලි තද වෙලා තියෙන්නේ. අපි ඕනේ වුණාම තමයි අපිම ඒක ලිහිල් කරලා මූත්‍රා පාස් වෙන්න අරින්නේ. ඒක ඉච්ඡානුගත ක්‍රියාවක්. හැබැයි පුතේ, නිදාගෙන ඉන්නකොට ඔය ලිමිට් එක පැනලා උතුරලා යනවා. කොහොම හරි ඕක දරාගන්න බැරි ලෙවල් එකට එනකොට ඔන්න පුතේ බ්‍රේන් එක ෆුල් පැනික් වෙනවා; "මේ යෝධයා නිදි, අන්න අරූ පුපුරන්න හදන්නේ, ඕක රිලීස් කරපන්" කියලා කෑගහනවා. හැබැයි ඉතින් බුවා දොයි, මසල්ස් රිලීස් වෙන්නේ නෑ.
ඔන්න බ්‍රේන් එකෙන් එතකොට කරනවා කියන ආතල් වැඩක්. මූ මචං ඩ්‍රීම් එකක් (dream) හදලා පෙන්නනවලු අපිට කොහේ හරි යන ගමන් ඉන්නේ, පට්ට චූ බරක් එනවා කියලා. බුවා ඉතින් හීනෙන් මූත්‍රා කරනවා, කැලේට එක්කෝ අල්මාරියක් ඇතුළට. හැබැයි ඉතින් ඇත්තටම චූ කරගෙන තියෙන්නේ නින්දේ ඇඟෙයි. ඕකෙන් වෙන්නෙත් අර සීන් එකමයි; හීනෙන් රවට්ටලා, උට ඕන වැඩේ කරගෙන බොඩි එක සැහැල්ලු කරනවා.