ජෙප්පො ඩොලර් බිලියන 8ක නය ගෙව්වා කියා තව පචයක් අතාරී. වැඩි වෙලා යන්න කලින් උන්ගෙ රෙදි ගැලවිලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113
    මම නිකමට අහන්නෙ, මුන් මෙහෙම පච කෙලිනකොට කොහොමද බන් රටේ ආර්ථිකේ ගැන කවුරුත් විශ්වාස කරන්නෙ? මුන්ගෙ PMD එකෙනුත් මේ කතාව දාල තිබ්බා. හැබැයි එලියෙන් fact check කලාම රෙදි නෑ.



    අනුරගෙ ආණ්ඩුව 2026 වසරේ පලමු කාර්තුවේදී ඩොලර් බිලියන 08 ක ණයක් ගෙව්වාද...?
    ඔව්.. කෙටියෙන්ම කිව්වොත් ගෙව්වා..
    හැබැයි මේ ණය ගෙව්වෙ කොහොමද කියලා දැනගන්න මේ සටහන අවසානය දක්වා කියවන්න.. ආස හිතෙයි..
    ශ්‍රී ලංකා රජය 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි - මාර්තු) තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 කට අධික (ඩොලර් මිලියන 8,094 ක) ණය ගෙවලා තියෙනවා.
    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office) මඟින් නිකුත් කරන ලද 2026 පළමු කාර්තුවට අදාළ නිල ණය සංඛ්‍යාලේඛන වාර්තාවල (Statistical Debt Bulletin) මේ බව තහවුරු කරලා තියෙනවා
    ශ්‍රී ලංකාව මෙම ඩොලර් බිලියන 8 ක මුදල ගෙවා දැමූ ආකාරය සහ එහි ව්‍යුහය පහත පරිදි වෙනවා..,
    🔴
    දේශීය ණය වගකීම් (Domestic Obligations): ඩොලර් බිලියන 7.56 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 7,565 ක්).
    🔴
    විදේශීය ණය (External Creditors): ඩොලර් මිලියන 530 ක්.
    ඩොලර් වලින් ගෙව්වා යැයි පැවසුවද දේශිය ණය ගෙවා ඇත්තෙ රුපියල් වලිනි...
    🔴
    එනම් ඩොලර් බිලියන 08 කින් ගෙව්වා යැයි පැවසුවද එයින් 94.5% ක්ම රුපියල්ය.
    ශ්‍රී ලංකාවේ දේශීයව ගෙවීමට තිබූ ඇතැම් ණය රුපියල් වලින් පියවා, එය ඩොලර් වලින් ගෙවූ බව ප්‍රකාශ කරන්නේ ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBs) සහ බැංකුවල විදේශ විනිමය ඒකක (FCBU) හරහා ලබාගෙන තිබූ ණය ප්‍රතිව්‍යුහගතකරණය (Domestic Debt Optimisation) සිදුකළ ආකාරය නිසාය
    🔴
    සත්‍යය වශයෙන්ම ඩොලර් වලින් ගෙවා ඇත්තෙ මිලියන 530 ක් පමණි..
    ◼️
    මේ ණය ගෙව්වෙ මිනිරන් ග්‍රැෆයිට් කරලාද...? එහෙමත් නැත්නම් මුහුදු වතුර සල්ෆියුරික් කරලාද..? එහෙමත් නැත්නම් මේ ණය ගෙව්වෙ කෝලිකුට්ටු ගෙඩිය නැට්ට හයියට හදලා එක්ස්පෝර්ට් කරලාද...?
    ◼️
    එහෙමත් නැත්නම් තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රංබණ්ඩාගෙ පුතා ගෙදරින් ගෙනල්ලාද..?
    ◼️
    එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදනය සහ අපනයන ඉහළ නැංවීමෙන්ද..? (Production & Exports)
    ◼️
    විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන්ද..? (Foreign Direct Investment - FDI)
    ◼️
    මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙන්ද ..?(Human Capital)
    🔴
    නැත... මෙම ණය ගෙවනු ලැබුවෙ තවත් ණය ගැනීමෙනි..
    මේ සඳහා දේශීය සුරැකුම්පත් වෙළඳපොළ හරහා ඩොලර් බිලියන 6.24 ක ණය රැගෙන ඇත.
    එනම් දේශීය සුරැකුම්පත් (Treasury Bills සහ Treasury Bonds) හරහාය. (මෙම ක්‍රියාවලිය "ණය ප්‍රතිමූල්‍යකරණය" (Debt Refinancing / Rollover) ලෙස හඳුන්වනු ලබයි)
    මෙය තනිකරම " ඇස්බැන්දුමකි.."..
    රජය විසින් ලබාගත් නව දේශීය ණය ප්‍රමාණයට (ඩොලර් බිලියන 6.14) වඩා වැඩි මුදලක් (ඩොලර් බිලියන 7.56 ක්) දේශීය ණය වෙනුවෙන් ගෙවා දමා ඇත. එම අතිරික්තය පියවා ඇත්තේ රාජ්‍ය බදු හරහා උපයාගත් දේශීය ආදායම් මඟිනි.
    බදු හැර රටක රටක ආර්ථික වර්ධනයක් කරා ගෙන යන කිසිදු නව සංවර්ධන කටයුත්තක් සිදුව නැත..
    රාජ්‍ය බදු හරහා උපයා ගත් දේශිය බදු යනු ගිණි පෙට්ටියෙ සිට වාහන ආනයනයෙන් පවා ගැසු බදු මෙන්ම ඔබෙන් බෙල්ල මිරිකා ලබා ගත් උපයන විට ගෙවු බදුය.
    අනුර කියූ පරිදි ඔහු මේ ණය අරගත්තෙ 2040 දි ගෙවන්නද..?
    නැත... සුරැකුම්පත් විකුණා ලබාගත් භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම ඩොලර් බිලියන 3.84 කි. එහි උපරිම ණය කාලසීමාව වසරකි.
    ණය අරගෙන ණය ගෙවන්නට ආණ්ඩුවක් ඕන දැයි අසන්නට අද විපක්ෂයෙ අනුර කුමාර දිසානායක නැතිවීම රටක් විදිහට අප ලද අවාසනාවකි .
    2029 පසු අනුර විපක්ෂයට ආ පසු ණය ගැනීමෙන් අද උපදින දරුවා පවා ණය වෙන අයුරුත් ණය ගැනීමෙන් රටකට සිදුවන අයහපත් දෑ පිළිබඳව හරබර දේශණයක් කරනු ඇත.
    නිලන්ත සත්සර ගමගේ
    ✍️

    See less

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113
    ඌ මොකාද අපිට අදාල නෑනේ කියන කතාව ඇත්තනම්. මුන් පට්ට විදියට රට මුලා කරනවා පච ගහලා. අර "ණය ගන්නෙ නැතුව හදන පලවෙනි හයිවේ" කියලා කියපු එකත් පචයක්, උන් ඒක බජට් එකට දාල ඒ සල්ලි ඔක්කොම කවර් වෙන්න (අයවැය හිඟය පියවන්න) නය ගත්තා, ඉතින් සරලවම කිව්වොත් ඒ ගත්ත නය අස්සේ ඕක හදන නයත් තියෙනවා. හැබැයි කියන්නෙ උන් හරියට සල්ලි හම්බ කරලා හැදුවා වගේ.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,185
    113
    Tokyo, Japan
    ඌ මොකාද අපිට අදාල නෑනේ කියන කතාව ඇත්තනම්. මුන් පට්ට විදියට රට මුලා කරනවා පච ගහලා. අර "ණය ගන්නෙ නැතුව හදන පලවෙනි හයිවේ" කියලා කියපු එකත් පචයක්, උන් ඒක බජට් එකට දාල ඒ සල්ලි ඔක්කොම කවර් වෙන්න (අයවැය හිඟය පියවන්න) නය ගත්තා, ඉතින් සරලවම කිව්වොත් ඒ ගත්ත නය අස්සේ ඕක හදන නයත් තියෙනවා. හැබැයි කියන්නෙ උන් හරියට සල්ලි හම්බ කරලා හැදුවා වගේ.
    ණය ගත්තත් නැතතත් දැන් IMF restructure හින්දා රජයට බදු ආදායම් වැඩි වෙලා තියෙනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,299
    27,755
    113
    treasury එකේ ට්‍රිලියනයේ සංචිත පචෙත් ඔය වගේ තමයි රනිල් යනකොටත් බිලියන 750-850 ගානක් තිබ්බා. මුන් එක බිලියන 110න් වැඩි කරලා රට වටේ කියා කියා යනවා. අනුරනම් පච පචනම් අනුර :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,947
    24,365
    113
    tracing Geo-location.. ... ...
    ඇයි මුන්ට කරපු දේ කියන්න බැරි.. ඒකත් බොරුවක් කියලා කරපු වැඩේ වටිනාකමත් නැති කරගන්නවා බූරුවෝ..
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,102
    113
    බොරු කියන උන් තමා අන්තිමට රැවටෙන්නේ කියන දේ වෙලා තියෙන්නේ දැන් උන්ට
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    දැන් මුන්ට ඡන්දේ දුන්න Education එකක් නැති අඩුකුලේ එවුන් මෙවා විශ්වාස කරනවා😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113
    ඇයි මුන්ට කරපු දේ කියන්න බැරි.. ඒකත් බොරුවක් කියලා කරපු වැඩේ වටිනාකමත් නැති කරගන්නවා බූරුවෝ..
    Buzz words වලින් ගේම ගහන්නෙ. රුපියල් වගේද බන් ඩොලර් කියන්නෙ? අනික බිලියන මිලියන වගේ වචනත් තියෙනවා, ගමේ ගොඩේ උන්ගෙ බඩු යන වචන නේ මෙව්වා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,332
    2,602
    113
    මුන් කෝපි කඩේ අබිලිං වගේ තමා... රට වටේ පච කිය කිය යනවා... මුන් සැබෑ ජීවිතේත් ඔය වගේ තමා...