10 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කර සැඟවී සිටින විහාරාධිපති වසර 24ක සිර දඬුවමක් නියම කරයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,719
    11,242
    113
    Hooooo
    ළමා අපචාර චෝදනාවකට වරදකරු වූ හිමිනමකට බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඬුවම් නියම කෙරුණා.

    යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් දස හැවිරිදි පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජන සිදු කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම අධිචෝදනා ලැබ සිටියා.

    එම හිමිනමට බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඩුවම් නියම කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය දරුවාට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කලා.

    එසේ නොගෙවන්නේ නම් අමතර වසර 2 ක සිර දඩුවම් ද නියම කෙරුණා.

    විත්තිකරු අධිකරණය මග හැර පළාගොස් සිටි අතර එම හිමිනම නොමැතිව නඩුව විභාග කෙරුණා.
    හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් ද නිකුත් කෙරුණා.

    මේ අතර පැවදිකිරීම සඳහා විහාරස්ථානයට භාර දුන් පළමු දිනයේම පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු වූ ගල්නෑවේ හිමිනමකට ද ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය පසුගිය දා දඩුවම් නියම කළා
    Cc @Jihadi john
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,480
    113
    E Asse Aluthma Pacha Kiyanda Aran Bayakaraganda Modayo.
    Paw Wei Kata Piyan Inda


    image-2026-06-07-132202427.png
     

    Similar threads