උඹලට මේ භික්ෂුව ගැන මොකද හිතෙන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    මට නම් හිතෙන්නේ නිකං වචන හරඹයක් කරනවා කිියලයි

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ කළින් කිව්වෙ ඔහොම නෙමේනෙ. ඔඩියෝ අහනව සුපිරියි කිව්වෙ.

    තිත්තගල්ලේ ආනන්දසිරි භික්ෂුවගේ දේශනා අහපල්ලා
    ගත යුත්තක් තියෙනවා
    මට පොරගේ බාහිර ස්වරූපය අල්ලන්නේ නැති නිසා පොරගේ වීඩියෝ මම අහන එක කරන්නේ. බලන්නේ නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,762
    14,964
    113
    දීප්ති කුමාර ගුණරත්න මෙතන දක්වන උදාහරණය ඉතා වැදගත්.

    මේ ආකාර ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තුවෙන් තමයි ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත්කරන්නේ.

    දැන් අවුරුදු 2 කට ආසන්න කාලයක් ගතව තිබුණත් ඔවුන්ද ඒ ආකාරයේ ප්‍රශ්නවලට මෙතෙක් හරියාකාරව ආමන්ත්‍රණය කරලා නැහැ.

    ශ්‍රී ලංකාව බොහෝ සමාජ මානව දර්ශකවල (Social and Human Development Indicators) ඉහළින් සිටියත් විනය ආදි කරුණු සම්බන්ධයෙන් ඉන්නේ ඇතැම් නොදියුණු රටවල මට්ටමේ.

    උගත්කම, වෘත්තිකභාවය, ඇති හැකිකම් උඩින් තියෙන අය වගේම සමාජයේ අනෙකුත් අයගෙන්ද පොදු අවකාශයන්වල විවිධාකාර දුර්වලතා දක්නට ලැබෙනවා.

    මහමග රිය ධාවනයේ ඇති ගැටළු වගේම අදත් රජයේ රෝහලකට, කන්තෝරුවකට ගියාම සාමාන්‍ය මිනිස්සුන්ට සිදුවන පීඩාවන් ආදිය මීට උදාහරණ.

    මෙකී අඩුපාඩු අවම රටවල් තමයි අදත් දියුණු රටවල් බවට පත්ව තිබෙන්නේ.

    එවැනි රටවල් “වැරදි කරන අයට පමණක් දඬුවම් කිරීම” නෙවෙයි කරනේ. ඔවුන් පද්ධතියම එකී ගැටළු ඇති නොවන ලෙස නිර්මාණය කර තිබෙනවා.

    අපේ අධ්‍යාපනයේ මෙන්ම සංවර්ධනයේ ප්‍රගතියක් ඇතත් අනෙකාට ගරු නොකරන සහ සිය සමාජ වගකීම ඉටුනොකරන පසුබිමක් තවදුරටත් එලෙසම පවතිනවා.

    මහමග වාහන පදවන ආකාරය තමයි මෙතනදි දෙන්න පුළුවන් හොඳම උදාහරණය. ඒක මෙතෙක් හැදුනෙත් නෑ. දැන් ඉන්න අය හදන්නෙත් නෑ වගේ.

    ත්‍රීරෝධ රථ රියදුරන්, තමන් කරන වැරදි නීත්‍යානුකූල යැයි සිතන තරමට මේ වන විට පත්ව තිබෙනවා. එනිසා තමයි ඔවුන් පාරෙදි අනෙක් අය අභිබවා ප්‍රමුඛතාව ගන්නේ.

    එය කැලෑ නීතියක් බවට පත්ව ඇති නිසයි දීප්ති කියන ආකාරයටම උගත් බුද්ධිමත් මිනිස්සුත් බලුවෙලා තියෙන්නේ.

    |මහින්ද රුබසිංහ