දස හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළ විහාරාධිපති හිමිනමකට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,469
    10,192
    113
    44
    Living in an Atom
    abused.png


    අධ්‍යාපනය ලැබීම සඳහා මව්පියන් විසින් විහාරස්ථානයකට භාරදෙනු ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදට ගලෙන්බිඳුණුවැව, සිවලාකුලම ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමකට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වී තිබේ. ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

    විත්තිකාර හිමිනමට එල්ල වී තිබූ අධිචෝදනා දෙක සඳහා වෙන් වෙන්ව වසර 12 බැගින් මෙම සිරදඬුවම නියම කර ඇති අතර, ඊට අමතරව වින්දිත දරුවාට රුපියල් ලක්ෂ 5ක වන්දියක් (එක් චෝදනාවකට ලක්ෂ දෙකහමාර බැගින්) ගෙවන ලෙසද අධිකරණය නියෝග කළේය. එකී වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවමක්ද, රුපියල් 3000ක දඩ මුදලක් ගෙවීමටද නියම කර ඇත. දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් වසරක සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.

    මෙම අපරාධය 2015 වසරේ මැයි මස 1 වැනිදාත් 24 වැනිදාත් අතර කාලය තුළ ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලී චෛත්‍යාරාම විහාරයේදී සිදුවී ඇත. නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප්‍රකාරව 40 හැවිරිදි විහාරාධිපතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චමික ගුරුගේ මහතා පෙනී සිටි අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී හර්ෂන මහේන්ද්‍ර කුමාර සේනානායක මහතා, ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් සහ වින්දිත දරුවා මෙහි ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි.

    නඩු විභාගය අතරතුර විත්තිකාර හිමිනම දිගින් දිගටම අධිකරණය මඟහැර පලාගොස් සැඟව සිටි බැවින්, විත්තිකරු නොමැතිව නඩුව විභාග කර මෙම තීන්දුව ලබාදීම සිදු විය. තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනයේදීද ඔහු අධිකරණයේ පෙනී නොසිටි හෙයින්, විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේය.

    සිරදඬුවම් නියම වූ මෙම හිමිනම සිය ගිහි ජීවිතයේදීද නිවාස බිඳීම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී, අත්හිටවූ සිරදඬුවම් ලබා සිටි පෙර වැරදි සහිත අයෙකු බවද අධිකරණ විභාගයේදී තවදුරටත් අනාවරණය වී තිබේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,422
    9,052
    113
    ටොපා නිසා නහින සන්ගයියලා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,882
    7,817
    113
    මේ අවුරුදු ගණන් පරණ එකම news එක තුන කිරියේ නූල් පනහක විතර
    වෙන වෙනම දානවා.

    බලන උන්ට හිතෙන්නේ වෙන වෙනම සිද්ධි කියලා..
     

    Similar threads