හොරණ මහජන බැංකු සහකාර කළමනාකරුගේ තවත් වංචා රැසක් එළියට

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    ඔය ලංකාවේ බැංකු වල ඉන්න උන්ට මේලෝ මොළයක් නෑ.. කටපාඩම් කරලා පුහුණු කරපු ඒව ටික කරන්න දන්නවා...
    මොලෙන් ගේමක් දෙන්න බෑ..
    මොලේ තියනවා නම් බැංකු වල ඉන්න උන්ට ලස්සනට පෝසත් වෙන්න පුළුවන්.
     
    • Haha
    • Like
    Reactions: Nalindax and $onny

    Sen-lu

    Well-known member
  • හොරණ ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවෙන් රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලක් කොල්ලකෑ බවට ව්‍යාජ රංගනයක නිරත වූ එහි සහකාර කළමනාකාරවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන තරුණ කාන්තාවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් විමර්ශන කණ්ඩායම් තීරණය කර ඇත.


    54 හැවිරිදි සැකකාර බැංකු නිලධාරියා රහසිගත ලෙස කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී මෙන්ම කාමභෝගී ජීවිතයක් ගතකර ඇති බවත්, ඒ වෙනුවෙන් ඔහු අසීමිත ලෙස මුදල් වියදම් කර ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. තවද, මෙම පුද්ගලයා විශාල වශයෙන් ණය බරින් මිරිකී සිටි අයෙකු බවටද තොරතුරු ලැබී ඇත. ඒ අනුව, මොහු අදාළ තරුණියන් වෙනුවෙන් ද මුදල් වැයකර ඇති බවට ලැබුණු තොරතුරු මත මෙලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
    බස්නාහිර උතුර පොලිස් විමර්ශන කණ්ඩායමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු බොහෝ වැදගත් තොරතුරු හිතාමතාම වසන් කරමින් සිටින බවයි.
    lg.php


    මෙම සොරකමත් සමග ඔහුගේ පවුල් ජීවිතයද අවුල්ව ගොස් ඇති අතර ඔහු පවුලට හොරෙන් කළ වැඩ නිසා ඉදිරියේදී ගමේ වසන්නට බැරි තත්වයක් උද්ගතව ඇතැයිද වාර්තාවේ.

    රඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත්තේ වෑවල ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සහකාර කළමනාකරුවෙකු වන අතර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    පොලිසිය විසින් ප්‍රධාන සැකකාර සහකාර කළමනාකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්පෙති කාඩ්පත් කිහිපයක් සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බැංකුවේ ගබඩා කාමරයක රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 17ක මුදලක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. නිවසේ තිබී මත්පෙති හමුවීම හේතුවෙන් සැකකරු කිසියම් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධතාවයක් පවත්වන්නේද යන්න පිළිබඳව ද පොලිසිය විසින් විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

    සැකකරුගේ පසුබිම පිළිබඳව සිදුකළ විමර්ශනවලදී ඔහු කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් පොලියට මුදල් ලබාගෙන ඇති බවත්, එම මුදල් යළි ඉල්ලා ඔවුන්ගෙන් දුරකථන හරහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් හෙළි වී ඇත. තවද, ඔහු සම්බාහන මධ්‍යස්ථාන වෙත නිතර ගොස් ඇති බවත්, නිරූපිකාවන් ඇතුළු විවිධ කාන්තාවන් සමග සබඳතා පවත්වමින් අධික ලෙස මුදල් වියදම් කර ඇති අයෙකු බවටත් තොරතුරු පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී.
    අධිකරණයේදී ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජන් හපුතන්ත්‍රි මහතා සඳහන් කළේ සොයාගත් මුදල් සිය සේවාදායකයාට අයත් නොවන බවයි. එමෙන්ම, දෙවැනි සැකකරු වන ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල සහ නීතිඥ දුලාංග මිහිරංග යන මහත්වරුන් ප්‍රකාශ කළේ තම සේවාදායකයාට එරෙහිව මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුව රිමාන්ඩ් කිරීම අසාධාරණ බවත්, ඉදිරි නඩු දිනයේදී මේ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.
    බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, අත්අඩංගුවට ගෙන සිටින සහකාර කළමනාකරු බැංකු පරිශ්‍රයට, ඔහුට පොලියට මුදල් දුන් පානදුර නල්ලූරුව ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට සහ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ නිවාස වෙත ද පරීක්ෂාවන් සඳහා රැගෙන ගොස් ඇත. ඉන් අනතුරුව සැකකරු මිල්ලනිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත.


    මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර සහකාර කළමනාකාරවරයා සහ අදාළ බැංකුවේ ආරක්ෂක නිලධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ආරක්ෂක නිලධාරියා එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කෙසේ වෙතත්, ප්‍රධාන සැකකාර බැංකු නිලධාරියා දින හයක රැඳවුම් නියෝග මත තවදුරටත් රඳවාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය පවසයි.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :
    අහුවෙන හැම එකාගෙම ගෙවල් වල මත්පෙති හරි මත්ද්‍රව්‍ය හරි තියෙනවනෙ 😂😂. හැබැයි තවම ඉස්සුව සල්ලි නෑ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,245
    9,740
    113
    ඔය ලංකාවේ බැංකු වල ඉන්න උන්ට මේලෝ මොළයක් නෑ.. කටපාඩම් කරලා පුහුණු කරපු ඒව ටික කරන්න දන්නවා...
    මොලෙන් ගේමක් දෙන්න බෑ..
    මොලේ තියනවා නම් බැංකු වල ඉන්න උන්ට ලස්සනට පෝසත් වෙන්න පුළුවන්.
    Prasidda nathu unata supiri game denava ! Vada krna knkgen ahala blnna kochchara vancha athule wenavada kiyala
     
    • Wow
    Reactions: scorpion MW

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    අහුවෙන හැම එකාගෙම ගෙවල් වල මත්පෙති හරි මත්ද්‍රව්‍ය හරි තියෙනවනෙ 😂😂. හැබැයි තවම ඉස්සුව සල්ලි නෑ.
    Salli walin bagayak humba una neda? News wala ahema thibuna.


    Today update

    හොරණ ප්‍රදේශයම කැළඹූ රුපියල් කෝටි තුනහමාරක මහා බැංකු මංකොල්ලය, හොලිවුඩ් චිත්‍රපටයක් පරදවන අන්දමේ අතිශය සූක්ෂ්ම තිරපිටපතක් බව මේ වන විට හෙළිදරව් වී අවසන්ය.
    පසුගිය තුන්වැනිදා හොරණ මහජන බැංකුවෙන් රුපියල් කෝටි තුනහමාරකට අධික අතිවිශාල මුදලක් කොල්ලකෑ බවට රට පුරා පැතිර ගිය ප්‍රවෘත්තිය පිටුපස කිසිදු සන්නද්ධ කල්ලියක් නොසිටි බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ පුළුල් විමර්ශනවලදී තහවුරු වී තිබේ. සැබැවින්ම මෙහිදී සිදුව ඇත්තේ පිටස්තර කොල්ලකෑමක් නොව, බැංකුවේ සහකාර කළමනාකරු විසින් කලක සිට ක්‍රමානුකූලව සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවක් වසා ගැනීම සඳහා රඟදැක්වූ අතිසාර්ථක නාටකයක් බව පොලීසිය මේ වන විට තහවුරු කරගෙන ඇත.

    බැංකුවක් තුළ ඉහළම විශ්වාසයක් දිනා සිටි, සෙසු සේවකයන්ගේ කිසිදු සැකයකට ලක් නොවුණු මෙම නිලධාරියා, සිය තනතුරේ බලය සහ පිළිගැනීම තම පෞද්ගලික පරිහරණය සඳහා වූ අඳුරු අරමුණු වෙනුවෙන් මෙලෙස අනිසි ලෙස යොදාගෙන තිබේ. ඔහු කෙරෙහි තිබූ ඒ දැඩි විශ්වාසය නිසාම, වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ පහ සහ දහය වැනි විශාල මුදල් ප්‍රමාණ හොර රහසේ බැංකුවෙන් පිටතට ගෙන යාමට ඔහුට කිසිදු බාධාවක් එල්ල වී නැත.

    මෙම නිලධාරියාට වෙනත් බැංකු ශාඛාවකට ස්ථාන මාරුවීමක් ලැබීමත් සමඟම ඔහුගේ මෙම දීර්ඝකාලීන සොරකම හෙළිවීමේ දැඩි අවදානමක් මතු විය. තමා ලබාගත් අතිවිශාල මුදල නැවත පියවීමට නොහැකි වූ තැන, වෙනත් ශාඛා වෙත මුදල් ප්‍රවාහනය කරන මුවාවෙන් මුදල් ඇති බව අඟවමින් හිස් බෑග් දෙකක් රැගෙන ගොස්, කිසියම් පුද්ගලයෙකු ඒවා උදුරාගත් බවට ඔහු කෑගසමින් යළි බැංකුවට දිවවිත් ඇත්තේ තම වරද අන් අයෙකු පිට පැටවීමේ අරමුණෙනි. ඔහු මෙම බැංකු මුදල් සිය අසාර්ථක වූ මැණික් පතල් ව්‍යාපාරය ඇතුළු වෙනත් පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති අතර, ජනප්‍රිය නිරූපිකාවකගෙන් ලබාගත් රුපියල් ලක්ෂ තිස් තුනක් ඇතුළුව, අධික පොලියට ලබාගත් ණය පියවීම සඳහාද බැංකුවේ මුදල් මෙලෙස නිරන්තරයෙන් අවභාවිත කර ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
    කෙසේ වෙතත්, මෙම සිදුවීම පිටුපස ඇති විශාලතම ඛේදවාචකය වන්නේ මේ කිසිවක් නොදත් බැංකුවේ ආරක්ෂක නිලධාරියාද නිකරුණේ සැකයට භාජනය වී මේ වන විට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමයි. ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව සහකාර කළමනාකරු සහ ආරක්ෂකයා අතර කිට්ටු සබඳතාවක් දිස්වුවද, මෙම වංචාවට ඔහුගේ සෘජු මැදිහත්වීමක් ඇති බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි පොලීසියට හමුවී නැත. එයට හේතුව වී ඇත්තේ, ආරක්ෂක නිලධාරියා පිටතට යෑමට අදාළව සටහන් පොතේ අත්සන් තබන තත්පර කිහිපය තුළ සහකාර කළමනාකරු හිතාමතාම තනිවම පිටතට ගොස් මෙම කොල්ලකෑමේ රඟපෑම සිදුකර ඇති බවක් පෙනෙන්නට තිබීමයි.

    බාහිර සතුරන්ගෙන් බැංකුවේ මුදල් රැකගැනීමට යකඩ දොරවල් සහ සන්නද්ධ ආරක්ෂකයන් කොතෙක් යෙදවුවද, විශ්වාසය කඩ කළ අභ්‍යන්තරිකයෙකුගේ නිහඬ සොරකමකින් ඒවා ආරක්ෂා කරගැනීම කොතරම් දුෂ්කර දැයි මෙම සිදුවීම මුළු මහත් සමාජයටම කියාපාන කටුක සත්‍යයකි.

    𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤