ලොකු අයියා පෙන්නූ ලස්සණ ලෝකය හොරණ නිවාසයේ නැතැයි සති දෙකින් එපාවූ කත සල්ලි නොදුන් නිසා නඩු මගට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,482
    10,212
    113
    44
    Living in an Atom
    loku-Aiya.png


    ජීවිතයේ සැඳෑ සමය නිදහසේ ගත කිරීමේ අරමුණින් අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'මාපිය සෙවණ සෙනෙහසේ කැඳැල්ල' නමැති වැඩිහිටි නිවාසයේ හිමිකරුට රුපියල් ලක්ෂ දහඅටක මුදලක් ලබාදුන් හැටහත් හැවිරිදි කාන්තාවකට එම මුදල යළි ඉල්ලා සිටීමේදී බැනවැදී එළවා දැමීම සම්බන්ධයෙන් ඇය විසින් අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පාණදුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව දින දාහතක කාලයක් අදාළ වැඩිහිටි නිවාසයේ රැඳී සිටීමෙන් පසු එහි පවතින අමානුෂික තත්ත්වය දරාගත නොහැකිව ඉන් ඉවත්ව ගොස් ඇති අතර, ඇය සිය මුදල් යළි ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුවය.

    වසර විසිපහක පමණ කාලයක් විදේශගතව ගෘහ සේවිකාවක ලෙස සේවය කර උපයාගත් මුදල් සිය දරුවන් දෙදෙනාට ලබාදීමෙන් පසු ඇය සතුව රුපියල් ලක්ෂ දහතුනක මුදලක් ඉතිරිව තිබී ඇත. මොරටුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබූ එම මුදල යොදාගෙන කිසියම් ස්ථානයක රැකවරණය ලැබීමේ අපේක්ෂාවෙන් පසුවූ ඇයට, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් දැකීමට ලැබී තිබේ. 'ලොකු අයියා' නමැත්තෙකු විසින් වැඩිහිටියන් පිරිසක් සමඟ ඉතා සතුටින් කාලය ගතකරන ආකාරය දැක්වෙන එම වීඩියෝවෙන් රැවටීමට ලක්වූ ඇය, එහි සඳහන් දුරකථන අංකයට අමතා නවාතැන් ගැනීමේ අවශ්‍යතාව දැනුම් දී ඇත.

    මෙහිදී වැඩිහිටි නිවාසයට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් තිස්පන්දහසක මුදලක් අවශ්‍ය බවට එහි පාලනාධිකාරිය දැනුම් දී තිබුණද, වරින් වර මුදල් ගෙවීමට තමාට හැකියාවක් නොමැති බව ඇය පවසා තිබේ. ඒ වෙනුවට තමා සතු රුපියල් ලක්ෂ දහතුනක මුදල එකවර ලබාදී ජීවිතාන්තය දක්වා කෑම බීම, බෙහෙත් ඇතුළු නවාතැන් පහසුකම් ලබාගැනීමට ඇය යෝජනා කර ඇත. එම එකඟතාව මත නීතිඥවරියකගේ මාර්ගයෙන් සකස් කළ දිවුරුම් ප්‍රකාශයක් මඟින් පාණදුර ප්‍රදේශයේදී පළමු අවස්ථාවේදී අදාළ ලක්ෂ දහතුනක මුදල වැඩිහිටි නිවාසයේ හිමිකරුට ලබාදීමට ඇය කටයුතු කර තිබේ. ඉන් පසුව ඇයව මෝටර් රථයකින් වැඩිහිටි නිවාසය වෙත රැගෙන යන අතරමඟදී හිමිකරු විසින් තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලාගෙන ඇති බවද ඇයගේ පැමිණිල්ලේ දැක්වේ.

    කෙසේ වෙතත්, අදාළ නිවාසයේ ගතකළ දින දාහතක කාලය තුළදී එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමට මෙම කාන්තාවට හැකිවී තිබේ. සමාජ මාධ්‍ය වීඩියෝවලින් පෙන්වන සුන්දර පරිසරය වෙනුවට එහි ඇත්තේ නේවාසිකයන්ට නිසි පරිදි ආහාරපාන පවා නොදෙන අපායක් බඳු ස්ථානයක් බව ඇය පොලීසියට පවසා ඇත. විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් යකඩ දම්වැල්වලින් බැඳ දමා ඇති බවත්, හිමිකරු සහ සේවකයන් විසින් වේවැල් සහ පොලුවලින් පහරදෙමින් නේවාසිකයන්ට දැඩි සේ වධහිංසා පමුණුවන බවත් ඇය සියැසින් දැක තිබේ. මෙම අමානුෂික ක්‍රියාවන් හමුවේ ඉදිරියේදී තමාටද මෙවැනිම ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇතැයි බියට පත් ඇය, නිවාසයේ හිමිකරුට ඒ බව දැනුම් දීමෙන් පසු 2026 මැයි මස 27 වැනි දින සිය සහෝදරියගේ නිවසට ගොස් ඇත.

    ඉන් පසුදින එනම් මැයි 28 වැනිදා සිය සහෝදරිය සහ ඇයගේ පුත්‍රයා සමඟ යළි වැඩිහිටි නිවාසය වෙත පැමිණි මෙම කාන්තාව, තමා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහඅටක මුදල ආපසු ලබාදෙන ලෙස එහි හිමිකරුගෙන් ඉල්ලා තිබේ. එහිදී කෝපයට පත් හිමිකරු පරුෂ වචනයෙන් බැනවැදී ඔවුන්ව එම ස්ථානයෙන් පන්නා දමා ඇත. වංචනික ලෙස තමාගෙන් ලබාගත් එම මුදල යළි ලබාගැනීම සඳහා නීතිමය පියවරක් ගෙන සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    හැමදාම සුදු අඳිනවා කියන්නේ හොරෙක් කුපාඩියෙක් ,නිතරම හැම එකටම බුදු සරනය් කියනවා නම් හොරෙක් කුපාඩියෙක්,ඕනවට වඩා උදව් කරන්න එනවා නම් හොරෙක් කුපාඩියෙක්,පොඩි පොඩි සමාජ සත්කාර කරල වීඩියෝ ෆොටෝ දාල පම්පෝරි ගහනවා නම් හොරෙක් කුපාඩියෙක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    හැමදාම සුදු අඳිනවා කියන්නේ හොරෙක් කුපාඩියෙක් ,නිතරම හැම එකටම බුදු සරනය් කියනවා නම් හොරෙක් කුපාඩියෙක්,ඕනවට වඩා උදව් කරන්න එනවා නම් හොරෙක් කුපාඩියෙක්,පොඩි පොඩි සමාජ සත්කාර කරල වීඩියෝ ෆොටෝ දාල පම්පෝරි ගහනවා නම් හොරෙක් කුපාඩියෙක්.
    ගම්වල වැඩිම ඔහොම උන් ලොල්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ගම්වල වැඩිම ඔහොම උන් ලොල්
    ඔව් අත් දැකීමෙන් කියන්නේ ඔය සෙට් එක මග හැරලා ඉන්න තරමට ඇඟට ගුනය්
     
    • Like
    Reactions: jhnnwp