මාලිමා JVP වැඩ බැරි හොරු හොඳටම කරයි! රජයට අයිති ප්‍රධාන ව්‍යාපාර 51ක ලාභය 2023ත් වඩා අඩුවෙයි. රනිල්ගේ කාලේ ලාබෙ බි. 539යි. පච අනුරගේ කාලේ බි. 444යි!

monson

Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    :lol: 🤌

    2024 රජයට අයිති ප්‍රධාන ව්‍යාපාර 51ක ලාභය රු. බිලියන 539යි. 2025 ඒක රු. බිලියන 444යි. ඒ කියන්නේ ලාභය 17%කට වඩා අඩු වෙලා.
    2023 ලාභයත් රු. බිලියන 445ක්. ඒ කියන්නේ 2025 ලාභය 2023ටත් වඩා ටිකක් අඩුයි.

    ලාභය ආවේ කොහෙන්ද?
    මුළු ලාභය රු. බිලියන 444යි. ඒකෙන් රු. බිලියන 304ක්ම ඇවිල්ලා තියෙන්නේ Banking and Finance sector එකෙන්.
    ඒ කියන්නේ Bank of Ceylon, People’s Bank, National Savings Bank, Employees’ Trust Fund වගේ ආයතන වලින්.
    දැන් මේවයේ තියෙන්නේ කාගේ සල්ලිද?
    ආ… අපේම සල්ලි.
    Bank of Ceylon එක විතරක් රු. බිලියන 120ක profit එකක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාරවල මුළු ලාභයෙන් 27%ක් වගේ Bank of Ceylon එකෙන්.


     
    • Like
    Reactions: cstasy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    Copied from the link

    2025 අවුරුද්දේ මහා භාණ්ඩාගාරයේ Annual Report එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒකේ State-Owned Enterprises, ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාර ගැන තියෙන chapter එකෙන් තමයි මේ කරුණු 10 ලියන්නේ.
    අමතක කරන්න එපා. 2025 කියන්නේ ලංකා ඉතිහාසයේ ඉතාම හොඳ fiscal discipline එකක් තිබ්බ අවුරුද්දක්. ඒ වගේ අවුරුද්දකත් රජයට අයිති ව්‍යාපාරවල ලාභය කලින් අවුරුද්දට වඩා අඩු වෙලා. අවංක අය ඉඳලත් සමහර ඒවා පාඩු වෙලා. භාණ්ඩාගාරයට ඇත්තටම ලැබිලා තියෙන්නේ සොච්චමයි.
    මට බනින්න එපා. ජනාධිපතිතුමාම කිව්වානේ “සමහර ඒවා වහල දාන්න ඕන. ඒවා වහන්නත් සල්ලි ගෙවන්න වෙලා” කියලා.
    මෙන්න කරුණු 10.
    1️⃣
    . ලාභය අඩු වෙලා.
    2024 රජයට අයිති ප්‍රධාන ව්‍යාපාර 51ක ලාභය රු. බිලියන 539යි. 2025 ඒක රු. බිලියන 444යි. ඒ කියන්නේ ලාභය 17%කට වඩා අඩු වෙලා.
    2023 ලාභයත් රු. බිලියන 445ක්. ඒ කියන්නේ 2025 ලාභය 2023ටත් වඩා ටිකක් අඩුයි.
    තව දෙයක්. රජයට අයිති ආයතන 527ක් වගේ තියෙනවා. හැබැයි data එළියට දාන්නේ ප්‍රධාන 51ක් ගැන විතරයි.
    2️⃣
    . “ලාභයිනේ” කියන්න කලින් Return on Assets (ROA) බලන්න.
    මේක දැම්ම ගමන් මම දන්නවා සමහරු කියන එක.
    “ආ… කමක් නෑ. කොහොමහරි ලාභයිනේ. පාඩු නෑනේ.”
    පොඩ්ඩක් ඉන්නකෝ.
    මේ රජයට අයිති ව්‍යාපාරවල asset base එක 2025දී රු. ට්‍රිලියන 16.5ක්. බිලියන නෙවෙයි. ට්‍රිලියන. ඒ කියන්නේ රු. බිලියන 16,500ක්. මේක අපේ GDP එකෙන් 50%ක් වගේ.
    හැබැයි ඒ වත්කම් වලින් ලැබිලා තියෙන මුළු ලාභය රු. බිලියන 444යි. ඒ කියන්නේ asset එකට සාපේක්ෂව return එක ඉතාම අඩුයි.
    සරලව කියනවා නම්, ඔබට රු. මිලියනයක් වටිනා කඩ කාමරයක් තියෙනවා කියලා හිතන්න. ඒකෙන් අවුරුද්දකට ලැබෙන්නේ රු. 27,000ක් වගේ. මාසෙකට රු. 2,250ක් විතර.
    සාමාන්‍ය Fixed Deposit එකක rate එකත් 7%ක් වගේ. Savings account එකකටත් 4%ක් විතර ගන්න පුළුවන්. එහෙම බලද්දී මේක “ලාභයි” කියලා කියන එක ලේසි වුණාට, හොඳ business එකක් කියන එක වෙනම කතාවක්.
    3️⃣
    . ලාභය ආවේ කොහෙන්ද? අපේම සල්ලි තියාගෙන ඉන්න banks වලින්.
    මුළු ලාභය රු. බිලියන 444යි. ඒකෙන් රු. බිලියන 304ක්ම ඇවිල්ලා තියෙන්නේ Banking and Finance sector එකෙන්.
    ඒ කියන්නේ Bank of Ceylon, People’s Bank, National Savings Bank, Employees’ Trust Fund වගේ ආයතන වලින්.
    දැන් මේවයේ තියෙන්නේ කාගේ සල්ලිද?
    ආ… අපේම සල්ලි.
    Bank of Ceylon එක විතරක් රු. බිලියන 120ක profit එකක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ රජයට අයිති ව්‍යාපාරවල මුළු ලාභයෙන් 27%ක් වගේ Bank of Ceylon එකෙන්.
    ඒ නිසා SOE profit කියලා කියන එකේ ඇතුළේ තියෙන්නේ, බොහෝ වෙලාවට competitive business success එකක් නෙවෙයි. අපේ deposits, EPF/ETF type funds, state banking power, monopoly power සහ regulatory advantages.
    4️⃣
    . ලාභ ලබන බොහෝ ආයතන monopoly හෝ protected businesses.
    ලාභ ලබන බොහෝ SOEs බලද්දී පේන pattern එකක් තියෙනවා.
    ඒවා වැඩිහරියක් එක්කෝ monopoly. නැත්නම් රජය දැඩිව advantage එකක් දීලා තියෙන sectors.
    උදාහරණයක් ගත්තොත් Sri Lanka Ports Authority, National Water Supply and Drainage Board, National Lotteries Board වගේ ආයතන.
    මේවා සාමාන්‍ය market competition එකේ ඉන්න businesses නෙවෙයි.
    ඒක හරියට ලංකාවේ පාන් විකුණන්න දෙන්නේ මට විතරයි, වෙන කාටවත් පාන් විකුණන්න දෙන්නේ නෑ කියලා law එකක් දාලා, “මගේ bakery එක ලාභයි” කියනවා වගේ වැඩක්.
    එහෙම ලාභයක් business excellence එකක්ද? නැත්නම් monopoly privilege එකක්ද?
    5️⃣
    . දැන් යමු පාඩු පැත්තට. ලොකුම බලපෑම CEB එකෙන්.
    2025දී වැඩිපුරම පාඩුවක් ආවේ Ceylon Electricity Board එකෙන්. CEB එකේ loss එක රු. බිලියන 38.7ක්.
    2024දී CEB එකේ ලාභය රු. බිලියන 141.6ක්. 2025දී ඒක පාඩුවකට හැරිලා.
    CEB එකත් monopoly එකක්. 2024දී ලයිට් බිල් වැඩි කරලා ලාභයක් පෙන්නුවා. 2025දී tariff reductions, cost structure සහ operational issues එක්ක ආයෙත් loss එකක්.
    CEB data එකෙන්ම බලද්දී sales per unit එක Rs.36.01 ඉඳලා Rs.26.24ට බැහැලා. Cost per unit එක Rs.30.23. ඒ කියන්නේ unit එකක් විකුණන හැම වෙලාවකම economics එක හරි නැත්නම්, අන්තිමට bill එක එන්නේ taxpayersලාට.
    6️⃣
    . Competition තියෙන තැන්වල රජයේ ව්‍යාපාර හුඟක් වෙලාවට fail වෙනවා.
    පාඩු ලබන ආයතන බැලුවම පේන ලොකු දෙයක් තියෙනවා.
    Private sector එකත් තියෙන, competition තියෙන sectors වල රජයට අයිති ව්‍යාපාර බොහෝ විට අමාරුවේ.
    උදාහරණයක් විදිහට construction sector එක. State Engineering Corporation, Central Engineering Consultancy Bureau, State Development and Construction Corporation ඇතුළු construction sector SOEs වල එකතුවේ loss එක රු. මිලියන 759ක්.
    ඒ වගේම SriLankan Airlines, Lanka Sugar, State Plantations, Sri Lanka Rupavahini Corporation වගේ ආයතනත් පාඩුයි.
    මේකෙන් පේන දේ සරලයි.
    Monopoly දුන්නොත් “ලාභයි”. Competition දුන්නොත් “අමාරුයි”. එතකොට ප්‍රශ්නය business එකේ නෙවෙයි. Ownership එකේ සහ incentives වල.
    7️⃣
    . ලාභය තිබ්බත් Treasury එකට යන්නේ සොච්චමයි.
    දැන් තමයි හොඳම හරිය.
    ඔය රු. බිලියන 444ක ලාභය අහලා ඔබ හිතනවා ඇති නේද, “මේ සල්ලි ඔක්කොම රජයට යනවා ඇති” කියලා?
    අනේ නෑ.
    SOEs වලින් levies සහ dividends විදියට Treasury එකට ගිහිල්ලා තියෙන්නේ රු. බිලියන 56.5ක් විතරයි.
    2024ට වඩා ඒක වැඩි. ඒක හොඳයි. හැබැයි story එක එතනින් ඉවර නෑ.
    ආණ්ඩුවට රු. බිලියන 56.5ක් දීලා, ආයෙත් මේ SOEs කිහිපයක් නඩත්තු කරන්න budgetary support විදියට ආණ්ඩුවෙන් ගත්ත මුදල රු. බිලියන 103ක්.
    සරලව කියනවා නම්, රජයට බිලියන 56ක් දීලා, ආයෙත් රජයෙන් බිලියන 103ක් ඉල්ලගෙන.
    ඔයාලට මතක් වෙන්නේ බර්ටි ගුණතිලකගේ “ඌ මට ගහනවා, මට ඌ ගහනවා” කියන එකද? නැත්නම් “එක හරකෙන් අරගෙන ඉස්සර පැත්ත ඔයා බලාගන්න, පිටිපස්ස මං බලාගන්නම්” කියන එකද?
    8️⃣
    . Net result එක බලද්දී taxpayersලාට bill එක එනවා.
    ලාභය රු. බිලියන 444ක් වුණාට, loss-making institutions වල losses එකතුව රු. බිලියන 69.8ක්.
    ඊට අමතරව budgetary support එක රු. බිලියන 103ක්.
    ආණ්ඩුවට SOEs වලින් ලැබුණු levies/dividends රු. බිලියන 56.5ක් අඩු කළත්, ආණ්ඩුව අතින් තවත් රු. බිලියන 117ක් වගේ net burden එකක් taxpayersලාට වැටෙනවා.
    මතක තියාගන්න.
    රු. බිලියන 117කින් Aswesuma මාස 6ක් වගේ දෙන්න පුළුවන්. නැත්නම් දුප්පත්ම මිනිස්සුන්ට Aswesuma 50%කින් වැඩි කරලා අවුරුද්දක් දෙන්න පුළුවන්.
    ඒක තමයි SOE loss කියන එකේ real cost එක. ඒක Excel sheet එකක number එකක් නෙවෙයි. ඒක ලංකාවේ ඉන්න දුප්පත්ම පවුල් වලට නොලැබෙන cash transfer එකක්. ඒක hospital එකකට නොයන medicine එකක්. ඒක school එකකට නොයන facility එකක්.
    9️⃣
    . සමහර profits පේන්නේත් budgetary support නිසා.
    තව වැදගත් දෙයක්.
    සමහර SOEs පාඩුවට දුවන්නේත්, සමහර SOEs ලාභයි වගේ පේන්නේත්, ආණ්ඩුවෙන් budgetary support ගන්න නිසා.
    උදාහරණයක් ගන්න.
    SriLankan Airlines එකට Treasury එකෙන් රු. බිලියන 25.3ක් capital support දීලත්, රු. බිලියන 23.2ක loss එකක්.
    National Water Supply and Drainage Board එකට රු. බිලියන 45.6ක capital support එකක් තියෙනවා. ඒ අතරේ රු. බිලියන 31.6ක profit එකක් පෙන්නනවා.
    ඒ කියන්නේ taxpayersලාගේ සල්ලි අරගෙන, ආයෙත් profit එකක් පෙන්නලා, “අපි හොඳට කරලා” කියනවා.
    මෙතන ප්‍රශ්නය management එක විතරක් නෙවෙයි. Structure එකයි.
    1️⃣
    0️⃣
    . “අවංක අය දැම්මම හරි” කියන කතාවත් සම්පූර්ණ නෑ.
    ගොඩක් අය හිතුවා අවංක අය දාලා, accounts හදලා, discipline එකක් දාලා, මේවා ලාභ කරන්න පුළුවන් කියලා.
    අවංකකම වැදගත්. ඒක අවශ්‍යයි. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ.
    Lanka Sathosa, National Water Supply and Drainage Board, Lanka Sugar, Milco, Development Lotteries Board වගේ ආයතන කිහිපයක් 2024ට audited annual reports submit කරලා නැති බව report එකේම තියෙනවා.
    ඒ කියන්නේ governance ප්‍රශ්ණය තවම තියෙනවා. Transparency ප්‍රශ්ණය තවම තියෙනවා. Accountability ප්‍රශ්ණය තවම තියෙනවා.
    ⛳
    දැන් මේක කියවලා මට බනින්න එපා. මේ හැම data point එකක්ම Sri Lanka Ministry of Finance 2025 Annual Report එකේ දාපු data.
    මං නිතරම කියනවා වගේ, රජයට හැම business එකකම අවම වශයෙන් 30%ක් කොහොමත් අයිතියි. Corporate tax හරහා. VAT 18% එකත් එක්ක බලද්දී තවත් වැඩියි.
    ඒ නිසා රජය business කරන්න ඕන නැහැ.
    ⛳
    රජය කරන්න ඕන නීතියේ ආධිපත්‍යය රකින එක. හොරුන්ව හිරේ යවන එක. Easter attack වගේ දේවල් නැවත නොවෙන්න national security බලාගන්න එක. දුප්පත් මිනිස්සුන්ට targeted safety net එකක් දෙන එක. Education, health, courts, police, regulation හරි කරන එක.
    ඒවා නොකර රජය සීනි විකුණනවා. Plane පදිනවා. තේ වවනවා. මාලු අල්ලනවා. කජු විකුණනවා. ලොතරැයි විකුණනවා. කඩදාසි විකුණනවා.
    ඊට පස්සේ ජාතික ආරක්ෂාව, පාසල්, hospitals, අධිකරණ, දුප්පත්කම, police, ගැන හිතන්න වෙන්නේ කවදාද?
    🧠
    එතකොට තමයි හැමෝම සැලෙන්නේ.
    +නාත්
    Dhananath Fernando ධනා
    See less