ඔන්න ලංකාවේ අඹ වගා කරන උන්ට හොඳම කාලයක් ලබන්නයි යන්නේ...

After Japan, now Nepal has also banned Indian mangoes
New Delhi: Nepal has imposed a ban on Indian mangoes after border quarantine inspectors detected excessive levels of chemical pesticides in imported shipments. The import restrictions by Kathmandu’s Ministry of Agriculture and Livestock Development have been in place since April-May.
බහරේනයේ පැවති ‘අඹ’ (Bahrain’s vibrant Mango festivals) උලෙළේදී ශ්‍රී ලංකාවේ අඹ සඳහා ඉහළ පිළිගැනීමක් හිමිව තිබෙනවා.
පසුගිය මැයි හා ජුනි මාසවල බහරේනයේ පැවති උත්සව කිහිපයකදීම ශ්‍රී ලංකාවේ අඹ විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.
එරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසල් ජාල වන ලුලු හයිපර්මාර්කට් (Lulu Hypermarket) හා අල් ජසීරා (Al Jazira) විසින් සංවිධාන කරන ලද මෙම ප්‍රදර්ශනවලදී ශ්‍රී ලාංකේය අඹ වර්ග ප්‍රමුඛව ප්‍රදර්ශනය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම වැඩසටහන් මාලාව ආරම්භ කරමින් ලුලු හයිපර්මාර්කට් ආයතනය මඟින් ‘Mango Mania’ නමින් අඹ උලෙළක් පැවැත්වුණා.
අනතුරුව පසුගිය 4 වැනි දින අල් ජසීරා සුපිරි වෙළෙඳසලේදී පැවැත්වුණු ‘The Great Mango Football Fiesta’ උලෙළේදී ද ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල අඹ වර්ග සමඟ ශ්‍රී ලංකාවේ අඹ ද ප්‍රදර්ශනය කර තිබෙනවා.
අල් ජසීරා උලෙළේ විශේෂ අංගයක් ලෙස ශ්‍රී ලාංකේය අඹ උපයෝගී කරගනිමින් පිළියෙල කරන ලද ආහාර පාන පිළිබඳ සජීවි සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වා තිබෙනවා.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වන ලංකා තේ (Ceylon Tea) ප්‍රවර්ධනය කිරීම සඳහා ද එහි විශේෂ කුටි වෙන්කර තිබීම විශේෂත්වයක්.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මියගේ උපදෙස් අනුව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ නැවුම් අඹ සහ අනෙකුත් පලතුරු වර්ග බහරේන් වෙළෙඳපොළට හඳුන්වා දීමට එරට ප්‍රධාන සිල්ලර වෙළෙන්දන් දිරිමත් කිරීම මෙම ප්‍රදර්ශනවල මූලික අරමුණ වී තිබෙනවා.
https://www.newswire.lk/2026/06/08/sri-lankan-mango-varieties-take-centre-stage-in-bahrain/