උසාවි නියෝගයකින් භාරගත් ලේලියට අතවර කළ දහම් පාසල් ප්‍රධානාචාර්ය බාප්පා රිමාන්ඩ් !

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,606
    11,174
    113
    Baudhdha දහම් පාසලෙ ලොකු ගුරුතුමෙක් ලු.


    අධිකරණ නියෝගයක් මතසිය භාරයේ සිටි සහෝදරයාගේ බාලවයස්කාර දියණියක බරපතළ ලෙස ලි ගි ක අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි මහත්මිය නියෝග කර තිබේ. අම්පාර, උහන, වැරිං කැටගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ප්‍රදේශයේ විහාර ස්ථානයක දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරන්නකි. මීට පෙර අධිකරණය විසින් ලබා දුන් ඇප නියෝගයක් අවලංගු කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු මෙලෙස දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

    වසර කිහිපයකට පෙර අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම දැරියගේ භාරකාරීත්වය සැකකාර බාප්පා වෙත පැවරී තිබුණි. එතැන් පටන් නිවසේ වෙනත් කිසිවෙකු නොමැති අවස්ථා වලදී සැකකරු විසින් දැරියට දිගින් දිගටම ලින්ගික අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ. මෙම අපරාධය ඉවසාගත නොහැකි වූ දැරිය තම පාසල් මිතුරියන් මාර්ගයෙන් සහෝදරයා දැනුවත් කර ඇති අතර, පසුව ගම්වාසීන් විසින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට කළ දැනුම්දීමකට අනුව උහන පොලිසිය විසින් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණි.

    කෙසේ වෙතත්, උහන පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් අදාළ වරදෙහි බරපතළකම නිසි පරිදි අධ්‍යයනය නොකර අධිකරණයට 'බී ' වාර්තාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සැකකරුට මුල් අවස්ථාවේදී ඇප හිමි විය. පොලිස් පරීක්ෂණ නිසි පරිදි සිදු නොවූ බවට දැරියගේ පියා විසින් අම්පාර දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාර කස්තුරි ආරච්චි මහතා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව, සිද්ධිය පිළිබඳ නැවත පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ මහත්මිය වෙත නියෝග කෙරිණි.

    එම නව විමර්ශනයේ දී දැරිය අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ඇය බරපතළ ලෙස ලි න්ගික අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු විය. ඒ අනුව සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර ඇති අතර, මුල් පරීක්ෂණ පැහැර හැරි උහන කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර තිබේ. නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්ෂණය යටතේ, ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
     
    • Haha
    Reactions: Jihadi john

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,415
    2,520
    113
    colombo
    උහන පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් අදාළ වරදෙහි බරපතළකම නිසි පරිදි අධ්‍යයනය නොකර අධිකරණයට 'බී ' වාර්තාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන්



    අරුගේ සල්ලි අරගෙන පොලිස් බල්ලෝ කරන්නේ හැම වෙලාවෙම මෙක න්තමයි
     
    • Like
    Reactions: snyder007

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    මුල් පරීක්ෂණ පැහැර හැරි උහන කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි

    Dragged Across Concrete

    kara nam hari
     
    • Like
    Reactions: jjpala

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,388
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වසර කිහිපයකට පෙර අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව මෙම දැරියගේ භාරකාරීත්වය සැකකාර බාප්පා වෙත

    පොලිස් පරීක්ෂණ නිසි පරිදි සිදු නොවූ බවට දැරියගේ පියා විසින්
    It Doesnt Add Up Amazon Studios GIF by Amazon Prime Video