උපුල් කුමරප්පෙරුමගේ පුත් නිවින් ගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා (14)

monson

Well-known member
  • May 7, 2007
    25,391
    28,033
    113
    ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඔහු 25 වන වියෙහි පසු වූ නිවින්, කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කැනඩාවේදී උසස් අධ්‍යාපනය හැදෑරිය.

    අධ්‍යාපන කටයුතු නිමා කර මෙරටට පැමිණ සිටි මෙම බුද්ධිමත් තරුණයාගේ හදිසි සමුගැනීම පවුලේ ඥාතීන්ට මෙන්ම හිතමිතුරන්ට ද දැරිය නොහැකි ශෝකයක් වී තිබේ.

    * නිවින්ගේ දේහය මේ වන විට නුගේගොඩ, පැලවත්ත පාරේ, අංක 11 දරන නිවසේ තැන්පත් කර ඇත.

    * ආගමික වත්පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව හෙට (ඉරිදා) සවස 3.00 ට දේහය නිවසින් රැගෙන යාමට නියමිතය.

    * අවසාන කටයුතු සවස 5.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

    හදිසි මරණයට හේතුව: DVT තත්ත්වයක්


    අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව නිවින්ගේ මරණයට හේතු වී ඇත්තේ ‘Deep Vein Thrombosis’ හෙවත් DVT නමැති වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වයයි. මෙය ශරීරයේ ගැඹුරින් පිහිටි ශිරාවල (ප්‍රධාන වශයෙන් කකුල් හෝ උකුල් ප්‍රදේශයේ) ලේ කැටියක් හටගැනීම නිසා ඇතිවන සෞඛ්‍ය අවදානමකි.

    මෙම තත්ත්වය ප්‍රධාන හේතු තුනක් නිසා හටගත හැක:

    * ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වීම හෝ මන්දගාමී වීම.
    * ශිරාවලට (ලේ නහරවලට) යම් හානියක් සිදුවීම.
    * රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම.

    නිශ්ශබ්ද මාරයෙකුගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?


    DVT තත්ත්වය බොහෝ විට හඳුන්වන්නේ ‘නිශ්ශබ්ද මාරයෙකු’ ලෙසය. කකුලේ හටගන්නා ලේ කැටියක් රුධිර සංසරණය හරහා පෙනහළු කරා ගමන් කළහොත් (Pulmonary Embolism), එය ක්ෂණික මරණයකට වුවද හේතු විය හැක.

    විශේෂයෙන්ම දිගු වේලාවක් එක දිගට වාඩි වී සිටීම (උදාහරණ ලෙස දීර්ඝ ගුවන් ගමන් හෝ පරිගණකය අසල එක දිගට සිටීම) මීට ප්‍රධානතම හේතුවකි.

    තරුණ වයසේ පසුවන්නන් වුවද, දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එක දිගට වාඩි වී සිටීමෙන් වැළකී වරින් වර ඇවිදීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම මඟින් මෙම දරුණු වෛද්‍ය විද්‍යාත්මක අවදානමෙන් ආරක්ෂා විය හැක.

    - https://theleader.lk/news/42027-14-19
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,917
    113
    ප*යාගල
    sorry.com
    See you in space cowboy
    RIP

    ගෙදර සතෙක් ඉන්න්ව එක වටිනවා. මමත් දවසෙම පුටුවෙ ඉන්නෙ හැබැයි සැරින් සැරෙ නැගිටල යනවා බල්ලා මොකද්ද කරන්නෙ බලන්න.එහෙම ගිහින් විනාඩි 10ක විතර් රවුමක් දානවා අනිවා පැයකට පාරක් වගෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,468
    113
    See you in space cowboy
    RIP

    ගෙදර සතෙක් ඉන්න්ව එක වටිනවා. මමත් දවසෙම පුටුවෙ ඉන්නෙ හැබැයි සැරින් සැරෙ නැගිටල යනවා බල්ලා මොකද්ද කරන්නෙ බලන්න.එහෙම ගිහින් විනාඩි 10ක විතර් රවුමක් දානවා අනිවා පැයකට පාරක් වගෙ
    මාව නැගිටින්නේ වතුර බෝතලේ පුරවගන්න තමා
     
    • Like
    Reactions: monson