ඉදිරියේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා

mall_9n

Well-known member
  • Apr 19, 2026
    693
    1,683
    93
    🇱🇰
    | Sri Lanka ranks third among countries most severely affected by the Middle East crisis
    මැදපෙරදිග අර්බුදයේ ගෝලීය බලපෑම හේතුවෙන් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හෙවත් World Food Program විසින් නිකුත් කළ නවතම නිල දත්ත මගින් මේ බව තහවුරු කෙරෙනවා.
    මෙම දත්තයන්ට අනුව අදාළ අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙස සෝමාලියාව පළමු ස්ථානයට පත්ව ඇති අතර ඒ හරහා එරට තුළ මිලියන 2.5ක ජනතාවක් අලුතින් කුසගින්නට ගොදුරු වී තිබෙනවා. එහි දෙවන ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව ඇති අතර එම සංඛ්‍යාව මිලියන 2.3කි. ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති ශ්‍රී ලංකාව තුළ තවත් පුද්ගලයින් මිලියන 1.3ක් අලුතින් මෙම දැවැන්ත ආහාර අර්බුදයට මැදිවීමේ අවදානමක් පවතින බව අදාළ සංඛ්‍යාලේඛන ඍජුවම පෙන්වා දෙනවා.
    ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 63ක් මැදපෙරදිග කලාපයෙන් සපුරා ගැනීම මෙන්ම විදේශ ප්‍රේෂණ සහ තේ අපනයනය ද එම කලාපය මත දැඩිව රඳා පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. අදාළ ගැටුම්කාරී තත්ත්වය ඉදිරියේදී යම්තාක් දුරකට සමනය වූවත්, ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන් බිඳවැටීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මෙම අර්බුදය තවදුරටත් වර්ධනය වනු ඇති බවට WFP බලධාරීන් තරයේ අනතුරු අඟවනවා.

    1781447925171.png

    copied from SriCom
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,162
    25,542
    113
    Fantasy
    එ මුල් රටවල් දෙකෙ සම්පූරන ජනගහනය එක්ක බලද්දි පොඩි ප්‍රතිශතයක් තමයි අලුතෙන් එකතු වෙන්නේ. ලංකාව ගත්තම ප්‍රතිශතයක් වශයෙන් සැලකිය යුතු අගයක්. අපි තමයි හොඳටම කරේ තමා වෙන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,159
    11,727
    113
    35
    Spain
    මේ වෙලාවට තමයි හිතෙන්නෙ අනුර සහෝදරය ජනාදිපති උනානන් කියල........:-(
    ඔවු බන් එතුමාට දහසක් ප්ලෑන් තියෙනවා. A වැරදුනොත් අපිට ලේසියෙන්ම B ,C හෝ D වලට යන්න පුළුවන්. අවාසනාවකට එතුමා ජනාධිපති නොවුනේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,159
    11,727
    113
    35
    Spain
    වෙන්න දෙයක් නැහැ බන් දැනටම වෙලා. කරවල කිලෝ එක දෙදහා පැනලා. මාළු කිලෝ එක දාහා පැනලා ලින්නෝ දැනටම
    මාළු ගණන් ගිහින් තියෙන්නේ ඩීසල් ගණන් නිසා බන්. මෙහෙත් මාළු අල්ලන මිනිස්සු ඉන්න පැත්තක් වෙලත් මාළු ගිනි ගණන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,555
    18,205
    113
    මාළු ගණන් ගිහින් තියෙන්නේ ඩීසල් ගණන් නිසා බන්. මෙහෙත් මාළු අල්ලන මිනිස්සු ඉන්න පැත්තක් වෙලත් මාළු ගිනි ගණන්
    මෙහෙත්.. මීගමුවෙ.. දානෙකට තෝරෙක් හොයගන්න මම දවස් දෙකක් ඔට්ටු උනා.
     
    • Like
    Reactions: Inigo Montoya