හාමුදුරුවෝ බාල වයස්කාර දැරියක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,815
    7,724
    113




    මානසික පීඩාවකින් පසු වූ බාල වයස්කාර දැරියකට වෛද්‍ය ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ කොළඹට නුදුරු ආශ්‍රමයක වාසය කළ භික්ෂුවකට කොළඹ මහාධිකරණය පසුගියදා වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කරන ලදී.

    මෙලෙස දඬුවම් නියම වූයේ මීට වසර පහකට පෙර, මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි දැරියකට ‘තෙල් සාත්තුවක්’ කරන බව පවසා ඇය අපයෝජනයට ලක් කළ භික්ෂුවකටය.

    සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා, එම වන්දි මුදල නොගෙවන්නේ නම් නොගෙවන සෑම ලක්ෂයකටම වසරක බැගින් තවත් වසර 5ක අතිරේක සිරදඬුවමක් ද විත්තිකරුට නියම කළේය.

    විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණේ 1995 අංක 22 දරන පනතින් සහ 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව යටතේය. නඩු විභාගයේදී විත්තිකරු ශරීරයේ තෙල් ගැල්වීම වෛද්‍ය ප්‍රතිකාරයේ අංගයක් බව කියා සිටියද, ලිංගික තෘප්තිය ලබා ගැනීමට දැරියගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම හා පිරිමැදීම හරහා මේ අපරාධය කර ඇති බව අධිකරණය හමුවේ තහවුරු විය.

    අදාළ දැරිය මුලින් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, එහි ප්‍රතිකාර ප්‍රමාද බව සිතූ ඇයගේ මිත්තණිය ඉක්මන් සහනයක් පතා දැරිය මේ ආශ්‍රමය වෙත යොමු කර ඇත. එහිදී මුල් අවස්ථාවේදී තිත්ත බෙහෙත් පානය කිරීමට දී වමනය කිරීමට සලස්වා ඇත. අනතුරුව ඇඳුම් යටින් අත දමා තෙල් ගෑමකර සුරයක් පලඳවා තිබේ.

    මේ ප්‍රතිකාරවලින් පසු දැරියගේ තත්ත්වය යහපත් වී තිබේ. පසුව එම සුරය නැතිවීම නිසා නැවත රෝගී තත්ත්වය මතු වූ අවස්ථාවේදී දැරිය සහ ඇයගේ සොහොයුරා කැටුව මිත්තණිය නැවතත් භික්ෂුව වෙත ගොස් ඇත.

    ඒ අවස්ථාවේදී පිරිත් සජ්ඣායනා කර ආශීර්වාද කළ භික්ෂුව, මිත්තණියට පැදුර අකුලන ලෙස පවසා දැරිය පමණක් බලහත්කාරයෙන් ආවාස ගෙට රැගෙන ගොස් තිබේ. එහිදී දැරිය සමඟ පැමිණි සොහොයුරා ද තල්ලු කර දොර වසා මේ අපරාධය කර ඇත. සිදු වූ අතවරය පිළිබඳ දැරිය මුලින් බියෙන් නිහඬව සිටියද, පසුව මව සමඟ පවසා ඇති අතර දැරියගේ පියා මේ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.

    නඩු විභාගයේදී ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් දැරිය බලවත් ලෙස අපයෝජනයට ලක්ව ඇති බව සනාථ විය. දඬුවම ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ, අඩු ආදායම්ලාභීන් ජීවත්වන ප්‍රදේශයක ආශ්‍රමයක් පවත්වාගෙන යමින්, සහනයක් පතා තමා වෙත පැමිණෙන පිරිස් මෙලෙස අපයෝජනය කිරීම ආගමික නායකයකුගෙන් සමාජය කිසිසේත් අපේක්ෂා නොකරන නින්දිත අපරාධයක් බවයි. මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කිරීම හරහා සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දිය යුතු බව ද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,666
    7,258
    113


    • සිදුවීම: ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ (Tufts University) බෞද්ධ ධර්මාචාර්ය (Buddhist Chaplain) ලෙස කටයුතු කළ 32 හැවිරිදි මහරෑනේ විනීත හිමියන්, මුදලට ලිංගික සේවා ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනාව මත බොස්ටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    • මෙහෙයුම: FIFA ලෝක කුසලාන තරඟාවලියට සමගාමීව මිනිස් ජාවාරම සහ වාණිජ ලිංගික කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා බොස්ටන් පොලිසිය ක්‍රියාත්මක කළ "ඔපරේෂන් රෙඩ් කාඩ්" (Operation Red Card) නැමති රහසිගත මෙහෙයුමකදී තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ උන්වහන්සේව අත්අඩංගුවට පත්ව තිබේ.
    • චෝදනාව සහ අධිකරණ ක්‍රියාමාර්ග: උන්වහන්සේ උභයලිංගික/ලිංගික සේවා සපයන බව පවසමින් පොලිස් උපායදූතයන් පළ කළ දැන්වීමකට ප්‍රතිචාර දක්වමින්, ඇමරිකානු ඩොලර් 125 ත් 400 ත් අතර මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, අධිකරණය හමුවේ උන්වහන්සේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර මීළඟ නඩු වාරය සැප්තැම්බර් 2 වැනිදාට නියමිතය.
    • විශ්වවිද්‍යාලයේ පියවර: මෙම සිදුවීමෙන් පසු උන්වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර, වෙබ් අඩවියෙන්ද නම ඉවත් කර ඇත. නව බෞද්ධ ධර්මාචාර්යවරයෙකු සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
    ------ Post added on Jun 18, 2026 at 9:05 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,324
    113
    සේදවත්ත
    පංසල් වේලෙන්න ගන්නවා ඔන්න
    පංසල් ඉඩම් මිලට ගන්න පුලුවන් තැනක් එනකොට ටග් ගාල ගන්න ඕනේ . ඉස්සරට පංසල් වලට ආර්ථික සහයත් නෑ දානෙත් නෑ
     
    • Like
    Reactions: thomian