පාස්කු නඩුවේ චූදිත ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝගයක්...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    පාස්කු නඩුවේ චූදිත ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝගයක්...



    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවන සැකකරු වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ දෙමටගොඩ නිවසේ තිබී අත්අඩංගුවට ගත් රන් ආභරණ සහ මැණික් ඇතුළු දේපළ, ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් වෙත සතියක් ඇතුළත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය. රජයේ විමර්ශන අංශ අධිකරණ නියෝග පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී විනිසුරුවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළේය.
    මෙම දේපළ මුදාහැරීමට අදාළ මූලික නියෝගය මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් අනතුරුවය.

    මීට පෙර සිටි විනිසුරුවරියක ද මේ පිළිබඳ වාර්තාවක් කැඳවා තිබුණද, විමර්ශන අංශ එම නියෝග ද නොසලකා හැර කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

    ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ නිවසේ පිපිරීමෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් යන අයගේ සොහොයුරා වන ඉෆ්ලාල් අහමඩ්, නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම දේපළවල අයිතිය තමන් සතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

    අදාළ රන් භාණ්ඩ දැනට මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බැවින්, ඒවා මුදාහැරීමට තවත් සහන කාලයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියද, මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, අද සිට දින හතක් ඇතුළත එම දේපළ අදාළ පාර්ශවය වෙත භාරදිය යුතු බවට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2019-vs-2025-first-press-conference-after-easter-attacks-vs-v0-9vm2mtrtxxkf1.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    රන් මුදු මාල ප්‍රහාරයට සම්බන්ද නෑනේ ඒවා පවුලේ කෙනෙක්ට හරි ගන්න දෙන එක හොදයි .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,382
    12,254
    113
    35
    Spain
    පාස්කු නඩුවේ චූදිත කියන්න එපා, ඒ මහත්තයා නිදහස්. කියන්න හාජ්ජියාර් ඉබ්‍රාහීම් මැතිතුමා කියල.