උබලා දන්න අඩු වයසින් නැති උන අයගේ විස්තර දාපන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,439
    4,443
    113
    ඔයා දන්න ආසන්න ගානඋදාහරණλදෙන්නෙක් හෝ වැඩි දෙනෙක් හමුවීමේ සම්භාවිතාව
    500ලඟම පවුල + යාළුවෝ0.0050.00125% (80,000 න් 1ක්)
    1,000පාසල, වැඩපොළ, ගම0.010.005% (20,000 න් 1ක්)
    2,000ලොකු network එකක්0.020.02% (5,000 න් 1ක්)
    5,000ජීවිත කාලෙම හමුවුණු හැමෝම0.050.12% (830 න් 1ක්)

    ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්ට (දන්න 1,000–2,000 අතර) මේ වගේ අහඹු සිදුවීමක් වෙන්න chance එක 0.005% – 0.02% වගේ.



    :yes:
    ------ Post added on Jun 23, 2026 at 12:06 AM
    පලවෙනි සිද්ධිය වුනේ 2004 වගේ. දෙවෙනි සිද්ධිය වුනේ දැනට අවුරුදු 2 කට වගේ කලින්. ඔය ගැනනම් මටත් සැකයක් තිබ්බා මේ ලක්ෂ ගානකට එකක් හැදෙන රෝගයක් මන් දන්න දෙන්නෙකුටම හැදුනේ කොහොමද කියන එක. අනික ඒ දෙන්නම එකම ගමේ. 5 වසර වෙනකල් එකම ඉස්කෝලේ

    E lede mokadda ayye
    මම මළ ගෙදර ගිය වෙලාවේ එයාගේ අම්මා ඒ ලෙඩේ නම කිව්වා. මට හරියටම නම මතක නෑ. මුලින් හිතලා තියෙන්නේ ලේ පිළිකාවක් කියලා. ඒත් පස්සේ පස්සේ ඇඟේ හම ගැලවිලා කෙස් හිටන් යන්න පටන් අරන් තියෙනවා. තුවාල වෙලා සැරව ඇවිත් තියෙනවා. මම ඉන්ටර්නෙට් එකෙත් ඔය ලෙඩේ හෙව්වා. ඔය වගේම ලෙඩක් තියෙනවා අලුත ඉපදුනු බබාලට හැදෙන ඒකනම් හොයාග්ත්තා ඒත් වැඩිහිටියන්ට ඒක හැදෙන්නේ නෑලු. මේක වෙන එකක්. පිළිකාවකට වඩා දුක් විඳින්න වෙන ලෙඩක්
    ------ Post added on Jun 23, 2026 at 12:22 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    පලවෙනි සිද්ධිය වුනේ 2004 වගේ. දෙවෙනි සිද්ධිය වුනේ දැනට අවුරුදු 2 කට වගේ කලින්. ඔය ගැනනම් මටත් සැකයක් තිබ්බා මේ ලක්ෂ ගානකට එකක් හැදෙන රෝගයක් මන් දන්න දෙන්නෙකුටම හැදුනේ කොහොමද කියන එක. අනික ඒ දෙන්නම එකම ගමේ. 5 වසර වෙනකල් එකම ඉස්කෝලේ


    මම මළ ගෙදර ගිය වෙලාවේ එයාගේ අම්මා ඒ ලෙඩේ නම කිව්වා. මට හරියටම නම මතක නෑ. මුලින් හිතලා තියෙන්නේ ලේ පිළිකාවක් කියලා. ඒත් පස්සේ පස්සේ ඇඟේ හම ගැලවිලා කෙස් හිටන් යන්න පටන් අරන් තියෙනවා. තුවාල වෙලා සැරව ඇවිත් තියෙනවා. මම ඉන්ටර්නෙට් එකෙත් ඔය ලෙඩේ හෙව්වා. ඔය වගේම ලෙඩක් තියෙනවා අලුත ඉපදුනු බබාලට හැදෙන ඒකනම් හොයාග්ත්තා ඒත් වැඩිහිටියන්ට ඒක හැදෙන්නේ නෑලු. මේක වෙන එකක්. පිළිකාවකට වඩා දුක් විඳින්න වෙන ලෙඩක්
    ------ Post added on Jun 23, 2026 at 12:22 AM

    Radiation poisoning?

    Inbred unta hadenawa neda ohoma Mokakda ekak?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,683
    15,024
    113
    Milagiriya
    පවුලේ මල්ලී කෙනෙක් නැති උනා අවුරුදු 17 ක විතර, ලියුකේමියා කියලා කිව්වේ. මාස දෙකක් විතර හොඳටම අමාරු වෙලා හිටියා....

    පොඩි කාලේ ස්කූල් වෑන් එකේ ගියපු කෙල්ලෙක් නැති උනා Suicide කරගෙන, දැන් ටිකක්කල් අවුරුදු 26 ක්‌ විතර නැති වෙද්දි...

    යාලුවෙක් නැති උනා Heart attack එකක් ඇවිල්ලා අවුරුදු 31 යි. මෙයාගෙ වයිෆුත් නැති උනා මේ අවුරුද්දේ මුහුදේ නාන්න ගිහින්..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,443
    113
    Radiation poisoning?

    Inbred unta hadenawa neda ohoma Mokakda ekak?

    හැබැයි Radiation නිසා DNA mutation එකක් වෙන්නත් පුලුවන් නේද උඹ කිව්වා වගේ. එක්කෙනෙක්නම් ඩොක්ටර් කෙනෙක්. එයාට එහෙම දෙයක් වෙන්න ඉඩක් තියෙනවා. ඒත් ඊටත් වඩා radiation වලට නිරාවරණය වෙන අය ඕනේ තරම් ඉන්නේ.

    අනිත් එක්කෙනාටනම් එහෙම වෙන්න විදිහක් නෑ 10 වසරේ වගේ ඒ වෙද්දි

    ඔව් Inbred අයටත් මොකක්ද එහෙම එකක් තියෙනවා. මේක එහෙම සීන් එකක් වෙන්න ඉඩ තියෙනව. හැබැයි අම්මල සීයලා වෙන්න විදිහක් නෑ ඊට කලින් වෙච්ච දෙයක් වෙන්න පුලුවන්.පරම්පර දෙක තුනක් යටපත් වෙලා තිබිලා ආපහු ඉස්මතු වෙලා වගේ
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,028
    2,336
    113
    22
    යාලුවෙක් නැති උනා Heart attack එකක් ඇවිල්ලා අවුරුදු 31 යි. මෙයාගෙ වයිෆුත් නැති උනා මේ අවුරුද්දේ මුහුදේ නාන්න ගිහින්..
    ළමයි හිටියද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,387
    164,627
    113
    එකමත් එක රටක
    ඉස්සර ගිය ඉස්කෝලේ පොඩිකාලේ මගෙන් හැමදාම ගුටි කන එකෙක් හිටිය ප්‍රසංග කියල . දන්නා තරමින් දුප්පත් එකෙක් ගොඩක් . . ඌ හෙනම දගයි , ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නෑ ... කොහේ හරි අහිංසකයෙක් අල්ලන් තඩිබාන එක තමයි උගේ වැඩේ . ඒ ගුටිකන එකා මගේ යාලුවෙක් උනාම මම ගිහින් ඉතින් මුව ඇදල දාලා අතක් ටිකක් අබරලා එනව . මූ ඉතින් බොරුවටත් එක්ක අඩනව ටීචර් කෙනෙක් ඇවිත් නඩු අහනක්න්ම . ඊට පස්සේ ගෙදර ගිහින් කියලා උන්ගේ අම්ම එනව ඊලග දවසේ මාව හොයාගෙන . උන්ගේ අමමා ත් ඌ ගැන දන්නවා..

    AL වගේ කාලෙක ආරංචි උනා මූ මැරිලා කියලා .. ඌ ට මොකක් හරි බඩේ ලෙඩක් ඇවිත් අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉදල ..
    පස්සේ මූ ගෙදර ඇවිත් බෙහෙත් බිබී ඉද්දි මොකෙක් හරි එකෙක් මුට කියලා ඕක හොද කරන්න බෑ හැදුනම ගොඩක් දුක් විදින්න වෙනවා වගේ කතාවක් ......
    මේ යකා ඒ කියපු දේ විශ්වාස කරල එල්ලිලා මැරිලා . :baffled: .. මට කිව්වා එකා කිව්වේ ඒක එහෙම ලෙඩක් නෙවෙයි කියලා .


    තව එකෙක් හිටිය ඒ ඉස්කෝලෙම OL කාලේ අපිත් එක්ක සෙල්ලම් කරන්නත් සෙට් වෙච්ච . AL ක්ලාස් යද්දිත් බස් එකේ අපි එක්ක ගියේ . ටිකක් උස මහතා හැබැයි තරහ යන්නේ නැති ජොලියේ හිටපු එකෙක් . ලොකුව වැඩ නම් කරේ නැ . ඌ සෑහෙන කලින් බැන්දා . අවු 22ක් වගේ වෙද්දී . පස්සේ මූ වැඩ කරල තිබ්බේ මේ පැත්තේ ප්‍රාදේශීය සබාවේ නැත්නම් නගර සභාවේ සභාපතියා ලග bodyguard කෙනෙක් විදියට . ඌ ත් මැරිලා තිබ්බ දැන් අවුරුදු ගානකට කලින් හාර්ට් කේස් එකක් ඇවිත් . මන්ත්‍රීය ලග වැඩ කරන කාලේ ඌ සෑහෙන බොනවලු .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,683
    15,024
    113
    Milagiriya
    ළමයි හිටියද?
    හම්බෙන්න ඉඳලා නැති උනා කියලා පස්‌සේ ආරංචි වුණා, එයාලගේ වෙඩින් එකේ ගිහින් ගහපු පොටෝ දැන් දකිද්දී මාර දුකයි 🙁
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    2017 දි කසින් සහෝදරයෙක් නැති උනා. මට සහෝදර සහෝදරියො නැති නිසා ඌ තමයි මගේ ලොකුම ෆිට් ෆිට් එක. ජිවිතේ ගොඩක් ගත්ත ඩිසිශන් වලට සෑහෙන සපෝර්ට් එකක් දුන්නා. මල්ලිට වයස 22යි. ගම්පහ ඇනිකට් එකේ යාලුවො සෙට් එකක් එක්ක නාන්න ගිහින් නැති උනේ. එක්කෙනෙක්ව ගහන් යද්දි මෙයා පැනලා බේරගන්න. දෙන්නම ගියා අන්තිමට. මල්ලිගෙ ගම දකුනු පලාතෙ කොස්ගොඩ. Music වලින් ෆේමස් පොරක් ඒ පැත්තෙ. දන්න අය දන්නවා ඇති
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,240
    10,619
    113
    🌎
    සනත් නිසාන්ත වාහනේ වේගෙන් යද්දී කන්ටේනරේක වැදිලා thari ගැහිලා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,767
    2,616
    113
    Kadawatha, Sri Lanka
    මාත් එක්ක පොඩි කාලේ ගෙවල් ලඟ සෙල්ලම් කරපු දෙන්නෙක් හිටියා. දෙන්නම මට වඩා වැඩිමල්. වයස වැඩිම එක්කෙනා කොහොමත් wheel chair හිටියේ. කකුල් වැඩ කරන්නේ නැ. මම අහල තිබුනේ 5 වසර වගේ වෙනකන් ඉස්කොලේ හොඳට ගිහින්, ඊට පස්සෙ නිකන්ම case එක ඇවිල්ල කියලා. 20 years වගේ වෙද්දී මැරෙනවා ලු. එයා 19+ years වෙද්දී මැරුණා.
    දෙන්නගෙන් අනිත් එක්කෙනා , මට වඩා අවුරුද්දක් වයස වැඩි. 11 වසරේදී Gold cyanide ද කොහෙද බීලා මැරුණා. ඒ කාලේ වෙද්දී වැඩිය සෙට් වුණේ නැ. ඒ හින්දා හරියටම හේතුවක් දන්නේ නැ. ප්‍රශ්න කීපයක් හින්දා කර ගත්තා කියලා තමයි ආරංචි. එයාට අය්යා කෙනෙක් සහ මල්ලී කෙනෙක් හිටියා. අවූරුදු දෙක තුනකින් අය්යා ගියපු bus එක (CTB ලු) accident වෙලා, අය්යත් නැති වුණා.
    අපේ ඉස්කොලේ අපේ batch එකේ Head Prefect හිටපු එකා, Aussie වල degree (Scholarship) කර කර ඉන්න ගමන් ලංකාවට ඇවිල්ලා, bike එකේ යන ගමන් මොකක් හරි ලොකු වාහනයක් overtake කරන්න ගිහින් accident වෙලා නැති වුණා.
    ඊට කලින් famous case එක තමයි අපේ ඉස්කොලේ Baseball team එක LTTE bomb එකට අහු වෙච්ච එක. ඒ team එකේ මගේ වයසේ එකකුත් හිටියා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,321
    6,757
    113
    හෙල බිමේ
    2017 දි කසින් සහෝදරයෙක් නැති උනා. මට සහෝදර සහෝදරියො නැති නිසා ඌ තමයි මගේ ලොකුම ෆිට් ෆිට් එක. ජිවිතේ ගොඩක් ගත්ත ඩිසිශන් වලට සෑහෙන සපෝර්ට් එකක් දුන්නා. මල්ලිට වයස 22යි. ගම්පහ ඇනිකට් එකේ යාලුවො සෙට් එකක් එක්ක නාන්න ගිහින් නැති උනේ. එක්කෙනෙක්ව ගහන් යද්දි මෙයා පැනලා බේරගන්න. දෙන්නම ගියා අන්තිමට. මල්ලිගෙ ගම දකුනු පලාතෙ කොස්ගොඩ. Music වලින් ෆේමස් පොරක් ඒ පැත්තෙ. දන්න අය දන්නවා ඇති
    කව්ද බං මේ...?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,600
    1,743
    113
    Birmingham
    https://www.facebook.com/profile.php?id=100008429025338

    මේ කොල්ලා මේකෙත් හිටියද මන්දා.. අන්තිමට දාපු වීඩියෝ එකත් ඇති ඔකේ.
    හිටියා නම් හොද තැනක. මොලේ මොකක් හරි කෙස් එකක් මතක විදිහට. ඔපරේෂන් එකකින් පස්සේ නැති උනේ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,445
    10,119
    113
    35
    Spain
    මගේ කසින් කෙනෙක්ගේ කසින් අවුරුදු 7න් වගේ නැති වුන ඒ අම දන්නා කාලේ ඒවා. මම ඉපදෙන්න කලින් වුන දේවල් නම්, බාප්පා ගේ නිවුන් සහෝදරිය නැති වුන, අම්මාට කලින් සහෝදර සහෝදරියෝ ඉඳල තියෙනවා නමුත් ඒ ඔක්කොම පොඩි කාලෙම නැති වුනා කිව්වා.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,571
    696
    113
    38
    සුවසිලන්තය
    අපේ ගෙවල් ලග පුතෙක් නැති උනා ගෙදර සරුංගල් ඇර ඇර පාරේ දුව දුව ඉද්දි ගලක් පැටලිලා බොරොලු පාරේ වැටිලා .. මට හේතුවනම් මතක නැ මන් හිතන්නේ ඔලුව වැදිලා තම නථිඋනෙ දැන් හිටියනම් වයස 19ක් වගේ ඇති


    මගේ තව යාලුවෙක් නැතිඋනා අපේ ස්කොලේ එක පතියේ හිට්යේ .. පොර කාලයක් කටාර් ද ඩුබායි ද කොහෙද හිට්යේ ..පොරගේ මොඅක්ක් හරි ඔපෙරේෂන් එකක් කරන්න ලංකවට වකේෂන් ආව ගමන් ඒ වැඩේටත් සෙට් උන... කරුමේ කියන්නේ ඔපෙරේෂන් එක කලට පස්සෙද කරන කොටද මන්ද විෂබීජයක් ගිහිල්ල නැතිඋනා .. පව් ඌ අලුතින් ගෙයකුත් හදුව එකටවත් යන්න හම්බ උනේ නෑ ...
     
    Last edited: