අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,957
    113
    උන් පඩිපේලිය වගේ ළමයි හදන්නේ වෙන රටවල් වලට යවන්න.. ඒක උන්ගේ government ඵකත් දැනුවත්ව කරන වැඩක්..
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    වෛද්‍ය වෘත්තියට පෙර අනිවාර්ය NEET විභාගෙ අමාරු වුණැයි වෛද්‍ය සිසුවෙකු ළිඳට පැන මැරිලා

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හින්ගෝලි හි පදිංචි 18 හැවිරිදි සුෂිල් ධගේ නමැති වෛද්‍ය විද්‍යාල අපේක්ෂකයෙකු බදාදා දින ළිඳකට පැන සියදිවි නසාගෙන තිබේ. මෙම ශෝචනීය සිදුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය ජුනි 21 වන දින පැවති NEET (UG) නැවත විභාගය ඉතා අපහසු එකක් බවට ඔහුට හැඟී යාමයි.

    එම විභාගය සම්බන්ධයෙන් ඔහු තුළ වූ දැඩි කනස්සල්ල ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ ද සඳහන් කර ඇත.

    සිය ජීවිතය හානිකර ගැනීමට පෙර මෙම සිසුවා සිය ජංගම දුරකථනයෙන් තත්පර 33 ක සංවේදී වීඩියෝවක් පටිගත කර ඇති අතර, එහිදී ඔහු දෑත් එක්කොට හඬා වැටෙමින් සිය මවගෙන් සමාව අයදිනු දක්නට ලැබේ. තමා දැඩි වේදනාවකින් පසුවන බවත්, තමාට කිසිවක් තේරුම් ගත නොහැකි බවත් පවසන ඔහු, මීළඟ භවයේදීත් ඇයගේම කුසින් උපදින බවත් මෙවැනි වේදනාවක් යළිත් ඇයට ලබා නොදෙන බවත් ප්‍රකාශ කර ඇත. තමාට සමාව දෙන ලෙසත් සිය සහෝදරයා වන සුමේධ් සමඟ එක්ව ඇයගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ලෙසත් ඔහු වැඩිදුරටත් මවගෙන් ඉල්ලා තිබේ.


    ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) විසින් වෛද්‍ය ප්‍රවේශය සඳහා පවත්වනු ලබන මෙම දැඩි තරගකාරී NEET විභාගය මුලින්ම මැයි 3 වන දින පැවති නමුත්, ප්‍රශ්න පත්‍රය කල්තියා පිටවීමේ චෝදනාව මත එය මැයි 12 වන දින අවලංගු කෙරිණි. එම ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ CBI පරීක්ෂණවලින් පසු ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පූනේ හි රසායන විද්‍යා කථිකාචාර්යවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. මෙවර ඉන්දියාව පුරා වෛද්‍ය විද්‍යාල ආසන 100,000 ක් පමණ සඳහා සිසුන් මිලියන 2.3 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බැවින් මෙය සිසුන් දැඩි පීඩනයකට ලක් කරන විභාගයක් බවට පත්ව ඇත.


    පළමු විභාගය අවලංගු කළ දින සිට නැවත විභාගය පැවති ජුනි 21 දක්වා වූ දින 37 ක කාලය තුළ පමණක් ඉන්දියාව පුරා NEET අපේක්ෂකයින් 12 දෙනෙකු පමණ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. එසේම 2021 සිට 2026 දක්වා කාලය තුළ මෙම විභාගයට සම්බන්ධ සියදිවි නසාගැනීම් 93 ක් සිදුවී ඇති අතර, ඉන් වැඩිම වාර්ෂික සංඛ්‍යාව වන මරණ 32 ක් 2025 වසරේදී වාර්තා වී තිබේ. විභාගය අවලංගු වීම සහ දෙවන වරටත් මෙවැනි තීරණාත්මක විභාගයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් ඇති වූ දැඩි මානසික පීඩනය සහ අවිනිශ්චිතභාවය මෙම මරණවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පරීක්ෂකයින් පෙන්වා දෙන අතර, මේ හේතුවෙන් තරගකාරී විභාග සඳහා සූදානම් වන සිසුන්ට මනා මානසික සෞඛ්‍ය සහායක් සහ උපදේශනයක් ලබා දීමේ අවශ්‍යතාවය යළිත් වරක් සමාජය තුළ මතු වී ඇත.

    https://www.gossiplankanews.com/202...t-exam-before-the-medical-profession.html?m=1
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,142
    113
    Kaer Morhen
    thewitcher.com
    පරක්කු වෙලා ආව කියන්නේ කොහොමත් ඉවරයි ඕකේ, addmission එක punch කරන්න බැ සිස්ටම් එකට කාලේ පැන්නට පස්සේ ඒකයි. සික්කට මොකුත් කියලා තේරුමක් නැ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    පවු වැඩේ. ටෙක්නිකල් කෙස් එකක් හැබැයි.

    "ගේට්ටුවෙන් ඇතුළත් වෙන්න පුළුවන් වුණත් හඳුනාගැනීම සහතික කරන යන්ත්‍රය නියමිත වේලාවෙන් පසු අක්‍රීය වන නිසා විභාගය ලිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ"
    මොන පවුද බං. ඔය කේස් එක වයිරල් වුනාට පස්සේ මුන් චෝදනා කරලා තිබ්බා කොහෙද කොන්ග්‍රස් එකක් නිසා ට්‍රැෆික් එකට අහුවෙලා එන්න බැරි වුනේ කියලා. ඊට පස්සේ පරික්ෂන පවත්වලා තිබ්බා. CCTV චෙක් කරලා රිපොර්ට් එකක් දිලා තිබ්බා පොලිසියෙන්. මෙතන කෙල්ලෙක් ගෙදරින් ඇවිත් තියෙන්නේ විභාගෙට පැය භාගෙකට කලින්. ඒ ඇවිත් තියෙන්නෙත් වටේ පාරකින්. එහෙම නැතිව කලින් ඇවිත් ට්‍රැෆික් වලට අහුවෙලා නෙමෙයි. මුන්ගේම නොසැලකිල්ල නිසා තමයි ඕක වෙලා තියෙන්නේ. මේ වගේ විශේෂම එක්සෑම් එකක් තියෙද්දි කවුරුත් බං කලින් යනවානේ. අනික ඔය පේපර් බෙදුවට පස්සේ පේපර් එකේ ෆොටො ගහලා එලියට යවලා එලියෙන් ඒවාට උත්තර බලාගෙන පරක්කුවෙලා ඇතුලට ඇවිත් ලියන සීන් එක නවත්තන්න තමයිලු ඔය ටයිමින් දාලා ගේට් එක ලොක් කරන්නේ. අඬලා කරලා අනුකම්පාව ගන්න හැදුවට මුන්ගෙම වැරද්දෙන් ඕක ලියන්න බැරි වුනේ.

    හුගක් exam වල පටන් අරන් විනාඩි 30 වෙනකම් එන්න දෙනවා. ඒකනේ පැය භාගයක් යනකම් කාටවත් එලියට යන්න දෙන්නෙ නැත්තෙ.
    මේකේ එහෙම කරන්නේ නෑලු මචං. පේපර් බෙදුවට පස්සේ පේපර් එකේ ෆොටො ගහලා එලියට යවලා එලියෙන් ඒවාට උත්තර බලාගෙන පරක්කුවෙලා ඇතුලට ඇවිත් ලියන සීන් එකක් කලින් වෙලා තියෙනවා. ඒක නවත්තන්න තමයිලු ඔය ටයිමින් දාලා ගේට් එක ලොක් කරන්නේ.
    ------ Post added on Jun 27, 2026 at 11:11 AM
     
    • Like
    Reactions: Bad_horse