
භාණ්ඩාගාරය පිරුණට... සාක්කුව හිස් නම්, ඒක දේශපාලන අනතුරක්.
ආණ්ඩුව තමන්ගේ සාර්ථකත්වය මනින්නේ භාණ්ඩාගාරයේ ආදායමෙන් විතරක් නම්, ජනතාවගේ ජීවිත යථාර්ථය ඒ මිනුම් දණ්ඩෙන් ඉවත් වෙනවා.
හැමදාම වගේ ආණ්ඩුව අහන ප්‍රශ්නය වෙන්නේ…
"බදු ආදායම කීයද?"
ඒක එහෙම උනාට ජනතාව අහන්නේ…
"අද ගෙදර කෑමට සල්ලි තියෙනවද?"
මේ ප්‍රශ්න දෙක එකිනෙකට ඈත් වෙන තරමටම වෙන්නේ රටේ දේශපාලනය සහ ජනතාව අතර පරතරය වැඩි වෙන එක..

ජීවන වියදම ගැන දුක කියන ජනතාවට, උත්තර හම්බවෙන්නේ සංඛ්‍යා ලේඛන වලින්…

බදු බර ගැන තමන්ගේ දුක කියන ව්‍යාපාරිකයාට උත්තර හම්බවෙන්නේ භාණ්ඩාගාර වාර්තා වලින්..

රැකියා නැතුව ලතවෙන තාරුණ්‍යයට, GDP ප්‍රතිශත වලින් උත්තර හම්බවෙනවා…
කාගේ කොයි විදියේ ආණ්ඩුවක් තිබ්බත් ඒ තත්වය ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි.
රටේ ආර්ථිකය කියන්නේ භාණ්ඩාගාරයේ ගිණුම්පොත විතරක් නෙවෙයි. ජනතාවගේ ජීවිතයත් ආර්ථිකයේ ප්‍රධානම කොටසක්..
ඒ නිසා ආණ්ඩුවක් සාර්ව ආර්ථිකය ගැන සතුටු වෙන අතරේ කුටුම්බ ආර්ථිකය පිරිහෙනවා නම් ඒක හුදෙක් සංඛ්‍යා ලේඛනවල ප්‍රශ්නයක් විතරක්ම වෙලා නතර වෙන්නේ නෑ..

️ ඒක භයානක දේශපාලන අනතුරක්.
මොනවා උනත් අන්තිමට ජනතාව තමන්ගේ ඡන්දය දෙන්නේ භාණ්ඩාගාරයට නෙවේ…
තමන්ගේ ජීවිතයට..කුටුම්බයට..
නදීශ ද සිල්වා
2026.06.27