වියළි කලාපය මැද ජීවත් වන පුරාණ වැසි වනාන්තරය - රිටිගල

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    වියළි කලාපය මැද ජීවත් වන පුරාණ වැසි වනාන්තරය - රිටිගල

    අනුරාධපුරයේ සිට උතුරු දෙසට ගමන් කරන විට, වියළි කලාපයේ තැනිතලා අතරින් හදිසියේම අහස දෙසට නැගී යන අමුතු කන්දක් දකින්න ලැබෙනවා. ඒ තමයි රිටිගල. අද බොහෝ දෙනෙක් රිටිගල ගැන දන්නේ පුරාණ ආරණ්‍ය සේනාසනයක්, ජනප්‍රවාදවලින් පිරුණු අද්භූත කන්දක් හෝ දුර්ලභ ශාක සතුන් ජීවත් වන රක්ෂිතයක් විදියටයි. නමුත් විද්‍යාත්මක ඇස්වලින් බැලුවොත් රිටිගල කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්. ඒක හරියට ශ්‍රී ලංකාවේ අතීත දේශගුණික ඉතිහාසයේ ජීවමාන මතකයක් වගේ තැනක්.

    අද රිටිගල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හදවතේයි. ඒ අවට භූමියට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වර්ෂාපතනයක්. නමුත් කන්දේ මුදුනට ළඟා වන විට දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක්. මීදුමෙන් වැසුණු තෙත් වනාන්තර පද්ධතියක්,, පාසිවලින් ආවරණය වූ ගස්, ඉහළ තෙතමනය සහ වියළි කලාපයට නොගැළපෙන ශාක විශේෂ එහි දකින්න ලැබෙනවා. UNESCO නාමයෝජනා ලේඛනය ‍සඳහන් කරන්නේ රිටිගල ඉහළ ප්‍රදේශවල තෙත් කලාපීය සම්භවයකැති ශාක විශේෂවල "relict populations" හෙවත් අතීතයේ ඉතිරි වුන අවශේෂ ගහන පවතින බවයි.

    විද්‍යාඥයන් මේ වගේ ස්ථාන හඳුන්වන්නේ "Sky Islands" එහෙමත් නැත්නම් "අහස් දූපත්" ලෙසයි. කන්දක් වටා ඇති පහත් බිම්වලට වඩා මුදුනේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුනාම, ඒක හරියටම සාගරයක් මැද ඇති දූපතක් වගේ ක්‍රියා කරනවා. රිටිගලත් ඒ වගේ දූපතක්. අවට වියළි කලාපීය වනාන්තර අතරින් වෙන්වෙල, තමන්ගේම කුඩා දේශගුණයක් සහ ජීව විද්‍යාත්මක ලෝකයක් එහි නිර්මාණය වෙලා තියෙනවා.

    භූ විද්‍යාඥයන් රිටිගල හඳුන්වන්නේ Inselberg (දූපත් කඳු) හෝ Monadnock (ශේෂ කඳු) විදියටයි. ඒ කියන්නෙ වසර මිලියන ගණනක ඛාදනයට ඔරොත්තු දෙමින් ඉතිරි වූ තද පැරණි පාෂාණවලින් සැදුම්ලත් නෙරා ගිය කන්දක්. භූ විද්‍යාත්මකව ශ්‍රී ලංකාව කියන්නේ වසර මිලියන ගණනක් පැරණි, ඉතාම ස්ථාවර මහාද්වීපික කැබැල්ලක්. ලංකාවේ භූමියෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සමන්විත වෙන්නේ පූර්ව කේම්බ්‍රීය යුගයට අයත් විපරීත පාෂාණවලින්.

    භූ විද්‍යාඥයන් විසින් මේ මුළු පාෂාණ පද්ධතිය ප්‍රධාන ස්තර හෝ කලාප 4කට බෙදනවා. ඉන් "විජයන් සංකීර්ණය" (Vijayan Complex) කියන්නෙ ඉන් නැගෙනහිර සහ ගිනිකොණදිග ලංකාව පුරා විහිදී පවතින ප්‍රධානතම භූ විද්‍යාත්මක කලාපයයි. රිටිගල කන්ද පිහිටා තිබෙන්නේ මේ විජයන් සංකීර්ණය සහ මධ්‍යම කඳුකරය අයත් හයිලන්ඩ් සංකීර්ණය එකිනෙක හමුවන සීමාව ආසන්නයේයි.

    කොහොම නමුත්, මේ අද්භූත පරිසරය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ රිටිගල කන්දේ උසයි. මුහුදු මට්ටමේ සිට මීටර් 760කට ආසන්න උසකට නැගී සිටින මේ කන්දේ මුදුන, අවට තැනිතලාවට වඩා සැලකිය යුතු විදියට සිසිල් වෙනවා. නිරිතදිග මෝසම ක්‍රියාත්මක වන සමයේදී අවට ප්‍රදේශ වියළිව තිබුණත්, රිටිගල කන්දේ මුදුන බොහෝවිට මීදුමෙන් වැසී පවතිනවා. මේ මීදුම ගස්වල කොළ මත ඝනීභවනය වී ජලය බවට පත්වන අතර, ඒ මගින් ක්ෂුද්‍ර තෙත් පරිසරයක් නිර්මාණය වෙනවා.

    නමුත් රිටිගල සැබෑ රහස සැඟවිලා තියෙන්නේ එහි ශාක සහ සත්ව ප්‍රජාව තුළයි. රිටිගල ඉහළ ප්‍රදේශවල ජීවත් වෙන සමහර ශාක, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ හෝ කඳුකරයේ දක්නට ලැබෙන විශේෂයන්ට සමීප සම්බන්ධතාවයක් පෙන්වනවා. UNESCO වාර්තාවේ සඳහන් වන්නේ මේවා "wet-zone affiliated taxa" විදියටයි. ඒ කියන්නෙ, අද වියළි කලාපය මැද ජීවත් වුවත්, ඒවායේ පරිණාමීය ඉතිහාසය තෙත් පරිසරයන් සමඟ බැඳී තිබෙනවා.

    මේ නිසාම සමහර ජීව භූගෝල විද්‍යාඥයන් යෝජනා කරන්නේ රිටිගල අතීතයේ වඩාත් තෙත් ශ්‍රී ලංකාවක ඉතිරිවූ කොටසක් වෙන්න පුලුවන් බවයි. වසර දහස් ගණනක් පුරා දේශගුණය වියළි වෙද්දී, පහත් බිම්වල තිබුනු සමහර තෙත් කලාපීය ශාක අතුරුදන් වුනා. නමුත් රිටිගල වගේ උස සහ තෙතමනය රඳවාගත් ස්ථානවල ඒවා දිගටම ජීවත් වුනා. මේ නිසා විද්‍යාඥයන් රිටිගල හඳුන්වන්නේ "Climate Refugium" හෙවත් දේශගුණික සරණාගතාගාරයක් ලෙසයි.

    රිටිගල ගැන ලියද්දී රාමායණ ජනප්‍රවාදය මඟහරින්න බෑ. ජනප්‍රවාදයේ කියවෙන්නේ ලක්ෂ්මන කුමරුට ප්‍රතිකාර කිරීමට හිමාලයෙන් ඖෂධ පර්වතයක් රැගෙන ආ හනුමාන් අතින් ඉන් ගිලිහී ගිය කොටස් ලංකාවේ ස්ථාන පහකට වැටුන බවයි. ඒ, රූමස්සල, යාපනයේ කීරිමලෙයි, මන්නාරමේ තල්අඩි සහ පුත්තලම අසල දොළුවකන්ද සහ රිටිගල බවයි. හිමාලයේ ඇති ඖෂධීය ශාක මෙහි ඇති බව ජනතාව විශ්වාස කරනවා.

    මේකෙ විද්‍යාත්මක සම්බන්ධය ගත්තම, හිමාලයට ආවේණික ශාක මේකෙ නැතත්, රිටිගලේ ඇති සුවිශේෂී වෘක්ෂලතා සහ දුර්ලභ ඖෂධීය ශාක නිසාම, එවැනි ජනප්‍රවාද බිහිවීමට මේ පරිසරය බලපාන්නට ඇති බව සමහර පර්යේෂකයන් යෝජනා කරනවා.

    ශ්‍රී ලංකාවේ දේශගුණය අද අපි දකින විදියට හැමදාමත් තිබුණේ නෑ. හෝර්ටන් තැන්නෙන්, කඳුකර වගුරුබිම්වලින් සහ වෙනත් පුරා-දේශගුණික අධ්‍යයනවලින් හෙළිවෙන්නේ පසුගිය වසර 24,000 තුළ ශ්‍රී ලංකාව විශාල දේශගුණික උච්චාවචනයන්ට මුහුණ දී ඇති බවයි. සමහර කාලවල දේශගුණය අදට වඩා වියළි වුණා. තවත් කාලවල මෝසම් වර්ෂාපතනය වැඩිවීම නිසා වනාන්තර ව්‍යාප්ත වුණා.

    විශේෂයෙන්ම වසර 10,000ත් 6,000ත් අතර හොලෝසීන යුගයේ මුල් හා මධ්‍ය අවධියේදී ඉන්දියානු මෝසම් පද්ධතිය අදට වඩා ශක්තිමත් වූ බවට දකුණු ආසියාව පුරාම සාක්ෂි හමුවෙනවා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශවල තෙතමනය අදට වඩා වැඩි වී තිබෙන්න ඇති බවට විද්‍යාඥයන් යෝජනා කරනවා.

    මේ සාක්ෂි පෙන්වා දෙන්නේ පසුගිය වසර 24,000 තුළ ශ්‍රී ලංකාවේ මෝසම් රටාවන් සහ වනාන්තර ව්‍යාප්තිය විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි. සමහර කාලවල තෙත් පරිසරයන් වඩාත් පුළුල්ව පැතිරී තිබෙන්නට ඇති අතර, පසුව වියළි තත්ත්වයන් වර්ධනය වීමත් සමඟ ඒවා කුඩා "සරණාගතාගාර" ප්‍රදේශවලට පමණක් සීමා වෙලා තියෙන්න පුළුවන්.

    ඒ නිසා රිටිගල කියන්නේ හුදෙක් පුරාණ නටබුන් තියෙන කන්දක් ම නෙවෙයි. ඒක ශ්‍රී ලංකාවේ අතීත දේශගුණය, පරිණාමය සහ ජීව විවිධත්වය එකට කියවන ස්වභාවික කෞතුකාගාරයක්. වියළි කලාපයේ මැද තෙත් වනාන්තරයක් ජීවත් වන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර සොයන විට, අපි අවසානයේ ළඟා වන්නේ වසර දහස් ගණනක් පැරණි ශ්‍රී ලංකාවක් වෙතයි. රිටිගලේ මීදුම අතර සැඟවී ඇත්තේ, අද නොපවතින ඒ පැරණි ශ්‍රී ලංකාවේ අවසන් හුස්මක් වෙන්න පුලුවන්.

    ප්‍රධාන විද්‍යාත්මක මූලාශ්‍ර
    Premathilake & Risberg (2003)
    Late Quaternary Climate History of the Horton Plains, Central Sri Lanka.

    Premathilake (2006)
    Relationship of Environmental Changes in Central Sri Lanka to Possible Prehistoric Land Use and Climate Change.

    UNESCO Tentative World Heritage Nomination (2025)
    Ritigala Archaeological and Natural Heritage Site.

    ✍️ Timeline Tales ©
     
    dillido

    Junior member
  • Sep 17, 2025
    73
    92
    18
    මේ ආසන්නයේ නවතින්න තැනක් නැද්ද?
    කිට්ටුම ගම ගලපිටගල එතන ඉදලා 7 km දුරක් තනි කැලේ රිටිගල ට යනකම්ම.. ඒ ගමෙන් නවතින්න තැනක් හොයාගන්න පුළුවන් ඇති දැන්නම්.. හැබැයි හොද් සුවපහසු විධියට හොයනවනම් හබරණ ටවුන් එකේ කිට්ටුවෙන් බලන්න..

    හනුම රූස්සගල කන්ද අරන් එන කොට වැටුන කෑල්ලක් කියනව නෙ!
    හරිම අත්භූත කන්දක්.. වියළි කලාපයේ වටපිටාවේ පට්ට රස්නේ ඒත් කදු මුදුන් මීදුමෙන් වැහිලා යනවා..
    ------ Post added on Jun 29, 2026 at 7:51 AM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,323
    1,163
    113

    patta neda
     
    • Like
    Reactions: reuse and NRTG