උඹල බුදුදහම ගැන දන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ. ඕකත් හරියටම කතෝලික ආගමේ ජන්ම පාපය වගේ සීන් එකක්. ඇත්තම කිව්වොත් ඒ දෙක මැච් වෙනවා. උඹට තාත්තා නිකමා කියල බැන්නාම නංගි පල් එකට හිනාවුනාම උඹට ඇතිවෙන හිතේ අමාරුව කියන්නේ බුදුදහමේ දුක නෙවේ, එයින් කොටසක්. දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. එක චතුරාර්ය සත්‍යයේ අංගයක්. කතෝලික ආගමේ අපි උපදින්නේ ජන්ම පාපය එක්ක. බුදුදහමේත් එහෙමයි ඉපදෙන හැමෝම දුක්ඛ සත්‍යය අත්විඳිනවා. උඹ ජීවිතේ එදිනෙදා විඳින සතුට, දුක මේ හැම දෙයක්ම එකට අයිතියි. සංසාරය පවතින්නේ දුක්ඛ සත්‍යය නිසා.