භෞත චිකිත්සක ඝාතනය
'මිනිය ඉස්පිරිතාලෙ ලඟ දාන්න කියල උපදෙස් දුන්නේ ඔි.අයි. සී’
භෞත චිකිත්සක වරියගේ ඝාතකයා පොලිසියේ දී කියයි.
‘මචං.. මට පොඩි උදව්වක් ඔින. මගේ යාලුවෙක් කෙල්ලත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා. සිද්ධියක් වුණා. මම කෙල්ලගෙ බොඩි එක අරං ආව. උඹට පුලුවන් ද ඒක ඩිස්ට්‍රෝයි කරල දෙන්න’
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ කුණු ලොරියේ රියැදුරු වූ ජාලිය සමරසිංහට (49) දුරකතන ඇමතුමක් දෙමින් මෙලෙස පවසන්නේ ශ්‍රියාන් ජයසුන්දරය. එනම් අම්පාර රෝහලේ භෞත චිකිත්සක වරියක ලෙස සේවය කළ ශ්‍යාමා දර්ශනී ඝාතනය කළ පෙම්වතාය.
ශ්‍රියාන් ඉන් අදහස් කළේ කුණ්ඩසාලේ සුසාන භූමියේ මිනී පුච්චන උඳුනට දමා ඇයගේ දේහය පුලුස්සා සියල්ල අවසන් කර දෑත් පිස දමා ගැනීමය. නමුත් ඒ යෝජනාව සාර්ථක වූයේ නැත. මේ සිද්ධිය ගැන කල්පනා කළ ජාලිය, කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතන්නේ සිය හොඳම මිතුරකු වන කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ආරියවංශගෙනි.
ඔහු කියන්නේ දේහය තෙල්දෙණිය රෝහලට බාර දෙන ලෙසය.
නුවර එලිය නිවාස සංකීර්ණයේ දී භෞත චිකිත්සක වරිය ඝාතනය කරන්නේ පෙර දින එනම් ජුනි මස 16 වැනි දා රාත්‍රියේය. ඝාතකයා සිරුර පිටතට ගෙන විත් මෝටර් රථයේ ඉදිරිපස අසූනේ ඉන්දවා කාමරයේ තිබුණ ඇයගේ සියලුම බඩු භාණ්ඩ ද රැගෙන විත් මෝටර් රථයට දමා ගන්නේය. ඉන් පසු ටික වෙලාවක් මෝටර් රථයටම වී සිටින මොහු පාන්දර 12.30ට පමණ පිටත් වී කෙලින්ම එන්නේ බිරිය හා දරුවන් සිටින කුණඩසාලේ නිවාස සංකීර්ණයටය. ඒ සිව් දෙනා ද මෝටර් රථයේ පිටුපසට නංවා ගන්නා ඔහු ඊළඟට යන්නේ ජාලියගේ නිවෙසටය. බිරිය හා දරු තිදෙනා එහි බස්සවා ශ්‍රියාන් මෝටර් රථය රැගෙන තෙල්දෙණිය රෝහල බලා පිටත් වන අතර ජාලිය සිය යතුරු පැදියෙන් ඔහු පසුපසින් ගමන් කරයි.
මෝටර් රථය රෝහල් රථ ගාලේ දමා ශ්‍රියාන් බසයකට නැඟ ගනී. ටික දුරක් ගොස් ඉන් බැස ජාලියගේ යතුරු පැදියට ගොඩ වේ. දෙදෙනාම ජාලියගේ නිවෙසට පැමිණේ. දින තුනකට ආසන්න කාලයක් එහි ගතකරන ශ්‍රියාන්, බිරිය හා දරුවන් සමඟ පිටත් වන්නේ 20 වැනි දා එලිවන්නටය.
මේ කාලයේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා 05 වතාවක් මොවුන් හමු වී තිබිණි. ඒ ජාලියගේ නිවෙසේ දී. ජාලියගේ මහ ගෙදර දී හා මඟ තොටදීය. මේ හමුවීම් වල දී ප්‍රවාහන පහසුකම් සපයා තිබුණේ ජාලිය සිය මෝටර් රථයෙනි. මෙසේ ආ ගිය අවස්ථාවක දී ජාලිය සිය වියදමින් පොලිස් නිලධාරියාට කිරි හට්ටියක් හා පැණි බෝතලයක් ද ලබා දී තිබිණි.
මේ තොරතුරු හෙළි වුණේ යාපනයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රියාන් හා ඔහුගේ බිරිය, නුවරඑලිය මූලස්ථාන පොලිසියට බාර දීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් වල දීය.
ඔහු ගේ මේ හෙළි දරව්වත් සමඟ කුණු ලොරියේ රියැදුරාත් පොලිස් නිලධාරියාත් අත්අඩංගුවට ගැනිණි.
සැකකාර ශ්‍රියාන් දිගින් දිගටම පවසා තිබුණේ තමන් ඇය ඝාතනය නොකළ බවත් තමන් ඇයගේ කාමරයට යන විට ඇය ඇඳ ඇතිරිල්ලෙන් ගෙළ වැළලාගෙන සිටි බවත් එම ඇතිරිල්ලේ රුධිරය තැවරී තිබුණ බවත් තමන් ඇය ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමට උත්සාහ කළ බවත්ය.
ඔහු එලෙස පැවසුවත් මෝටර් රථයේ තිබී හමුවූ ඇඳ ඇතිරිල්ලෙන් ගෙල වැලලා ගැනීමක් කළ බව පැහැදිලි වන කිසිම සාධකයක් තිබී නැත.එනම් එය පොඩි වී ඇඹරුණ බවක් හෝ රුධිර සලකුණු හෝ තිබී නැත.
‘ඇත්තටම මම එයාව හොස්පිට්ල් එකට දාන්න ගියේ. ඒත් හොස්පිට්ල් එකේ ගේට්ටුව ළඟ පොලිසියේ කට්ටියක් හිටියා. මට බය හිතුන නිසයි කාර් පාක් එකේ දාල ආවෙ’
ඇයගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පස්චාත් මරණ පරීක්ෂණයේ කෙටි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන් වන්නේ තන්තුවකින් ගෙළ සිර කිරීමෙන් මරණය සිදු වි ඇති බවත් ඊට පෙර පොරකෑ බව සනාථවන සලකුණු සිරුරේ තිබෙන බවත්ය.
මෙම පුද්ගලයා සිය අනියම් බිරිය වන මෙත්මි අමායා රත්නායක හා දරු තිදෙනා සමඟ කුණඩසාලේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පදිංචිව තිබුණේ මීට වසර දෙකකට පෙරය. ඒ මාසයකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක කුලියකටය.
මේ සුඛෝපභෝගී නිවෙසේ කුස්සියේ කෑම පිසීමක් සිදු වූයේ නැත. වේල් තුනටම රසවත් ආහාර වර්ග නිවෙසටම ගෙන්වා ගැනීමට තරම් ඔහු පොහොසතෙක් විය. ඒ කෑම අතර පීසා වැනි මිල අධික අහාර නිතරම ගෙන්වා ගෙන තිබිණි.
මොහු මෙලෙස අත පය දිග හැර වියදම් කළේ රටේ නොයෙක් පළාත් වල සැරි සරිසරමින් කාන්තාවන් රවට්ටා ගන්න මුදල්ය. මොහු පාවිච්චි කළ මෝටර් රථය අම්පාරේ කාන්තාවගේ නමට මිල දී ගෙන තිබුණේ මොහුගේ මුදලිනි. එහි වටිනා කම රුපියල් ලක්ෂ 92කි.
කුණු ලොරියේ රියැදුරා හා මොහු අතර කාලයක සිට හිතවත් කමක් පවතින අතර ඔහු වෙනුවෙන්ද මොහු අත දිග හැර මුදල් වියදම් කර තිබිණි. ජාලියට නිතරම වටිනා මත් වතුර බෝතල් දෙන අතර වරක් මැයි පෙලපාලියකට යෑමට වෙනුවෙන් මත් වතුර බෝතල් 09ක් ලබා දී තිබිණි.
ජාලිය ද හොඳ සල්ලි කාරයෙකි. කුණු ලොරියේ රියැදුරු නමුත් මොහුට මෝටර් රථයක් හා යතුරු පැදියක් ද ඇත. ඒ කුණු ඇදීම වෙනුවෙන් මොහු හෝටල් වෙළෙඳසල් ඇතුලු ආයතන වලින් මුදල් ලබා ගැනීම නිසාය. තමන්ගේ නිවෙසේ හෝ වෙළෙඳ සලේ කණු සියල්ලම ඉවත් කරවා ගැනීමට නම් කුණු ලොරියේ රියැදුරු අතුලු කල්ලියට කප්පම් දිය යුතුය. ජාලිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු පවසා තිබුණේ හෝටලයකින් රුපියල් හතලිස් දහසක් ලැබීමට නියමිත බවත් එය රැගෙන ඒමට අවසර දෙන ලෙසත්ය.
ඒ කෙසේ වෙතත් බිරිය ජපන් යැවීමට හැකි බව කියා ශ්‍රියාන්, ජාලිය ගේ රුපියල් ලක්ෂ 05ක් ද වංචා කර තිබිණි. ඝාතනයෙන් පසු ශ්‍රියාන් රුපියල් පනස් දහසක් වියදම් කර අළුතින් ජංගම දුරකතනයක් හා සිම් පතක් ගෙන තිබුණේ ජාලිය ගේ පුතාගේ නමටය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ආරියවංශ පවුලෙන් නෙරපා හැරිය අයෙකි. ඔහුගේ බාල සහෝදරයකු ඉහළ පොලිස් නිලධාරියකු බව කියමින් මොහු පාරම් බෑවත් ඒ නිලධාරියා මොහු සහෝදර කමින් පවා ඉවත් කොට බොහෝ කල්ය.
මනුෂ්‍ය ඝාතනයක් බව දැනම දැනම මේ පොලිස් නිලධාරියා ඊට ආධාර අනුබල දී තිබුණේ කුමන පදනමකින් ද යන්න තවමත් හෙළි වී නැත. ඝාතකයා කුණ්ඩසාලේ සිටි දින කිහිපයේ දී මේ පොලිස් නිලධාරියා ඔහුගෙන් රුපියල් දස දහසක් ඉල්ලාගෙන එය ආපසු දුන් බවත් පසුව කිරි හට්ටියක් හා පැණි බෝතලයක් ලබා ගත් බවත් කියයි.
ඒ අනුව ශ්‍යාමා ඝාතන සිද්ධියට පුද්ගලයන් 04 දෙනකු සම්බන්ධය. පළමු සැකකරු ශ්‍රියාන්ය. දෙවැන්නා බිරිය වන නෙත්මි අමායා වන අතර තුන් වැන්නා කුණු ලොරියේ රියැදුරුය. සිව් වැන්නා පොලිස් නිලධාරියාය.
මේ සිව් දෙනාගෙන් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ අතර ඉතිරි තිදෙනා සඳහා දින තුනක රැදවුම් නියෝග ලබා ගෙන ඇත. නුවර එලිය කොට්ඨාසය බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාගේ උපදෙස් මත නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීවගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ප්‍රමුඛ කණ්ඩායමක් වැඩි දුර විමර්ශන වල නිරතව සිටී.