හැමෝම කුරුඳු රෙකමන්ඩ් කරලා තියෙන නිසා මේක කියන්නේ. උබව ඩිස්කරේජ් කරන්න නෙවෙයි. මීට අවුරුදු කීපෙකට කලින් මම කුරුඳු ඉඩමක් ගත්තා. මගේ අයියා කෙනෙකුත් ගත්තා. දකුණු පලාතේ පැති දෙකකින් ගත්තේ. ඉඩම අරං පැල නැති තැන් වල අලුත් පැල දාලා පොඩ්ඩක් කරගෙන ගියා. වත්ත ආරක්ශා කරන්න කියලා දෙයක් නෑ. හොරුන්ට පැනලා අරගෙන යන්න දෙයක් නෑනේ.
හැබැයි කපන්න ගියාම තමා කෙලිය. කුරුඳු තලන් උන් ඒක කරන්නේ කොන්ත්‍රාත් එකට. උන් කුරුඳු කපන්නේ 50%ක් උන්ට 50% අපිට කියන විදියට. උන්ට ඉතින් මඩුවක් එහෙම ගහලා දෙන්න ඕනේ. කන්න බොන්න දෙන්න දෙයක් නෑ. ඇවිල්ලා නැවතිලා ඉඳලා කපලා, තලලා, මිටි ගහලා දෙනවා. හැබැයි හරියට බලං ඉන්න ඕනේ මිටි ගහන ඒවා. නැත්තන් හොද ලොකු පොතු තියෙන මිටි ගන්නේ උන්. අපිට ලැබෙන්න ලොකු පොත්තක් ඇතුලට කැඩිච්ච පොතු දාලා බදින මිටි. ඒවාට ලොකු ගානක් ගන්න බෑ.
අනික කුරුඳු විකුණන එක. කුරුඳු එහෙම අපිට ඕනේ විදියට රට යවන්න බෑ. රට යවන උන් ඉන්නවා. උන්ට දෙන්න ඕනේ. උන් ගන්නේ උන්ගේ ගනන් වලට. උන්ව මග ඇරලා රට යවන්න හැදුවොත් ඊළඟ දවසෙම පාතාලෙ උන් ඇවිල්ලා අපිව කන්ටෑක් කරනවා. උන් කෙලින්ම කියනවා උන් අපිව මරන් නෑ, අපේ අතක් පයක් කපලා යනවා කියලා.
කුරුඳු අනිත් උන්ට විකුණන එකත් එහෙම තමා. උන් ගන්නේ උන්ගේ කලින් සප්ලයර් ගෙන්. එහෙම නැතුව අපි පැකට් කරලා විකුණන්න ට්‍රයි කරන එකත් ලොකු සාර්ථකත්වයක් නෑ. මම නම් ටිකක් ලොකු කම්පැණි එකක් සෙට් කරගෙන උන්ට බඩු දුන්නා.
මම නම් වැඩි කල් කලේ නෑ. සල්ලි අවශ්‍යයතාවෙකට ඉඩම විකුණලා දැම්මා. අපේ අයියා නම් දැන් ඉඩමේ පොඩි ටුවරිස්ට් හොටෙල් එකක් ගහලා තියෙන්නේ. කුරුඳු කැපෙන් නැති කාලෙටත් මිනිහට ආදායම් ලැබෙනවා.
උබට පාතාලේ කන්ටෑක්ට්ස් තියේ නම් හැප්පෙන්න බය නැත්තන් කුරුඳු වැඩෙන් ලාබයක් ගන්න පුළුවන්. එහෙම නැත්තන් ඉතින් දෙපාරක් හිතපන්. මොකද ලොකු ප්‍රෙශර් එකකට මූණ දෙන්න වෙනවා.